Ads 468x60px

.

මීගමුව රෝහලේ මිනීමරු දොස්තර යලිත් වැඩ.

මොනරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා දිසානායක නම් වෙළඳ කලාපයේ කම්කරු සේවිකාව 2007 වසරේ නොවැම්බර් 12 දින මීගමුව රෝහලේ දී දූෂණය කොට උඩු මහලින් තල්ලු කොට මරා දැමීම පිලිබඳ චෝදනා ලබා සිටින හිටපු සීමාවාසික වෛද්‍යවරයෙකු වූ සුදර්ශන බාලගේ දැනට ඇප පිට සිටින අතර මිගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයා ලෙසින් කටයුතු කරන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ  සංගමයේ හිටපු විධායක නිලධාරියෙකු වූ  වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්නට අයත් මීගමුව කුරණ අංක 7 දරණ ස්ථානයේ පිහිටි ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර්හි පුද්ගලික වෛද්‍ය සේවයේ නිරත වෙමින්  සිටින බව වාර්තා වේ. 

සුදර්ශන බාලගේ ප්‍රසිද්ධ මිනීමරුමක  මෙන්ම තවමත් විභාග වන මිනීමැරුම් නඩුවක ප්‍රධාන  සැකකරුවෙකි.මෙම මිනීමැරුමේ ප්‍රධාන සැකකරු වීමෙන් පසුව මොහු තමන්ගේ නම වෙනස් කරගෙන  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දූෂිත වෛද්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෙන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමටද සමත් වී ඇත. 

බොදු බල සේනාව වැටලූ දෙමටගොඩ ගව ඝාතකාගාරය සහ හොර හරක් ජාවාරම (පින්තූර)

මස් ලොරි නිදහස් කර ගන්නට විශාල උත්සහයක්...

හොර හරක් ජාවාරම පිළිබඳව බොදු බල සේනාවට ලැබුන තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ අප දෙමටගොඩ පරන ගව ඝාතකාගාරය අවට පාන්දර 2 සිට රැක සිට පාන්දර 4ට පමණ පොලිසිය සමඟ එම ස්ථානයට ඇතුලු වූ පසු අපට දැක ගත හැකි වුනේ හොර හරක් මරා මස් කර එම මස් කොළඹට රැගෙන ආ ලොරි රථ 6කි. 

එම රථ පනගන්වා තිබිය යුතු වුවත් එය එසේ නොවින. උදෑසන 6.30ට එක් ලොරියක් පනගැන්වින. ඉන් පසු එම මස් පරික්‍ෂා කර බලන වෛද්‍යවරයා පැමිණි පසු එම මස් පිළිබඳ අපි ඔහුගෙන් විමසා සිටියමුත් ඔහු ඊට පිළිතුරු දෙන්නට අසමත් වින. එම මස් පරික්‍ෂා කර බලන්නට අපිට ඉඩ නොදෙන්නට විශාල උත්සහයක් ගත් නමුත් අපේ උත්සහය අප අත් නොහැරියෙමු. 

වෙනදට එම රථ නිසි පරික්‍ෂාවක් නොකරම මොවුන්ගේ ආශිර්වාදය ඇතිව වෙළඳපොළට යන බවද අනාවරණය කර ගත්තෙමු. එමෙන්ම ඝාතක පනතට අනුව මරන්නට තහනම් වූ කුඩා ගව පැටව්න්ගේ හිස් කබල් විශාල ප්‍රමාණයක් ද, කිරි ගව දෙනුන්ගේ මස් ද, මී ගවයන්ගේ හිස් කබල්ද දක්නට ලැබින.