Ads 468x60px

.

උදේ පාන්දර පිටකොටුවට එන කෙනකුට පත්තරයක්‌ මිලට ගැනීමට ඉඩ තිබිය යුතුය..

එය තොරතුරු දැන ගැනීමට ඇති අයිතියේ කොටසකි...

පුවත්පත් නිදහසේ විකිණීමට ඉඩ දීම මාධ්‍ය නිදහසේ කොටසකි.

නගරයක්‌ වශයෙන් ගත් කල ඉතාම කාලකණ්‌ණි සහ බංකොලොත් තත්ත්වයක තිබූ කොළඹ නගරය ඉතා පියකරු නගරයක්‌ බවට පත්වී තිබේ. 

කැඩිච්ච පාරවල්, අලි බහින වළවල්, ආණ්‌ඩුවේ කන්තෝරු වටා ඉදිකර තිබූ හිරගෙදර තාප්පය තරම් උස තාප්ප අද කොළඹ නගරයේ නැත. 

මහ වැස්‌සක්‌ ඇදහැලුණ විට වෙනදා යටවන තරමට අද පාරවල් යට වෙන්නේද නැත. මේ රටේ වැසියෙක්‌ අවුරුදු 10 කට පසු මුල්වරට ජයවර්ධනපුර නගරයට යන අවස්‌ථාව අද එළැඹුණොත් ඔහු ජයවර්ධන පුරයේ මඳ දුරක්‌ ගොස්‌ ජයවර්ධනපුරයට යන පාර විමසනවා ඇත.

එයට හේතුව එම නගරය හඳුනාගත නොහැකි තරමට දියුණු වී තිබීමය. මේ මොහොතේදී නගර සංවර්ධනය අතින් මේ රට ආසියාවේ හොඳම නගර ඇති රට වන සිංගප්පූරුවට පවා දෙවැනි වන්නේ නැත. ඒ ගැන ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්තුමාට අපගේ ස්‌තුතිය හිමි වේ.

මේ කතාවේ ඉතිරි ටික එතරම් ප්‍රියදායක නැත. කොළඹ නගරයේ පුවත්පත් අලෙවිකරුවන් සියලුම දෙනාගේ පත්තර ලෑලි ඉවත් කිරීමට කොළඹ නගර සභාව තීරණය කළැයි අපට පෙරේදා (05 දා) දැනගන්නට ලැබිණ. කොළඹ නගරයේ හිඟා කෑම සහ පේමන්ට්‌ වෙළෙ
ඳාම යනාදිය දැන් තහනම් කර තිබේ. 

කොන්දොස්‌තරවරුන්ගේ මාටියා ගැහිල්ලෙන් දිනකට ලක්‍ෂ 50 ක්‌ අහිමි වෙනවා - වෙල්ගම කියයි.

ලංගමයට දැන් අවශ්‍ය වන්නෙ මාපිලන්...  

දැන් ඉන්නේ පොළොන්ගු...

මම මාපිලා කියලා කිව්වේ හොඳ නිලධාරියෙක්‌ට...

ඉස්‌සර මාපිලා එනවා කිව්වම ලංගමයම බයයි...

කාර්යශූර දැඩි පාලනයක්‌ නොමැතිව ලංකා ගමනාගමන මණ්‌ඩලයේ වංචාව හා දූෂණය වැළැක්‌විය නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසනවා.

වංචාව තුළින් ලංගමයට දෛනිකව 10% ක මුදලක්‌ අහිමි වන බවත් එය වැළැක්‌වීමට ලංගමයේ විශ්‍රාමලත්, අත්දැකීම්ලත් නිලධාරීන්ගෙන් නිරන්තරයෙන්ම තමා උපදෙස්‌ ලබාගන්නා බව ඇමැතිවරයා සඳහන් කළා.එය ලංගමයේ අනාගත අභිවෘද්ධියට ඉතා වැදගත් බවත් නුදුරු දිනකදීම නව බස්‌ රථ 200 ක්‌ ලංගමයට මිලදී ගන්නා බවත් ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවා.

හෙතෙම මේ බව පැවැසුවේ පානදුර ඩිපෝවේ වසර 37 ක්‌ සේවය කළ නන්දසේන ගමගේ මහතා විශ්‍රාම යාම හා ඒ මහතා විසින් රචිත ලංගම බස්‌ කොමළියට ගෞරවනීය උපහාර යන ග්‍රන්ථය ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට පිළිගැන්වීම සඳහා වූ උත්සව සභාවක්‌ අමතමිනි. පානදුර ශ්‍රී ලංගම ඩිපෝවේදී උත්සව සභාව පැවැතිණි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා "ශ්‍රී ලංගමයට දැන් අවශ්‍ය වන්නෙ මාපිලන්. දැනට ලංගමයේ ඉන්නේ පොළොන්ගු. ශ්‍රී ලංගමයේ ආදායම් වැඩිකර ගැනීමට මාපිලන් අත්‍යවශ්‍ය යුගයක්‌ මේක.

අයථා මූල්‍ය ගනුදෙනු නිසා මීරිගම ප්‍රා.සභා පාලනය වෙනස් කිරීමට යයි...!

කිරිබත්ගොඩ පොළ බදු දීම, හුණුපිටිය වෙළෙඳ සැල් ලබාදීම...- කැලණියට චෝදනා

මීරිගම ප්‍රාදේශීය සභාවට අයථා මූල්‍ය ගනුදෙනු...

කැලණිය සහ මීරිගම ප්‍රාදේශීය සභා විශේෂ කොමසාරිස්‌වරුන් යටතට පත්කිරීමට බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පියවර ගනිමින් සිටිනවා.

බස්‌නාහිර පළාත් ඇමැතිවරයා විසින් මේ සභා දෙකට එල්ලවී ඇති චෝදනා විමර්ශනයට විශ්‍රාමලත් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටු දෙකක්‌ පත්කර ඇතැයි බස්‌නාහිර පළාත් සභාවේ උසස්‌ නිලධාරියෙක්‌ ඊයේ (6 වැනිදා) පැවසුවා.

මේ වන විට එම ප්‍රාදේශීය සභා දෙකට එල්ලවී ඇති චෝදනා ගැසට්‌ කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, එම චෝදනාවන්ට ප්‍රාදේශීය සභා වැරදිකරුවන් වුවහොත් සභා අත්හිටුවා විශේෂ කොමසාරිස්‌වරුන් දෙදෙනකු යටතට පත්කෙරෙනු ඇති බවත් එම නිලධාරියා
පැවසුවා.

කිරිබත්ගොඩ පොළ බදු දීම, හුණුපිටිය වෙළෙඳ සැල් ලබාදීම ඇතුළු චෝදනා කිහිපයක්‌ කැලණිය ප්‍රාදේශීය සභාවට එල්ලවී ඇත. මීරිගම ප්‍රාදේශීය සභාවටද අයථා මූල්‍ය ගනුදෙනු ඇතුළු චෝදනා කිහිපයක්‌ එල්ලවී ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

S.B.ගේ සිංහල බෞද්ධයන්ගේ අඩු කඩන කතාවට හෙළ උරුමයෙන් පිළිතුරු දෙයි...

සිංහලයින්ගේ අඩු කඩන්න මින් පෙර කටයුතු කළේ කොටි ත‍්‍රස්තවාදීන්...

දැන් එම කටයුත්තට එස්.බී. සූදානම්...

බල්ලෝ බිරුවාට කදු පාත් නොවේ. මාලූවා නහින්නේ කට නිසා...

මුස්ලිම්වරුන්ට කරදර කරන සිංහල බෞද්ධයින්ගේ අඬු  කඩන බවට පසුගිය දිනක අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මහනුවර ප‍්‍රදේශයේ රැස්වීමක් අමතමින් තර්ජන ගර්ජන කළ ආකාරය දැඩි ලෙස හෙළා දකින බව ජාතික හෙළ උරුමය පවසනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සදහන් වන්නේ රජයේ වගකිව යුතු ඇමතිවරයෙකුගේ ප‍්‍රකාශයක් වුවද සිංහල බෞද්ධයන් එය එතරම් නොතැකුවේ ඔහුගේ දේශපාලනය හා සිංහල විරෝධය කොයි කවුරුත් දන්නා බැවින් යනුවෙනි.

නිවේදනයේ මෙසේද සදහන් වේ.

‘සිංහල බෞද්ධයින්ගේ අඩු කඩන්න මරා දමන්න විනාශ කරන්න මින් පෙර කටයුතු කළේ කොටි ත‍්‍රස්තවාදීන්ය. දැන් එම කටයුත්තට එස්.බී. සූදානම් බව ප‍්‍රකාශ කර ඇත. සිංහලයින්ගේ අනුකම්පාව හා සහජීවනය දඩමීමා කරගෙන සිංහල බෞද්ධයින්ට ගරහන පිරිසක් බිහිවී තිබෙනවා. සිංහලයින්ගේ අවිහිංසාව නිවටකමක් යැයි ඇතැමෙක් සිතනවා ඇත.

ව්‍යාජ මනෝවිද්‍යාඥගෙන් ඒ එස් පී ලියනගේට පුන්නක්කු බාල්දියක්...

දේශමාන්‍ය ආචාර්ය ඒ. එස්. පී. ලියනගේ යනු ඉඩම් කට්ටි කර විකුණන ව්‍යාපාරිකයෙකි.ඔහු උසස් පෙළ දක්වා යන්තම් ඉගෙනුමක් ලැබ කාලයක් පන්සල්වල සාමාන්‍ය පෙළ ගණිතය ටියුෂන් පන්ති පැවැත්වූ අයෙකි. නමුත් ඉඩම් බිස්නස් කිරීමේන් ඔහු  ධනය උපයාගත්තේ තම ව්‍යාපාරික දැණුම යොදාගනිමින් ය. 

ඒ ගැන කිසි අවුලක් නැත. නමුත් ධනවත් වන විට බොහෝ සල්ලි කාරයන්ට උසස් අධ්‍යාපනයක් නොමැති හීනමානය දැනේ. ඒ නිසා බොහෝ දෙනෙකු වෙබ් අඩවි වල ඇති බොරු විශ්ව විද්‍යාල වලින් ආචාර්ය උපාධි මිලට ගනිති. 

කලකට ඉහතදී වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් සහ වෛද්‍ය ඇන්ටන් ජයසුරියද ආචාර ධර්ම කඩ කරමින් මෙසේ ආචාර්ය උපාධි අධ්‍යාපනයක් නොමැති නිසා හීනමානයෙන් පෙලන සල්ලිකාරයන්ට දේශපාලකයන්ට  විකිණීම කළහ. 

ආදරය කරන්නෙ විවාහ වෙන්නමද..? රස රිසි ගී හී තනූජා අසයි.

එයින් ලබන ආත්ම තෘප්තිය හරිම ඉහළයි...

දෙන්නෙක් එකට ජීවත්වීම පහසු දෙයක් නොවෙයි...

අම්මා තාත්තා ඇයට කියන්නෙ චූටි දූ කියලයි. ඇයගේ එකම අක්කා ඇයට කියන්නේ චූටි කියලයි. හැබැයි ඇයගේ යාළුවො නම් ඇයට කියන්නේ ”තනූ” කියලයි. මේ තනු හෙවත් තනූජා ලංකාංගනි ජයවර්ධන රූපවාහිනී නරඹන ඔබට අමුත්තියක් නෙවෙයි. 

රස රිසි ගී සමග වසර 14ක් පුරාවට ආලින්දයට එන ඇය, විටෙක ප‍්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම වෙනත් වැඩසටහන් ඔස්සේද හමුවන්නීය. මේ සියල්ලට අමතරව අද ඇය සිරස ටී.වී. සතියේ දින පහ සඳහා කළමනාකාරවරිය ලෙස ද කටයුතු කරන්නීය. මේ සියල්ලට සාපේක්ෂව තනූජා අප සමග එක් වූ අවස්ථාවකි මේ.

තනූජා අද දවසේ ගෙවන ජීවිතය කොහොමද?
ඉතාමත් සතුටින් නිදහස්ව ගෙවනවා.