Ads 468x60px

.

මුළු බලපිටියම කම්පාවට පත්කරමින් හිත්පිත් නැති ලොරි රථ මාරයා නදීශානි බිලිගත් හැටි...

යෞවනයේ සුන්දරත්වය මැද අධ්‍යාපන කටයුතු සාර්ථක කර අනාගත ලෝකය දිරියෙන් ජයගන්නට වෙර දැරූ ත්‍රිශාක්‍යා නදීශානි ද සිල්වා නමැති 22 හැවිරිදි දිරිය දියණියගේ හදිසි අභාවයෙන් බලපිටිය වලගෙදර පුරා ශෝකය මුසු අන්ධකාරය පැතිර තිබෙනවා. ඇය ජීවිතයේ වැඩියෙන්ම සතුටට පත්වූ දවස සරසවියට තමා තේරී ඇති බව දැනගත් දිනය විය.

"අම්මේ මම සරසවියට ගිහින් උපාධිය පාස්‌වෙලා අම්මා වගේම අනාගත පරපුරට අකුරු කියලා දෙන්න ඉස්‌කෝලෙ හාමිනේ කෙනෙක්‌ වෙනවා. එතකොට මට පුළුවන් වේවි අනාගතය බාරගන්න දරුවන්ට මම දන්න හැම දෙයක්‌ම කියලා දෙන්න. 

ඒ විතරක්‌ නෙමෙයි මල්ලීටත් හොඳට උගන්වා ගන්න පුළුවන්." යන අහිංසක සිතුවිලි ත්‍රි්‍රශාක්‍යාගේ හදවතේ ලැඟුම්ගත් එකම බලාපොරොත්තුව වූවාය. එහෙත් භද්‍ර යෞවනයේ සුන්දරත්වය නිමේෂයකින් යටපත් කරමින් ගිනිගත් "හිරු" තම රැස්‌ දහරාව පොළොව මත පතිතකොට නිදහස්‌ වුවද එම අව්රශ්මියට වඩා දැඩි උණුසුමක්‌ දැනුනේ ත්‍රිශාක්‍යාගේ දෙමාපියන්ටය.

මේ දවස් වල රෑට නින්ද යන්නේ නැතුව දාඩිය දාන හේතුව

වැඩිපුර ජලය පානය කිරීම අත්‍යවශ්‍යයි...

ලබන මස 05 වැනිදා වන විට රස්‌නය තවදුරටත් ඉහළට...

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින දැඩි උණුසුම ඉදිරි දිනවලදී තව දුරටත් වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දහවල් කාලයේ අහස වලාකුළු රහිත වීම හේතුවෙන් හිරුඑළිය සෘජුවම පොළොවට පතිත වන බවත්,
ඒ අනුව පොළොව රත්වීමෙන් ජල වාෂ්ප ඉහළට ඇදී ගොස්‌ හවස්‌ කාලය වන විට අහසේ වැහි වලාකුළු නිර්මාණයවීමත් මේ දිනවල සාමාන්‍ය කාලගුණික ක්‍රියාවලිය බව කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය මහත්මිය පවසනවා.

හිරුඑළිය සෘජුවම පොළොවට පතිතවීමත්, පොළොව රත්වීමත්, වාතයේ වැඩි වශයෙන් ජල වාෂ්ප රැඳීමත්, සුළං හැමීම ඉතා අඩුවෙන් සිදුවීමත්, තාපය මගින් ජලය ඉහළට ඇදගෙන යැමත් නිසා මිනිසුන්ට හා සතුන්ට දැඩි ලෙස රස්‌නය දැනෙන අතර ගහකොළ පොළව වියළී යන බවත් දහවල් කාලයේ දැකගත හැකි බව
මහත්මිය පවසනවා.

දහම් සිරිසේන සහ ඔහුගේ මිතුරන්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස් කරලා

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන ඇතුළු මිතුරන් පිරිසක්‌ විසින් බීමතින් පාසිකුඩා වෙරළේදී නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා වන අසේල වෛද්‍යාලංකාරට පහර දුන් සිද්ධිය දැන් මුළු රටම දන්නා පුවතකි.

දහම් සිරිසේන ඇතුළු  ඔහුගේ මිතුරන් මෙම පුද්ගලික චාරිකාව සඳහා පැමිණ තිබුනේ සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් සුපිරි වාහන වලිනි. මෙම පිරිස බීමතින් පාසිකුඩා වෙරළේ සිටි අතර ඒ අවස්ථාවේදී වෙරළේ සිටි අසේල වෛද්‍යාලංකාරගේ බිරිඳ පසුබිම් කොට ඇඳිවත ගලවා නිරුවතින් චායාරූප ගැනීමේදී එය වැළකීමට ගිය අසේලට, දහම් සිරිසේන සහ ඔහුගේ මිතුරන් විසින් සිහි නැති වන තුරු පහර දී තිබේ.