Ads 468x60px

.

මගේ දරුවට කුකුළෙක්ට වගේ තැලුවා - ස්කෑන් යන්ත්‍රයේ දෝෂයෙන් මියගිය සිඟිතියගේ මව කියයි

එක පාරටම ලොකු සද්දයක් ආවා...

වෛද්‍යවරිය කෑගැහුවා..අනේ බබාගෙ බෑග් එක පිපුරුවා... 

කවුරු හරි එන්න මට උදවු කරන්න...

කොළඹ පෞද්ගලික රෝහලකදී එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුකොට ගෙන මියගිය බුද්ධිනී කෞෂල්‍යා (05) නැමැති සිඟිති දැරියගේ මව එදින රෝහලේ සිදුවූ දෑ සියැසින් දුටුවාය. 

මේ ඇය දැක්වූ අදහස්. “ බබාට පොඩි උණ ගතියක් ආවා. ඉතින් මම 31 වෙනිදා උදේ දුව හොස්පිට්ල් එකට ඇතුල් කළා. ඩොක්ටර් කීවා, ඊ.සී.ජී. ‍රිපෝට් එකකුයි, එම්.ආර්.අයි. ස්කෑන් එකකුයි ගන්න ඕන කියල. මුලින් ඊ.සී.ජී රිපෝට් එක ගත්තා. එම්.ආර්.අයි. 

එක ගන්න නියම වෙලා තිබුණේ පළමුවෙනිදා හවස. ඒක ගන්න මම දුව අරං ගියේ තවත් ඇටෙන්ඩන් කෙනෙක් එක්ක. එතන හිටියේ වෛද්‍යවරියක්. එයා දුවගේ උණ බැලුවා. උණ තිබුණේ නෑ. බබාගේ විස්තර සේරම අහලා බබාව ඇ‍‍ඳෙන් තියලා, මම ඉන්න තැනම බබාව සිහි නැති කරලා ඔක්ෂිජන් සප්ලයි ගහලා එයා කීවා, බබා දැන් රෙඩි කරලයි ඉන්නේ. අම්මා ගිහිං වාඩි වෙලා ඉන්න කියල. 

පානදුර, බොල්ගොඩ ගඟේ, ගිලී මියගිය ජපුර සිසුවාගේ මරණය අභිරහසක්‌ලු...

කොහොම වුණත් පුතාගේ මරණය ගැන අපිට ප්‍රශ්නයක්‌ තිබෙනවා... 

මොකද පුතා ජයවර්ධනපුර කැම්පස්‌ එකේ ඉඳලා පානදුර යන්න හේතුව දන්නේ නැහැ...

අනේ අපේ එකම රත්තරං පුතාට වෙච්ච දෙයක්‌. අපි දන්න තරමින් පුතාට කිසිදු ආදර සම්බන්ධයක්‌ තිබුණේ නැහැ. 

ඒ වගේම ඔහු සියදිවි නසාගන්න තරම් ප්‍රශ්නයක්‌ තිබුණෙත් නැහැ. කොහොම වුණත් අපේ රත්තරං දරුවාගේ මරණය ගැටලු සහගතයි.

යෑයි පානදුර, බොල්ගොඩ ගඟේ, අභිරහස්‌ අන්දමින් මියගොස්‌ සිටියදී හමු වූ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ සිසුවාගේ පියා වන මහවිටගේ ගුණරත්න මහතා දැඩි කම්පනයෙන් යුතුව පැවසුවා.

මෙම අවාසනාවන්ත සිද්ධිය සැලවීමත් සමග අප එම විශ්වවිද්‍යාල සිසුවාගේ නිවසට ( 06 දා) ගිය අවස්‌ථාවේ ගුණරත්න මහතා එසේ කියා සිටියේය. සිද්ධියෙන් මුළු කහවත්තම කම්පාවට පත් වී සිටිනවා. නිවසට යන විටත් සිද්ධිය සැලවී ප්‍රදේශවාසීහු එම නිවසට පැමිණ සිටිනු දැක ගන්නට ලැබුනා.

මෙලෙස අභිරහස්‌ අන්දමින් මියගොස්‌ තිබුණේ කහවත්ත, යායින්, අංක 84 දරන නිවසේ පදිංචිව සිටි මහවිටගේ ලලිත් ගුණරත්න නැමැති 26 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවෙකි. ලලිත් සිසුවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටියේය.

ලලිත් සිසුවාගේ කහවත්තේ පිහිටි නිවස බ්ලොක්‌ ගල්වලින් පමණක්‌ බැඳ තිබූ කුඩා නිවසක්‌ විය. මෙහිදී අපට හමු වූ ලලිත් සිසුවාගේ මව වන එච්. ඒ. හීන් මැණිකේ මහත්මිය හැඬූ කඳුලින් මෙසේ පැවසූවා.

"ඇස්‌ දෙක වගේ තමයි අපි මේ දරුවා හදා ගත්තේ. කවදාවත් මගේ දරුවා අපි දෙන්නට වදයක්‌ වෙලා නැහැ. පුතා හරිම නිහඬ චරිතයක්‌. පාසල් යන කාලයේ පුතා පාසල් විෂයන් හැම එකකටම දක්‌ෂයි.

ගැන්ග්නම් ගාසා ස්ටයිල් (Video)

ධනවත් ජනයාට සරදම් කිරීමක්.

නිර්මාණශීලී පලස්තීනුවන් කණ්ඩායමකට තමන් එදිනෙදා මුහුණ දෙන අපහසුතාවයන් පෙන්වීමට අවශ්‍ය වූයේ ජංගම දුරකථනයක්, උපහාසාත්මක දැක්මක් සහ අන්තර්ජාල සම්බන්ධතාවයක් පමණි.

පලස්තීන කණ්ඩායමක් දකුණු කොරියානු ගැන්ග්නම් ස්ටයිල් ගීතයේ හාස්‍යජනක අනුවාදයක් නිර්මාණය කර ඇත්තේ ‘ගැන්ග්නම් ගාසා ස්ටයිල්’ යනුවෙනි. මෙම වීඩියෝවේ වැඩිහිටියන් පස් දෙනෙක් සහ ලමයෙක් එකම ආකාරයේ ඇඳුම් වලින් සැරසී නර්තනයක් ඉදිරිපත් කරන අතර කලාපයේ ඇති ප‍්‍රශ්නද ඉස්මතු කර තිබෙනවා.

එක් ගායකයකුගේ පිටේ ‘විරැකියාව’ යන්න ඉංග‍්‍රීසි සහ අරාබි භාෂා වලින් ලියා ඇත. අතරමගදී කණ්ඩායමේ වාහනය ඉන්ධන නැතිව නතර වී තල්ලූ කරන්නට සිදුවෙයි. ඒ අතරතුර ඔවුන් ගැන්ග්නම් නර්තනයක් ඉදිරිපත් කරනවා.

ෆේස්බුක් තාවකාලිකව අක්‍රීය කිරීමේ කරුණක් සම්බන්ධයෙන්...

පියා සහ දියණි අතර ෆේස්බුක් නොබලන ගිවිසුමක්...

ෆේස්බුක් යනු මෙකල තරුණ පරම්පරාව අතර ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියකි. බොහො ප්‍රයෝජන පැවැතියද ඇතැම් තරුණ තරුණියන් ෆේස්බුක් වෙතම ඇබ්බැහි වී සිටීම නිසා වැඩිහිටියන්ගේ අනුමැතිය නම් මේ කෙරෙහි වැඩිපුර නොලැබේ.

පෝල් ඛෙයර් සිය දියණිය වන රේචල් (14) ෆේස්බුක් සිය ‘ජීවිතය‘ කරගෙන සිටිනු දැකීම නොරිස්සීය. ඇය  මෙයින් මුදා ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටිනා අතර ඇය ෆේස්බුක් වෙත සමුදෙන්නේ නම් ඇයට සැළකිය යුතු කරමේ මුදලක් පිරිනමන්නෙමියි යන අදහස පෝල්ට පහළ වේ.

ඒ අනුව ක්‍රියාත්මක වන ඔහු මේ ගැන රේචල්ගෙන් විමසූ විට පුදුමයකට මෙන් ඇයගේ අනුමැතියද හිමිවේ. මේ අනුව පැහැදිලිවනුයේ දෙදෙනා අතර ‘අවබෝධතා‘ ගිවිසුමක් ඇති බවයි.