Ads 468x60px

.

කෙල්ලගෙ අත කාලා...අචලා පරීක්‍ෂා කළ වෛද්‍ය වරුන් කියයි....

අචලා බලන්න අම්මාත් එයි...

ඇත්තටම අචලාගේ අතට මොකද වුණේ?

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා සිය වම් අත අහිමි වූ නීති ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනීගේ මව ලෙබනනයේ සිට ඊයේ පස්වරුවේ මෙරටට පැමිණි අතර, ඇය ඊයේ සවසම සිය දියණිය බැහැදැකීමට කොළඹ ජාතික රෝහලට පැමිණියා.

එම අවස්ථාවේ ඇගේ ඥාතීන් සහ නීති විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු පැමිණ සිටියා.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්‌ වන අචලා ප්‍රියදර්ශනී වෙත මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. එසේ වී ඇත්තේ 'රියෑලිටි ස්‌ටාර්' කෙනෙක්‌ වීම වත් දේශපාලන කරණමක්‌ ගැසීමටවත් සූදානම් වන කෙනකු නිසා නොවේ. 

සිය වම් අතේ ඇති වූ අස්‌ථි බිඳීමකට ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් වූ පසු සිදුකළ වෛද්‍ය ප්‍රතිකාරවල වරදකින් ඇයට ඇගේ වම් අත අහිමි වීම නිසාය.

සාමාන්‍ය ව්‍යවහාරයේදී අප පවසන්නේ වෛද්‍යවරයකුගේ අතින් සිදුවන අත්වැරදීමකින් රෝගියා අඩි හයක්‌ පොළව යටට යන බවත් විනිසුරුවරයකුගේ අත් වැරදීමකින් සැකකරුවකු අඩි හයක්‌ පොළවෙන් ඉහළට යන බවත්ය. 

එනම් වෛද්‍යවරයා අතින් සිදුවන වරද නිසා රෝගියා මිය යැමත්, විනිසුරුවරයාගේ වරද නිසා සැකකරු එල්ලුම් ගසට නියම වීමත්ය.