Ads 468x60px

.

සනිධප එකේ හිටපු සංගීත් හිටිහැටියේම අලුත් සංගීත කණ්ඩායමක් බිහිකල හේතුව මෙන්න...

මම අභියෝග ඔළුවට දාගන්නේ නැහැ...

‘වායෝ’ කියන්නේ වාතය නැතිනම් හුස්ම...

ඉතින් මිනිසුන්ගේ හුස්ම පොද තමයි ‘වායෝ.

- සංගීත් විජේසූරිය කතා කරයි... 

සීසීකඩ විසිරුණු සිතුවිලි අතරේ මොහොතින් මොහොත ගෙවී යන්නට මත්තෙන් ‘අපි කවුරුද?’ යන වග අපූරු ගීත පද වැලකින් හදවත් තුළට කතාකරන්නට උත්සාහ දරන තරුණයින් පිරිසකගේ හරි අපූරු ගීතයක් මේ දිනවල රූපවාහිනියෙන් විදුලියෙනුත් නිතරම රසවිඳින්නට ලැබෙනවා.  

මේ තරුණයන් පිරිස අතර දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ ලාංකේය සංගීත රසික රසිකාවියන්ට සුපුරුදු ළෙන්ගතු හඬකුත් අපට හමුවුණා.ඔහු තමයි සංගීත් විජේසූරිය. ඔහුගේ නවතම වෙනස ගැන කතා කරන්නට අප ඔහුව එකතු කරගත්තා. මේ ඔහුත් එක්ක කල කතා බහක්.

මම තවම පෙම්වතියක් නෙමෙයි - විනූ උදානි...

මම දෙමව්පියන්ට විරුද්ධ වෙන කෙනෙක් නෙමෙයි...

දැන් බොහෝ දෙනෙක් ඇය අමතන්නේ ‘පාරමී’ කියාය. ඒ මේ දිනවල දෙරණ නාළිකා වෙන් විකාශය වන “පිපෙන මල්” ටෙලි නාට්‍යයේ පාරමී ලෙස කරන රංගනය නිසාය. ඇය විනූ උදානි සිරිවර්ධන

විනූ 2012 වසරේදී ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පළන් යුවතියයි. එසේම ඇය ලෝක සංචාරක රූ රැජන තරගයට ද ශ්‍රී ලංකාව නියෝජනය කළාය. විනූ අපගේ රංගන ක්ෂේත්‍රයට පායා එන තරුවක් ලෙස හැඳින්වීම නිවැරැදිය. 

මේ විනූ උදානි එක්ක කල කතා බහක්.

ශ්‍රී ලංකාවේ උපත් පාලන කොපු පාවිච්චිය කෝටි දෙක පනී - වෛද්‍ය ජී. වීරසිංහ කියයි.

වැඩිම රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ...
එම සංඛ්‍යාව 28515 ක්ලු...

ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයන් වසරක්‌ තුළ මිලියන විස්‌සකටත් වඩා වැඩි උපත් පාලන කොපු සංඛ්‍යාවක්‌ භාවිත කරන බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හා එච්. අයි. වී. මර්දන ඒකක ප්‍රධානියා වන ජී. වීරසිංහ මහතා පවසනවා.

දැනට ලංකාවේ ප්‍රධාන රෝහල් සඳහා ඒඩ්ස්‌ මර්දන ඒකකය විසින් උපත් පාලන කොපු ලබාදෙන අතර ඒවා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් ලබා ගැනීමට ක්‍රමවේදයක්‌ ඇති බවද පවසනවා

මේ අයුරින් ඒඩ්ස්‌ මර්දන ඒකකය මගින් ලබාදෙන ඒවාට අමතරව ඇතැම් පුද්ගලයන් ආරක්‍ෂිත ලිංගික හැසිරීමකට පෞද්ගලික ඔසුසල් වලින්ද මිලදී ගන්නා බව වෛද්‍ය වීරසිංහ මහතා පවසනවා.

ෆෝන් එකක් නිසා නාලන්දාවේ විදිහල්පතිනී සති දෙකක් පන්ති තහනම් කල ලජ්ජාවට සිසුවිය වස පානය කරලා..

සමාවෙන්න මැඩම් ස්‌පෝට්‌ මීට්‌ එක නිසා ෆෝන් එක ගෙනාවේ...

කටවහපන්!! කෙල්ලේ... මම ගහනවා දැන් කෝටුවක්‌ අරන් කියා... 
- විදුහල්පතිනිය කියලා...

ස්පෝර්ට් මීට් එක ඉවරවෙන කොට රෑ වෙන හින්දා තාත්තට එන්න කියන්න ෆෝන් එකක් ගෙනා නිසා මිනුවන්ගොඩ නාලන්දාවේ විදිහල්පතිනී සති දෙකක් පන්ති තහනම් කල ලජ්ජාවට කලකිරී සිසුවියක් වස පානය කර තිබෙනවා.

මිනුවන්ගොඩ නාලන්දාවේ විදුහල්පතිනිය මහේෂිකාගේ කණ මිරිකා බැණ වැදුන නිසාත් සති 02 ක්‌ පංති තහනම් කළ නිසාත් එදා සිට කලකිරීමෙන් සිටි මහේෂිකා නැවත පාසලට බාර නොගන්නා බව විදුහල්පතිනිය කිව් නිසාත් ඇතිවූ කලකිරීම මත එම සිසුවිය වස පානය කර තිබෙන බවයි අප වෙත වාර්තා වන්නේ.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

මමත්, මියගිය දුවත් නාලන්දාවේ විදුහල්පතිනිය හමුවෙන්න 05 වැනිදා පාසලට ගියා. විදුහල්පතිනිය හමුවී මා කිව්වා දරුවා ෆෝන් එක ගෙනත් තියෙන්නේ ක්‍රීඩා තරග ඉවරවෙන කොට රාත්‍රී වෙනවා. රෑ වුණොත් තාත්තාට කෝල් එකක්‌ දෙන්න කියා. 

රුසියාවට කඩා වැටුනේ ඊයේ අපේ කන ළඟින් ගිය ග්‍රහකයෙන් කොටසක්ද...

රුසියාවට කඩා වැටුණු උල්කාව නිසා 950කට තුවාල...

රුසියාවේ වේලාවෙන් උදෑසන 9.22ට පමණ (ලංකාවේ වෙලා වෙන් 8.52 ට) සුදු පැහැති දුම සහිත දිගු වල්ගයක් සහිතව දීප්තිමත් උල්කාවක් කඩා වැටෙන අයුරු කිලෝ මීටර් 200ක් දුරට දර්ශනය වී තිබෙනවා.

ඊයේ උදෑසන රුසියාවේ Chelyabinsk නගරයට කඩා වැටුණු එම උල්කාපාතය නිසා 950ක් පමණ තුවාල ලබා තිබෙනවා. Chelyabinsk නගරය පිහිටා තිබෙන්නේ මොස්කව් නගරයට කිලෝමීටර් 1,500ක් නැගෙනහිට දෙසින් කසක්ස්ථාන දේශසීමාව ආසන්නයේය.

සුපර් සොනික් ශබ්දයක් සහිතව පොළොවට ලඟාවූ එම උල්කාවෙන් බොහෝ දෙනා තුවාල වී තිබෙන්නේ එම කම්පනය නිසා ගොඩනැඟිලි වල වීදුරු කැඩී විසිවීම නිසාය.