Ads 468x60px

.

වහාම ක‍්‍රියාත්මක වන පරිදි හලාල් අත්හිටුවයි..

දැනට නිකුත් කර ඇති හලාල් නිෂ්පාදන අලෙවි කිරීමට අවස....

මෑත කාලයේ ශ්‍රී ලංකාව තුල වඩාත් කතා බහට ලක් වූ ඉස්ලාම් ආගමානු කූලව නිකුත් කරන ‘හලාල්’ සහතිකය නිකුත් කිරීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට තීරණය කර ඇතැයි ඉහල පෙලේ ආරංචි මාර්ග කියනවා.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් අදාල පාර්ශ්ව සමඟ සමඟ කරන ලද තීරණාත්මක සාකච්චා වට ගණනාවකින් පසු මෙම තීරණයට එළැඹ තිබෙනවා.

සියලූම නිකාය වලත් ඒවායේ පාර්ශ්වලත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන්, මුස්ලිම් ව්‍යාපාරිකයන් හා ජමිතුල් උලමා සංවිධාන ප‍්‍රධානීන් සමඟ මේ ගැන ආරක්‍ෂක ලේකම්වරයා දීර්ඝ වශයෙන් සාකච්චා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන
තිබෙනවා.

බුදුන්ගේ දර්ශනයෙත් අඩු පාඩු තියෙනවා-අනෝමා

අඩුම ගානෙ පාටියකට ගිහින් බියර් වීදුරුවක් තොලගෑමේ අයිතියවත් කාන්තාවට තිබෙනවද...

එහෙමත් නැත්නම් පොඩි ආතල් එකක් ගන්න කියල ගංජ සුරුට්ටුවක් බොනවද?

ගැහැනු දරුවන්ගේ යට ඇදුම් එහෙම එළියට පහළියට වේලෙන්න දානවද? 

අනෝමා ජනාදරී! ඇය පෙරළිකාර රංගවේදිනියක්. පෙරළිකාර කතුවරියක්. අප අනෝමා සොයාගෙන ගියේ ඈ නව නිර්මාණයකට අත්පොත් තබමින් සිටිනවාය යන ආරංචිය ඔස්සේ. නමුත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඒ කටයුත්ත දින නියමයකින් තොරව කල්දාන්න සිදු වු බව ඇය පැවසුවා. 

මේ ඇයත් සමඟ කල කතා බහක්.

විශ්ව විද්‍යාලයේ යන්න බැරි වුනේ පෙර පිනකට : විමල් වීරවංශ කියයි...

තමන්ට විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වුයේ පුරුවේ පිනකට බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පැවසිය.

අමාත්‍ය වීරවංශ මේ බව පැවසුවේ පසුගිය මාර්තු 01 වෙනි දින බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේ පැවැති කුමාරතුංග මුනිදාස සූරීන් අනුස්මරණ දිනට සම ගාමීව සිදු කෙරුණු ‘වැලිපිල්‍ලේ පාඩම්’ ජාතිකගුරු සාහිත්‍ය සම්මාන උළෙල අමතමිනි. 

වැඩිදුරටත් කථා කල ඒ මහතා මෙසේ පැවසිය.

"අම්මපා අද මං සතුටු වෙනවා විශ්ව විද්‍යාලයේ නොගිය එකට.. ගියා නම් විමල් වීරවංශ නෙමෙයි අර අච්චුව දාගත්තු මිනිහෙක් වෙනවා. අර ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න පල් මෝඩයෝ ටික දෙන අධ්‍යාපනයෙන් තමයි මගේ ඔළුව පිරෙන්නෙ. ඒකෙන් මම බේරුණා දෙයියෝ බලලා..." 

විරසංගිලි පනික්කියලාගේ විමලසේන ලෙස උපත ලබා විමලසිරි ගම්ලත් ලෙසත් පසුව විමල් වීරවංශ ලෙසටත් නම වෙනස් කරගත් අමාත්‍යවරයා පාසල් අධ්‍යාපනය ලැබුවේ නව වන ශ්‍රේණිය දක්වා පමණි.