Ads 468x60px

.

කොට්ටාව, නීග්‍රෝධාරාම ගල උඩ පන්සලේ අද්භූත අඩි සලකුණු අතේ පැලවෙන බොරුවක්ලු...

මම නම් ඔය කියන පා සලකුණු බලන්න ගියේ නැහැ...  

ඕක ඔච්චර ගණන් ගත යුතු දෙයක් නොවේ... විහාරාධිපති 

නිග්‍රෝධාරාම විහාර ස්ථානය පිහිටා ඇත්තේ කොට්ටාව-හොරහේන පාරේය. ඕනෑම කෙනකුගේ සිත් සතන් නිවන රමණීය භූමි භාගයක පිහිටි මේ පින් බිමට වසර 125ක එහා ගිය ඉතිහාසයක් ඇත.නිග්‍රෝධාරාම විහාරස්ථානය ගල උඩ පන්සල ලෙස ද ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. 

මේ විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හොබ වන්නේ 94 හැවිරිදි වියේ පමණ පසු වන තුම්බෝවිල අරියනන්ද හිමියෝය. උන්වහන්සේ සුපේෂණ ශික්ෂාකාමී හිමිනමකි. විහාරස්ථානයට හිමිදිරි උදේම පැමිණ බෝ මළුව ඇමදා මල් පහන් පූජා කර බුදුන් වැඳ ගිලන්ව සිටින අරියනන්ද හිමියන්ගේ ද සුවදුක් සොයා බලාගෙන කාලයක් තිස්සේ බී.එච්. සිරිසේන උපාසක මහතා පුරුද්දක් වශයෙන් කරගෙන යන අයෙකි.

බෝ මළුව වටා යමින් බෝධිය වන්දනාමාන කෙරෙන අතරවාරයේ සිරිසේන උපාසක මහතා දුටු දෙයක් ඔහු මොහොතක් වෙලා ගල් ගැසී ඒ දෙස බලා සිට ඇත.

බෝ මළුවේ සුදෝ සුදුවන් වැලි තලාවේ අසාමාන්‍ය පා සලකුණු දෙකක් සටහන්ව ඇති අයුරු දැකීම නිසා සිරිසේන උපාසක මහතා විශ්මයට පත්ව ඒ දෙස මොහොතක් බලා සිට බෝ මළුවේ බුදුන් වඳිමින් සිටි තවත් උපාසක මහත්මයකුට හා උපාසිකාවකට කතා කර ඇත.

ප්‍රභාකරන්ගේ බාල පුතා මැරුණේ මෙහෙමලු...

ප්‍රභාකරන්ගේ බාල පුතාගේ ඡායාරූප තුනක්‌ ඇසුරෙන් ගොඩනැඟුණු කතාවක්‌, මේ දිනවල ලෝක මානව හිමිකම් ක්‌ෂේත්‍රයේ අවධානය දිනාගෙන තිබේ.ප්‍රභාකරන් දරුවන් තිදෙනකුගේ පියකු වූ අතර වැඩිමලා චාල්ස්‌ ඇන්තනි ද මද්දුමයා ද්වාරකා ද, බාලයා බාලචන්ද්‍රන් ද විණ.

බාලචන්ද්‍රන් උපත ලබන්නේ 1996 ජනවාරි දහ වැනිදාය. ප්‍රභාකරන් විසින් ඉන් දින 21 කට පසු ශ්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ලොරියක්‌ එවන්නේ එම සතුට සමරන්නටදැයි වාර්තා වී නැතත් එයින් නිරායුධ සිවිල් වැසියන් අනූවක්‌ මියගිය අතර 1400 ක්‌ තුවාල ලැබූහ.

ප්‍රභාකරන්ගේ බාල පුතාගේ යෑයි සඳහන් කරමින් නිකුත් වී තිබෙන ඡායාරූප ඇතුළත් වී ඇත්තේ චැනල් ෆෝ නාලිකාව විසින් නිපදවන ලද "නෝ යර් සෝන්ථ ද කීලින් ෆිල්ඩ්ස්‌ ඔෆ් ශ්‍රී ලංකා" යන වාර්තා වැඩසටහනේය. 

මෙහි අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ විසින් අදාළ ඡායාරූප තුන ඇසුරෙන් අපූර්ව කතාවක්‌ නිපදවා තිබේ. පළමු පින්තූර දෙකෙහි තිබෙන්නේ කොට කලිසමකින් හා නිරුවත් උඩුකය, කරෙන් සරමක්‌ පෙරවීමෙන් වසාගෙන, වාඩිලාගෙන සිටින වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවෙකි. 

කකුල යටින් පේනව නම් පේනවා කියල කියන්න ජායාරූප ශිල්පියාට කියන්න පුළුවන් වෙන්න ඕනේ.

විදෙස් සගරාවකට නිරුවතින් හෝ පෙනී සිටින්න පුළුවන්...

ඔවුන් ඡායාරූප ගන්නේ වල් කමින් නෙමෙයි කලාත්මක ඇසින්...

ඡායාරූප ශිල්පියෙකු ඡායාරූප ගනිද්දී කකුල යටින් පේනව නම් ‘ යුරේනි, පේනවා’ කියල කීමට වැදගත් කමක් ජායාරූප ශිල්පියකුට තිබිය යුතු බව නිළියක්, මෝස්තර නිරූපන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන යුරේනි නොෂිකා පවසනවා.

යුරේනි, මේ බව පවසා ඇත්තේ පසුගිය කාලයේ ඇගේ ඇග පසග වැඩියෙන් පෙනෙන ආකාරයේ ඡායාරූප පල කිරීම සම්බන්ධයෙන් පුවත් පතක් සමග ඇතිකරගත් ආරවුල ගැන දිනපතා පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් කළ විමසීමකදීය. 

එම සම්මුඛ සාකච්ඡාවේදී අදාල ජායාරූප ශිල්පියා දිගින් දිගටම විවේචනය කර ඇති යුරේනි, එම ඡායාරූපය ගත් ජායාරූප ශිල්පියා ඒවා ගෙන ඇත්තේ වල් කමින් බවද පවසා තිබෙනවා.