Ads 468x60px

.

මරණාසන්න මොහොතේ ප්‍රභාකරන් ගේ පුතුගේ ආන්දෝලනාත්මක පින්තුර අන්තර්ජාලයේ...

ප්‍රභාකරන්ගේ පුතුගේ අන්තර්ජාලයට නිකුත් කර ඇති ජායාරුප මගින් ඔහු ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඇති බවත් ඉන්පසු ආහාර ලබා දීමෙන් අනතුරුව වෙඩි තබා ඇති බවත් වාර්තා මේ වනවිට සැකසෙමින් පවතිනවා. 

මෙම ජායාරුප අන්තර්ජාලයට නිකුත් වීමත් සමග යුද්ධයේ අවසාන සමයේ සිදුවූ හමුදා මෙහෙයුම් පිලිබඳ ගැටළුවක් මතුවන බව අන්තර්ජාතික විශේෂඥයින් පවසා සිටිනවා.


මෙයට පෙර බාලචන්ද්‍රන්ගේ වෙඩි වැදුන සිරුරේ ජායාරුප පෙන්වා දෙමින් චැනල් ෆෝ වාර්තා චිත්‍රපටය මගින් චෝදනා කලේ වෙඩි පහරවල් ඉතා ලගින් සිට තබා ඇති බවයි. 

එවිට රජයේ වගකිව යුතු පාර්ශව වලින් එයට පිළිතුරු සපයා තිබුනේ දෙපාර්ශවය අතර සිදුවූ වෙඩි තැබීමකින් බාලචන්ද්‍රන් මියගොස් ඇති බවයි. 

ඒ අනුව එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ නායක වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ 12 හැවිරිදි පුතුවූ බාලචන්ද්‍රන් වෙඩි වැදී

පබෝදා සංදීපනී හිරු රූපවහිනියේ කුකරි වැඩසටහන අත්හැරිය හේතුව...

හිරු ප‍්‍රධානීන්ට හේතුව අවබෝධ කර දීලා අයින් වුනා...

රඟ පෑමට සැමියාගෙන් නම් බාධා නොමැති අතර විවාහවී කෙටි කලකින්ම දරු සුරතල් බැලීමට හැකිවීම සම්බන්ධයෙන් තමා සතුටු වන බව ජනපි‍‍්‍රය සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් වන රශී පබෝදා සංදීපනී පවසා සිටිනවා.

එහෙත් හිරු රූපවහිනියේ කුකරි වැඩසටහන අත්හැරියේ කෑම සුවඳ දරාගත නොහැකි වීම නිසා බව පවසනවා.

9% කගේ මඩිය තර කරන්න 70%ක් ‍බෞද්ධයන් මුදල් ගෙවන්නේ කුමට ද?

අප වැරදි නම් නිවැරදි කරන ලෙස ද ඉල්ලා සිටිනවා...

මෑතක සිට ඔබ මිලදී ගන්නා බොහෝ ආහාර, බෙහෙත් ආදී පාරිභෝගික ද්‍රව්‍යවල "හලාල්" නමින් ලාංඡනයක්‌ දක්‌නට තිබෙනවා. එය කිරිපිටි, බිස්‌කට්‌, නූඩ්ලස්‌, බීම වර්ග ආදී සෑම ඇසුරුමකම පාහේ දක්‌නට තිබෙනවා.

මේ හලාල් යනු මුස්‌ලිම් ආගමික පිළිවෙතකි. එයින් කියවෙන්නේ "පරිභෝජනයට සුදුසුයි. අල්ලා දෙවියන් වහන්සේට කැපයි" යන්නයි. මුස්‌ලිම් අයට ඌරුමස්‌, ඌරුතෙල් මිශ්‍ර ආහාර මිලදී ගැනීම ආගමෙන් තහනම්. එබඳු බෙහෙතක්‌වත් ගැනීම තහනම්. 


එපමණක්‌ නොව සතුන් මැරිය යුත්තේද හෙමින් හෙමින් ලේ වැගිරීමට සැලසීමේ කෲරතර ක්‍රියාව මගිනුයි. හේතුව ලේ ආහාරයට ගැනීමත් තහනම් වීමයි. එහෙම නොවන දේ වලට කියන්නේ "හරාම්" කියලයි.

මේ හලාල් ලකුණ සහිත ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල විවෘත සංවාදයක්‌ ආරම්භවී තිබෙනවා. එක්‌ පාර්ශ්වයක්‌ කියන්නේ හලාල් මිලදී ගැනීම වැරදි බවයි. දෙවැනි පාර්ශ්වය කියන්නේ හලාල් මිලට ගැනීම කිසිදු වරදක්‌ නොවන බවයි. රජයේ මැති ඇමැතිතුමන්ලත් කරුණු දක්‌වන්නේ මේ දෙවැනි පාර්ශ්වය නිවැරදි බව කියන්නයි.

ආචාර්ය පියසේන රතුවිතාන හා දිවයින පුවත්පත..

ලංකාවේ බොරුව යනු නීතිගත කොට ඇති සත්‍යයි...

ව්‍යාජ  ආචාර්ය උපාධි තමන්ගේ නමට එකතු කර ගැනීම දැන් විලාසිතාවක් බවට පත් වෙමින් තිබේ. 

වෙබ් අඩවි වල ඇති බොරු විශ්ව විද්‍යාල මගින්ද  ඉන්දියාවේ තොසේ කඩ වල අටවා ඇති ආචාර්ය උපාධි විකුණන සිල්ලර කඩ වලින් ද ආචාර්ය උපාධි මිලට ගත් බොහෝ දෙනෙකු දැන් ජාතියට අවවාද අනුසාසනා දෙන දැනමුත්තන් බවට පත් වෙමින් සිටිති.  

ඒ අතර දිවයින ලක්බිම, රැජින වැනි පුවත්පත්වල පත්තරකාරයන්ද මේ ඊනියා විද්වතුන් ගේ ප්‍රලාප හිරිකිතයක් නැතිව පල කරති. මේ සඳහා ඔවුන්ට බුරියානි අරක්කු සමග කීයක් හෝ මිට මෙළවෙන බව සැබෑ වුවත් බොරුව සමාජගත කිරීම මගින් මගින් සමාජයට සිදුවන අයහපත ගැන නොසිතති.

මිට පෙර රැජින පුවත්පතේ මාධ්‍යවේදිනියක් ආචාර්ය ප්‍රවීන් ජයමහ නමැති හොරෙකු වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා දෙමින් බොහෝ මිනිසුන් අමාරුවේ දැමුවේය. අන්තිමේදී මේ සෙල්ලම ඉවර වුයේ ප්‍රවීන් ජයමහ පොලිස් අත්අඩංගුවට පත් වීමෙනි. 

තරුණයෙක් ඌව මහ ඇමැති ශෂීන්ද්‍රගෙන් දවසකට ගංජා සුරුට්‌ටු දෙකක්‌ බොන්න අවසර ඉල්ලලා...

තරුණයාගේ ගංජා බීමේ මානව හිමිකම් උල්ලංඝනය කරලාලු

ඉකුත් අඟහරුවාදා දිනයක ඌව පළාත් ප්‍රධාන ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ මහජන කාර්යාලයට පැමිණි කතරගම තරුණයෙකු අපූරු ඉල්ලීමක් කළේය. 

මේ කතාව ඇසූ ප්‍රධාන ඇමති වරයා අන්දමන්ද වී ඇති අතර ඒ ගැන වැඩිදුර විමසූවිට තරුණයා මහ ඇමතිවරයාට පවසා සිටියේ දිනකට ගංජා සුරුට්ටු දෙකක් අත්‍යවශ්‍ය බවයි. කතරගම පොලිසියේ නිලධාරින් ඊට අවහිර කරන නිසා තමාට දිනකට ගංජා සුරුට්ටුවක් ලඟ තබා ගැනීමේ අවසරය පොලිසියෙන් රැගෙන දෙන ලෙස ඔහු ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියා.
 
මෙම තරුණයා ලිපියක්‌ ද ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ කතරගම පොලිසිය මානව හිමිකම් උල්ලංඝනය කරමින් තම ගංජා බීමට අවහිර කරන බවයි. 

තමාට දිනකට ගංජා සුරුට්‌ටු දෙකක්‌ අවශ්‍ය බවත් කතරගම පොලිසියේ නිලධාරීන් තමන්ට නිතර හිරිහැර කරන බැවින් ගංජා සුරුට්‌ටුවක්‌ ළඟ තබා ගැනීම පිණිස තමාට පොලිසියෙන් අවසර ලබා දෙන ලෙසත් මෙම තරුණයා ප්‍රධාන අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සටහන්ව තිබුණා.