Ads 468x60px

.

කවදහරි මම අම්මගෙන් වෙන්වෙලා යන එක එයාට උහුල ගන්න බැරිලූ, අතුල - සමිතාගේ දුව කියයි.

වයසට යන එකට අම්මා අකමැතියි...

සමිතා - අතුල  කලාකරු යුගලයේ දියණිය කවින්ධ්‍යා අධිකාරි ගායනයට පැමිණ සිටිනවා. මව - සහ පියාගේ අඩිපාරේ යමින් ඇය මෙලෙස ගායනයට පැමිණි ප‍්‍රථම  අවස්ථාව මෙය වන අතර යුග ගීතයක් ගයමින් ඇය මෙලෙස ගායනයට පිවිස සිටිනවා.

ලසිත ජයනෙත්ති ආරච්චිගේ පද රචනයට තනුව හා සංගීතයෙන් ප‍්‍රසන්න දිසානායක දායකවූ  මෙම ගීතය කවින්ද්‍යා සමග ගයනු ලබන්නේ අමිල පෙරේරායි.


ඇය ගායනයට සුවිශේෂී හැකියාවක් ඇති ශිල්පිණියක වන බව ඔවුන් ඉඳුරාම පවසන දෙයකි. මෙම ගීතය අද සිට වී එෆ්. එම්. රේඩියෝ විකාශයට පමණක් සීමා නොවී, දිවයිනේ සියලූම එෆ්.එම්. නාලිකා ඔස්සේ ප‍්‍රචාරය කෙරෙනවා.

මේ ගායන ක්‍ෂේත‍්‍රයේ ආ මේ භද්‍ර යෞවනයේ හැඩකාරිය කවින්ධ්‍යා සමග කල කතා බහක්.

වැලන්ටයින් දිනයට ලොව දිගුම හාදුව (වැඩිම වේලාවක්) දීමේ තරගයක්...

ජයග්‍රාහකයාට මුදලින් අමෙරිකා ඩොලර් 6,700ක මුදලක් හා දියමන්ති මුදුවක්...

වැලන්ටයින් දිනයට සමගාමීව ඊයේ තායිලන්තයේ පතායා නුවරදී පැවැති ලොව දිගුම හාදුව (වැඩිම වේලාවක්) දීමේ තරගයක අවස්ථාවකි මේ. 

දිගම හාදුව දීමේ ගිනස් වාර්තාව අභිබවා යෑම මේ තරගකරුවන්ගේ අරමුණයි. ජයග්‍රාහකයාට මුදලින් අමෙරිකා ඩොලර් 6,700ක මුදලක් හා දියමන්ති මුදුවක් හිමිවේ.

එහි ජායාරුප කිහිපයක් පහතින්.

නව පාප් වහන්සේ තේරීමේ ඡන්දයට ශ්‍රී ලංකාවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ.

විවිධ රටවලින් කාදිනල්වරුන් 116 දෙනෙක්..

මැල්කම් කාදිනල් රංජිත් හිමි ඉදිරි සතියේ රෝමය බලා පිටත් වෙනවලු...

16 වැනි ශුද්ධ වූ බෙනඩික්‌ට්‌ පාප් වහන්සේ විශ්‍රාම ගැනීමෙන් අලුතින් පාප්වහන්සේ පත්කර ගැනීම සඳහා පවත්වන ඡන්දයට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝද සහභාගි වනවා.

මෙම පාප් තනතුර සඳහා ලෝකයේ විවිධ රටවලින් කාදිනල්වරුන් 116 දෙනකු ඉදිරිපත්
වීමට නියමිතයි. ඉතාලියෙන් පමණක්‌ කාදිනල්වරු 21 දෙනෙකු සහභාගි වෙන බව කොළඹ අගරදගුරු මැදුරේ ආරංචි මාර්ග පවසනවා.

මීට පෙර පාප් තනතුරුවලට පත්වූ වැඩි දෙනෙකු සුදු ජාතිකයෝ වීම නිසා මෙවර පාප් තේරීමේදී නව මුහුණුවරක්‌ ගැනීමට බොහෝදුරට ඉඩ තිබෙනවා. නව පාප් වහන්සේ තෝරා ගැනීම පාස්‌කුවට කලින් සිදුවිය හැකි බව අගරදගුරු මැදුර
පවසනවා.

දරුවට කුකුළෙක්ට වගේ තැලුවා මදිවට දැන් දොස්තරලා ලොකු බොරුවකුත් ගෙනියන්න හදනවා

නවලෝක වෛද්‍යවරුන් මරණයේ වගකීම මියගිය දැරියටම පටවයි...

මගේ සුදු දුව මම දැක්කේ නිල් වෙච්ච කළුම කළුවෙච්චි ලොකු බඩක් එක්ක...

කොළඹ නවලෝක රෝහලේදී එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුකොට ගෙන බුද්ධිනී කෞෂල්‍යා නැමැති සිඟිති දැරිය මියගිය ශෝචනීය පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

ඒ අනුව අපට වාර්තා වන පරිදි එම රෝහලේදී එම් ආර් අයි ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවට භාජනය කළ අවස්ථාවේ මියගිය සිය දියණියගේ මරණය පිළිබඳව රෝහලේ ඉන්න වෛද්‍යවරුන් සත්‍යය අනාවරණය නොකරන බවට එම දැරියගේ දෙමාපියෝ චෝදනා කරනවා.

ප්‍රතිකාර ලබාදීම පිණිස රෝහලට ඇතුලත් කරන ලද බුද්ධිනී කෞශල්‍යා දියණිය ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන ලදුව මියගිය බව දැරියගේ මව චමිලා ඒකනායක කියා සිටියා.


‘රෝහලේ ඉන්න වෛද්‍යවරුන් ලොකු බොරුවක් ගෙනියන්න ලෑස්ති වෙනවා. ඒගොල්ලන් කියන්න හදනවා මේ බබාට උත්පත්තියේ ඉඳන් වලිප්පු රෝගයක් තිබුණා, තදබල ස්නායු රෝගයක් තිබුනා නමුත් එහෙම තත්ත්වයක් වෙලා නෑ’ යනුවෙන් ඇය කියා සිටිනවා.