Ads 468x60px

.

ස්ත්‍රී දුෂණය කියන්නේ වරදක් හෝ අපරාධයක් නෙමෙයි.ඒක පුදුම ලිංගික එක්වීමක්-සනී ලියොන්

ස්ත්‍රී දූෂණය ගැන ඒ මෝඩ අදහස කවුරු දැම්මද කියලා මම නම් දන්නේ නෑ… 

මම ඒ වගේ කතාවක් කවදාවත්ම කියලා නෑ... වැඩේ වණ කරගත්ත සනී අන්තිමට කියලා...

කැනේඩියානු පෝන් ස්ටාර් කෙනෙක් විදිහට ඉන්න සනී ලියොන්ව නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඒ තරමට ප්‍රසිද්ධ වුණ සනී මෙදා සැරේ නියම වදනක් දාලා තියෙනවා ට්විටර් එකේ. හැබැයි ඉතින් දැන් ගිහින් හෙව්වටනම් හම්බවෙන්නේ නෑ. 

මොකද ඒකට හම්බවුණ හොඳ හොඳ ප්‍රතිචාර නිසාම සනී එයාගේ වදන ට්විටර් එකෙන් අයින් කරලා.හැමෝම කල්පනා කරනවා ඇති සනී ඉල්ලන් කාපු මේ වදන මොකක්ද කියලා.

“ස්ත්‍රී දුෂණය කියන්නේ වරදක් හෝ අපරාධයක් නෙමෙයි. ඒක පුදුම සහගත ලිංගික ක්‍රියාවලියක්” කියන වදන තමයි සනී මේ විදිහට ට්විටර් වෙබ් අඩවියේ දාලා තිබුණේ.

මේක දැකපු සනීගේ රසිකයින්ට සනී ලියොන් ගැන මොනවා හිතෙන්න ඇද්ද කියලා හිතාගන්න එච්චරම අමාරු වෙන්නේ නෑනේ. කොහොම වුණත් මේකට එක දිගට විවේචනාත්මක පිළිතුරු ලැබෙද්දි තමයි සනීට තේරිලා තියෙන්නේ වැඩේ වැරදුණු බව. හැබැයි ඉතින් ඒ වෙද්දිත් සනී හොඳටම පරක්කු වැඩියි.

අචලාගේ අත කැපුවා මදිවට අචලගේ අම්මගේ රස්සාවත් ඉවරයි.. අලාබෙත් ගෙවන්න වෙයි...

අචලාට සිදුවූයේ හදිසි අනතුරකි.. 

ඒ බිම ඇද වැටීම නිසා අස්‌ථි බිඳීමකි...

අස්‌ථි බිඳීමකට ඇති එකම ප්‍රතිකාරය සැත් කමකින් එම බිඳුණු අස්‌ථිය සකස්‌ කර ස්‌වාභාවිකවම එය නැවත යථා තත්වයට පත්වීමට ඉඩහැරීම පමණකි. එය බටහිර වෛද්‍ය ක්‍රමයේත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදීත් සිදුකරන සම්මත හා නිවැරදිම ප්‍රතිකාරයද වේ. 

බිඳුණු අස්‌ථිය නොසෙල්වෙන ලෙස තැබිය යුතුය. ඒ සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයේදී ප්ලාස්‌ටර් ඔෆ් පැරිස්‌ සහිත වෙලුමක්‌ යොදනු ලැබේ. දේශීය වෛද්‍ය ක්‍රමයේදී පතුරු තබා වෙලුම් පටිවලින් බඳිනු ලැබේ.

රෝගියාගේ වයස සහ අස්‌ථි බිඳීම සිදුව ඇති ස්‌ථානය අනුව එය නැවත යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලය තීරණය වේ.

මාතර රෝහලේදී අචලාට ද සිදුකරනු ලැබ ඇත්තේ එම ප්‍රතිකාරයමය. නමුත් එය නිසි ලෙස සිදුකර නොමැති බවට මේ වන විට අයගේ ප්‍රතිකාර සිදුකිරීම සම්බන්ධව පවත්වනු ලබන පරීක්‍ෂණවලට අනුව හෙළිවී ඇතැයි අපට වාර්තා වේ.

මේ අතර අචලාගේ මවට ලෙබනනයෙන් ලංකාවට ඒමට සිදුව ඇත්තේ තම රැකියාවත් අහිමි කරගෙන හා අලාබයත් ගෙවීමෙන් අනතුරුව බව මේ වනවිට අපට වාර්තා වෙනවා. 

එම විස්තරය පහතින් 

පෘථිවියේ ගෑවී නොගෑවී අපේ කන ළඟින් යන ග්‍රහකය ගමන් කරන්නේ පෙබරවාරි 16 දා...

මෙම ග්‍රහකය නිසා පෘථිවිය සමීපයෙන් යන චන්ද්‍රිකාවලට අවදානමක්...

මෙම මස 16 වනදා පෘථිවිය ආසන්න යෙන්ම යාමට සැර සෙන ග්‍රාහකයක් ගැන විදේශීය ජන මාධ්‍ය විසින් තොරතුරු හෙළි කර තිබෙනවා.

මීටර 45ක පමණ විශ්කම්භයකින් එනම් පාපන්දු පිටියකින් හරි අඩක් පමණ ප්‍රමාණයකින් යුතු  2012 DA14 ලෙස නම් කර ඇති මෙම ග්‍රාහකය, පෘථිවියට කෙතරම් ආසන්න වනුයේ දැයි කියතොත්, පෙබරවාරි 15 වන දිනට ආසන්නවත්ම සාමාන්‍ය දුරේක්ෂයකින් එය නිරීක්ෂණය කළ හැකි බව පැවසෙනවා.

මෙය වාර්තා සහගත සමීපතාවයක් බවත් 1990 සිට සාමාන්‍ය ආකාශ ගවේෂණ (Sky Surveys) ආරම්භ කළදා පටන් මෙතරම් විශාල වස්තුවක් පෘථිවියට මෙතරම් සමීපව පැමිණෙනු කිසිදාක දැක නොමැති බවත් NASA  ආයතනයේ Near Earth Object Program හි විද්‍යාඥ දොන් යෙඕමන්ස් විසින් මාධ්‍ය වෙත පවසා තිබුණා. 

ඉතා වේගයෙන් ගමන් කරන බැවින් පෘථිවියට ආසන්නවත්ම මෙම ග්‍රාහකය සෑම මිනිත්තුවකදීම අංශකයක් එනම් පූර්ණ චන්ද්‍රයාගේ පළල මෙන් දෙගුණයක් පමණ චලනය වන ආකාරයට පෙනෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

අවිස්‌සාවේල්ල රෝහල් සේවිකාවගේ දවස්‌ පහේ බබාගේ බිස්‌නස්‌ එක වරදියි...

බබා.දවස්‌ 5යි, ගන්නවනම් ලක්‌ෂ 2යි...

අවිස්‌සාවේල්ල මූලික රෝහලේ සුළු සේවිකාවක විසින් දින පහක්‌ වයසැති කිරිකැටි බිළිඳියක රුපියල් ලක්‍ෂ දෙකකට විකිණීමට ගෙන යමින් සිටියදී අවිස්‌සා වේල්ල පොලිසිය විසින් බිලිඳියගේ මව සමඟ බිළිඳිය ඊයේ 10 වැනිදා දහවල් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතික ළමාරක්‍ෂක අධිකාරිය මගින් කළ දැනුම් දීමකට අනුව අවිස්‌සාවේල්ල පොලිස්‌ නිලධාරීන් විසින් දරුවා සමඟ
එම කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දරුවාගේ මව සීතාවක කර්මාන්ත පුරේ සේවිකාවක බවත් ඇය දැරණියගල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක බවත් පොලිසිය කළ පරීක්‍ෂණවලදී හෙළිවී
තිබෙනවා.

මෙම දරුවා මිලදී ගැනීමට ඊයේ 10 වැනිදා උදෑසන අවිස්‌සාවේල්ල නගරයට ආසන්න ස්‌ථානයකට ගනුදෙනුකරුවන් කිහිපදෙනකු පැමිණ ඇති අතර ඒ අය දරුවා මිලදී නොගන්නේ නම්