Ads 468x60px

.

කොට්ටාව, නීග්‍රෝධාරාම ගල උඩ පන්සලේ බෝමලුවේ අද්භූත අඩි සලකුණු කාගේද..?

නොපෙනන යමක් ඉවත්ව ගිහින්.

මිනිස් යටි පතුල් වලට සමාන පෙනුමකින් යුක්ත අස්වාභාවික අඩිසළකුණු කිහිපයක් කොට්ටාව, නීග්‍රෝධා රාම ගල උඩ පන්සල ‍ බෝ මලුවේ වැලි මත සටහන් වී තිබෙනු දකින්නට ලැබී තිබෙනවා.

මිනිස් යට පතුලට සමාන හැඩයෙන් යුක්ත වූවත් එම සළකුණු අඩි එකහමාරක් පමණ දිගින් ද අඟල් දහයක් පමණ පළලින් ද යුක්තව පිහිටා තිබෙනවා. මෙම විහාරස්ථානය වසර සියයකට වඩා පැරැණි පූජා බිමකි.මෙහි වැඩ වසන ස්වාමීන් වහන්සේ ඉතා වයෝවෘද්ධ බැවින් කිසිවක් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වී නැත. 

මෙහි පුද පූජා පැවැත්වීමට පැමිණි ප්‍රදේශවාසියෙක් බෝමලුව පිරිසිදු කර අවසානයේ මෙම අඩි සළකුණු දෙක දැක ඇති අතර කුඩා ළමුන් විනෝදයට ඇන්ද සිතුවමක් යැයි සිතා ඒ ගැන තැකීමක් කර නොමැත.

එහෙත් එදිනම රාත්‍රි හතට පමණ ජනතාව වන්දනාමාන කරන අවස්ථාවේ ක්ෂණිකව දුහුවිලි අවුස්සා ගෙන නොපෙනන යමක් මෙම භූමියෙන් ඉවත්ව යන ගතියක් දැනී බැලූ කළ එම ස්ථානයේ දකුණු කකුලක අඩි සළකුණක් මතු වී තිබෙනු දකින්නට ලැබී තිබෙනවා

මරණාසන්න මොහොතේ ප්‍රභාකරන් ගේ පුතුගේ ආන්දෝලනාත්මක පින්තුර ගත්තු අය මෙන්න.

''නො ෆයර් සෝන්'' අධ්‍යක්‍ෂක මැක්රේ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ජාවක්...

ශ්‍රී ලංකා හමුදාවන්, එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව සිදුකල අවසන් යුද්ධයේදී දහස් ගණනක දෙමළ ජනතාවක් මිය ගිය බව පවසමින්, එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ගේ දොළොස් හැවිරිදි පුත් බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කරන ලද බවට සාක්ෂි ඇති බව දැක්වෙන ඡායාරුප ඉදිරිපත් කරන වීඩියෝ පටයක් ජාත්‍යන්තරය තුල මේ වනවිට  දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා.

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නායක වේලු පිල්ලේ ප්‍රබාකරන්ගේ බාල පුත්  බාලචන්ද්‍රන්ගේ ජායාරුප ලබාදුන්නෙත්, එම ඝාතනයට අදාළ තොරතුරු අනාවරණය කලෙත් 53 වැනි බළ සේනාවේ හිටපු සෙබළුන් දෙදෙනෙකු විසින් බව ''නො ෆයර් සෝන් (No Fire Zone) '' වාර්තා  වීඩියෝපටයේ අධ්‍යක්ෂවරයා පවසනවා.

යුද්ධය අවසන්වූ පසු එම සෙබළුන් දෙදෙනා රටින් පැනගොස් එම තොරතුරු ලබාදී තිබෙන අතර 'චැනල් 4' නාලිකාවේ විසින් නිෂ්පාදනය කල ''නො ෆයර් සෝන්'' වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක කැලම් මැක්රේ (Callum Macrae) මෙබව සඳහන් කර තිබෙනවා.

එම වාර්තා චිත්‍රපටයේ  අධ්‍යක්‍ෂක මෙක්රේ වයිත්ව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ජාවක් globaltamilnews වෙබ් අඩවියේ පලවී තිබෙනවා. 

එම විස්තරය පහතින්.

ප්‍රබාකරන්ගේ පුතු බාලචන්ද්‍රන්ගේ ඡායාරූප ගන්නා ලද්දේ කවුරුන් විසින්ද?

බාලචන්ද්‍රන් සිටින ඡායාරූප ගන්නා ලද්දේ වීඩියෝ දර්ශනවලින්. 2009 මැයි මස 19වැනි දින උදෑසන එම වීඩියෝ දර්ශනය පටිගතකර තිබේ. ශ්‍රී ලංකා හමුදාවෙහි දරුණුතම හමුදා සේනාව වන්නේ 53වැනි බළ සේනාවය. ප්‍රබාකරන් ඇතුළු ප්‍රධාන පෙළ නායකයන්ව හමුවුයේ ඔවුන්ටය. බිඳක් හෝ අනුකම්පාවක් නැති සේනාවකි.

අචලා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නිතිය චමිලා වෙනුවෙන් ක්‍රියාත්මක නොවුයේ මන්ද ?

නිතිය යුක්තිය අගයන අසාධාරණයට හිස නොනමන අය මිගමුව උසාවියට එන්න...

කොළඹ නීති පීඨයේ ශිෂ්‍යාවක වන අචලා ප‍්‍රියදර්ශනී ගේ වම් අත කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් නොසැල කිලිමත්ව ක්‍රියා කල මාතර රෝහලේ ඇය ප‍්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍ය වරුන්ට හා කාර්ය මණ්ඩලයට චෝදනා පත‍්‍ර බාර දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත. 

අචලා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නිතිය වෙළඳ කලාපයේ දුගී තරුණියක වූ මොනරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා වෙනුවෙන් ක්‍රියාත්මක වුයේ නැත. 

චමිලා ගේ ඝාතනය සිදු වුයේ 2007 වසරේදී මිනීමරු දොස්තර කෙනෙකු අතිනි. ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ මිගමුව රෝහලේ සේවය කල සුදර්ශන බාලගේ නමැති සීමාවාසික වෛද්‍යවරයා විසින්  චමිලාගේ වෛද්‍ය වාර්තාවක් පෙන්වීමට යැයි රවටා රැගෙන ගොස් ඇයව දුෂණය කොට මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා ඝාතනය කරන ලදී. 


නමුත් මේ මිනීමරු දොස්තර දැන් නිරුපද්‍රිතව යලිත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කොට තිබේ. මේ සඳහා මොහුට දුෂිත වෛද්‍යවරු කිහිප දෙනෙකුගේම සහය ලැබී  තිබේ.

විනාඩියක් තුල වැඩිම පිරිමින් සංඛ්‍යාවක් සිපගත් වීනා මලික්ගෙන් ගිනස් වාර්තාවක්...

සලමන් ඛාන්ගේ වාර්තාව බිඳියි...

විනාඩියක් ඇතුලත පිරිමින් 137 දෙනෙක් සිපගෙන...

බොලිවුඞ් සිනමාවේ ආන්දෝලනාත් මක චරිතයක් වන පකිස්තානු ජාතික නිළි විනා මලික් , විනාඩියක් තුල වැඩිම පිරිමින් සංඛ්‍යාවක් විසින් සිපගත් කාන්තාව ලෙස ගිනස් වාර්තාවක් තබා ඇතැයි වාර්තා වෙනවා.

තමන්ගේ නවතම චිත‍්‍රපටය වන The city that never sleeps හි ප‍්‍රවර්ධන කටයුත්තක් ලෙස  සිදුකල මෙම සිපගැනීමේ තරගයේදී පිරිමින් 137 ක විසින් විනාඩියක් තුල වීනා මලික්ගේ අත සිපගෙන ඇති අතර ඇය විසින් බිදහෙලා ඇත්තේ මීට පෙර සලමන්
ඛාන් විසින් තබා තිබූ වාර්තාවයි.

මෙය මට මෙවර ලැබුන හොදම උපන්දින තෑග්ගයි. මේ වැනි ගිනස් වාර්තා 20 ක් තැබීම මගේ ඉදිරි අරමුණයි යනුවෙන් වාර්තාව තැබීමෙන් පසු මාධ්‍ය ඇමතූ වීනා මලික් පවසා
තිබෙනවා.

විනා මලික්ගේ එම පින්තුර පතින්.