Ads 468x60px

.

ඕන් නැති දේවල් කතා කරලා මගේ කට අවුස්සා ගන්න එපා - මර්වින් චන්ද්‍රිකාට උත්තර දෙයි.

චන්ද්‍රිකා මගේ පුතාට ගොන් පුතා කියලා කියනවා...

මගේ පුතා ගොනෙක් නම් මම හොඳ කේප්පයෙක්...

චන්ද්‍රිකාට කිවයුතු බොහෝ දේ තිබෙනවා...

මගේ කට අවුස්සා ගත්තොත් ඒවාත් කියලා දානවා...

විජය කුමාරතුංග ගුණානුස්මරණය නිමිත්තෙන් මහනුවර දී ඊයේ (28) පැවැති උත්සවයකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කළ කතාවට පිළිතුරු දීම සඳහා පුවත්පත් සාකච්ජාවක් මර්වින් සිල්වා විසින් කැඳවා තිබුනා.

එහිදී අදහස් දැක්වූ මර්වින් සිල්වා

මර්වින් සිල්වා මිනිස්සු ගස් බඳින මිනිහෙක් විත්තිය දැන් කියන චන්ද්‍රිකාගේ බණ්ඩාරනායක පවුලෙන් කසාදයක් වුණත් එදා බැඳ ගන්න තිබුණා. මොකද මට උදේ, දවල්, රෑ වුණේ චන්ද්‍රිකාගේ ගෙදර දී. චන්ද්‍රිකා මගේ පුතාට ගොන් පුතා කියලා කියනවා. 


මම හැදුවේ ගොනෙක් නම්, චන්ද්‍රිකා මැතිණියට මම කියනවා මම හොඳ කේප්පයෙක් කියලා” යයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු ඇමැති ආචාර්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවා.

අම්මා රට යවලා තාත්තා දුව කෙලෙසු හැටි බෝඩිමේ හිටපු පෙම්වතාට කියයි...

අම්මා රට ගිහින්, හැදී වැඩී තියෙන්නේ ආච්චි කෙනක්‌ ළඟ...

පාසල් යෑවීමට යෑයි කියා කටුනායක බෝඩිමකට අරන් ඇවිත්... 

මව විදේශගතව සිටින හෙයින් 17 හැවිරිදි දැරිය
ක්‌ පුංචි අම්මා, නැන්දා කෙනකු සහ ආච්චි භාරයේ හැදී වැඩී තිබෙනවා. පාසල් යෑවීමට යෑයි පවසා පියා විසින් දැරියව වයස අවුරුදු 15 දී ආච්චි අම්මා භාරයෙන් රැගෙන විත් කටුනායක, පීල්ලවත්ත ප්‍රදේශයේ බෝඩිම් කාමරයක්‌ කුලියට ගෙන එහි නවතා තිබෙනවා. 

එතැන් පටන් 2011 වසරේ සිට පියා විසින් දැරියට අතවර කර ඇති අතර බෝඩිම් හිමිකරුගේ පුතා සමග මීට මාස කිහිපයකට පමණ පෙර අතවරයට පත් දැරිය පෙම් සබඳතාවක්‌ ගොඩනඟාගෙන තිබෙනවා. 

සොරුන්ටත් නිගාදෙන පාපතරයකු මහලු මවගේ කරාබු දෙක කන්පෙති සමග කඩාගෙන ගිහින්...

ගෙදරට ඇවිත් තිබහට වතුර වීදුරුවක් ඉල්ලලා...

බෙල්ලෙන් අල්ලා තද කර කන් දෙකත් එක්කම කරාබු දෙක කඩාගෙන... 

අදාළ පුද්ගලයා තවමත් නිදැල්ලේ...

නියාගම, මත්තක, කිඹුලාවල ප්‍රදේශයේ වයෝවෘද්ධ මාතාවකගේ කරාබු යුගලය කන් දෙකද සමග කඩාගෙන ගිය ශෝචනීය පුවතක්‌ පිටිගල පොලිස් වසමෙන් අසන්නට ලැබෙනවා. 

සොරුන්ටත් නිගාදෙන පාපතරයකු විසින් කරන ලද මෙම පහත් සොරකමට මුහුණපා ඇත්තේ ජී. එල්. සොපිනෝනා නමැති හැත්තෑ හැවිරිදි කාන්තාවකි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.
 
වයස අවුරුදු තිස්‌පහක පමණ අයෙකු මෙම කාන්තාව විසූ කුඩා නිවසට දහවල් දොළහට පමණ පැමිණ වතුර වීදුරුවක්‌ ඉල්ලා තිබෙනවා.

උතුරු මැද ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසුවේ පරණ කෝන්තරයක් පිරිමහගන්නද..?

කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ තවත් දොස්‌තර කෙනෙක්‌ලු...

විනය හේතුවක්‌ මත වැඩ තහනම් කරපු දොස්‌තර කෙනෙක්... 

උතුරුමැද ආයුර්වේද කොමසාරිස්‌ වෛද්‍ය කුමාර අල්විස්‌ මහතාට ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද්දේ අනුරාධපුර ආයුර්වේද රෝහලේම සේවය කරන වෛද්‍යවරයකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත බව හෙළිකර ගත් පොලිසිය එම වෛද්‍යවරයාත් ඊට සම්බන්ධ හමුදා සෙබළකු හා තවත් අයෙකුත් ඊයේ (28 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබුවා.

රෝහලේ පැවැති පරිපාලනමය ගැටලු සම්බන්ධව ඇතිවූ ආරවුල් නිසා වෛද්‍ය අල්විස්‌ මහතා සමග දැඩි වෛරයකින් පසුවූ මෙම සැකකාර වෛද්‍යවරයා, සෙබළා හා අනෙක්‌ පුද්ගලයා යොදවා ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා.


මෙම කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැකකාර වෛද්‍යවරයා විශාල මුදලක්‌ද ලබාදී ඇති අතර ඉන් කොටසක්‌ මුලින් දී ඇති බවද හෙළිවී තිබෙනවා.

ඇසිඩ් ප්‍රාහරයට ලක්‌ වූ වෛද්‍ය කුමාර අල්විස්‌ මහතා අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයාගේ සේවය මීට ටික කලකට පෙර විනය හේතුවක්‌ මත තහනම් කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී
තිබෙනවා. පසුව එම වැඩ තහනම ඉවත් කර නැවත සේවයට වාර්තා කිරීමට සැකකාර වෛද්‍යවරයාට ඉඩ ලබාදී තිබෙනවා.

පානදුර කුලී නිවසේ අබිරහස්‌ ලෙස මියගොස්‌ සිටි තුන්දෙනා ඇත්තටම මියගියේ ආර්ථික ප්‍රශ්න නිසාද

මාස 5 කින් ගෙවල් කුලී ගෙවා නැතිලු...

සෑහෙන පිරිසකගෙන් ණයට මුදල් අරගෙන... 

පානදුර සාගර මාවතේ පිහිටි නිවසක පදිංචිව සිටි මවක, පියකු සහ අටමස්‌ හැවිරිදි දරුවකු නිවස තුළ අබිරහස්‌ අන්දමින් මියගොස්‌ සිටියදී පානදුර පොලිසිය මගින් ඊයේ (28 වැනිදා) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

මෙතෙක්‌ සිදුකර ඇති පරීක්‍ෂණවලට අනුව පොලිසිය සැකකරන්නේ සැමියා, සිය බිරිඳ සහ දරුවා ඝාතනය කර ඔහු ද නිවසේ බාල්කයේ එල්ලී සියදිවි හානිකර ගන්නට ඇති බවයි.


මීට දින තුනකට පමණ පෙර මොවුන් මියයන්නට ඇති බවට ද පොලිසිය සැක පහළ කරනවා. මොවුන් පදිංචිව සිටි නිවස දෙසින් අධික දුර්ඝන්ධයක්‌ පැතිර යැම නිසා ඒ පිළිබඳව විමසිලිමත් වූ අසල්වැසියකු ඒ බව පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයේ 119 දුරකථනය වෙත දැනුම් දී තිබෙනවා

ඒ අනුව එම නිවසට ගිය පානදුර පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ නිවස තුළ මියගොස්‌ සිටි තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.  

මොවුන්ගේ සිරුරු සොයා ගන්නා අවස්‌ථාවේ ඒවා අධික ලෙස කුණුවී තිබූ බවද පොලිසිය පවසනවා.මෙහිදී සියදිවි හානිකර ගෙන ඇත්තේ හිටපු නාවික හමුදා සෙබළකු වූ 40 හැවිරිදි නිරෝෂන් ඉන්දික නමැති අයෙකි. ඝාතනයට ලක්‌ව ඇත්තේ තිස්‌පස්‌ හැවිරිදි ශිරාණි පද්මලතා නමැති කාන්තාවක වන අතර ඝාතනයට ලක්‌වූ දරුවාගේ නම හෙළි වී නොමැත.