Ads 468x60px

.

පසුගිය මාසයේ කොළඹ වරායට පැමිණි නැවෙන් ප්‍රමිතියෙන් තොර ඩීසල් ගොඩබෑමේ සූදානමක්.

පෙට්‍රල්වල කිසි ප්‍රශ්නයක් නැහැ...

ඩීසල් කොහොමවත් බාන්න දෙන්නේ නැහැ...

එහෙත් ඩීසල් පරීක්ෂා කිරීමට අවසර ලබාදී නැතිලු...

IOC සමාගම සඳහා ඉන්ධන රැගෙන රැගෙන එමින් තිබූ නැව කොළඹ වරායට පැමිණ ඇත්තේ පසුගිය මාසයේය. එහි ඩීසල් ටොන් 5000ක් සහ පෙට්‍රල් ප්‍රමාණයක් තිබී ඇත. කෙසේ නමුත් එහි ඩීසල් තොගය ප්‍රමිති යෙන් තොරවීම නිසා එම ඩීසල් තොගය ගොඩබෑමට ඉඩ ලබාදී නැත.

කෙසේ නමත් එහි තිබූ පෙට්‍රල්වලින් ප්‍රමාණයක් කොළඹට ගොඩබා ඇත. එම පෙට්‍රල් ප්‍රමිතියෙන් යුක්ත බව Callon Petroleum Company (CPC)ය විසින් අවසන් වශයෙන් තහවුරු කර තිබේ.

එහි කාර්ය අවසන්වී පසු ගිය සෙනසුරාදා (09) මෙම නැව ත්‍රීකුණාමලය චයිනබේ වරායට ඇතුළුවී ඇත්තේ ඉතිරිව ඇති පෙට්‍රල් ප්‍රමාණය එහි පිහිටි IOC ටැංකි වෙත බෑම සඳහාය. සාමාන්‍ය ක්‍රමවේදය අනුව නැවක් පැමිණ පැයක් පමණ කාලයකදී එහි තෙල් සාම්පල් පරීක්ෂා කර තෙල් බෑමේ කටයතු ආරම්භ කළයුතු නමුත් පසුවදා ඉරිදා (10) දහවල් 1.30වන තෙක් තෙල් බෑමේ කටයුතු සිදුකර නැත.

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ චයිනබේ වරායට බාන ඉන්ධන සාම්පල් පරීක්ෂා කිරීමට සිටින නිලධාරියා විසින් තෙවතාවක්ම ඉන්ධන සාම්පල් පරීක්ෂා කළත් එය ප්‍රමිතියෙන් තොර වීමයි.

මෙසේ තහවුරු වූ බාල පෙට්‍රල් තොගයේ භාගයක් මෙවන විටත් කොළඹ වරායේදී ගොඩබා ඇති අතර එහිදී පරීක්ෂක වරන්ට යම් වැරදීමක් සිදුව ඇති බවත් හෝ අතයට ගනුදෙනුවකින් මෙම තෙල්සඳහා ප්‍රමිති සහතිකයක් ලබාදී ඇති බවයි. එම පෙට්‍රල් මේ වනවිටත් බෙදා හැර තිබේ.

පැපරාසියකුගේ අභිරහස් මරණය...

හිසට එල්ල කල එක වෙඩි ප්‍රහාරයකින් ලෝ ප්‍රකට පැපරාසියකු වූ ඩැනියෙල් ලෝ රෝමයේ ටෙස්ටෂියෝ හිදී, මරණයට පත්විය. උදැසන ව්‍යායාම සදහා දිවයන මාර්ගයේ ලේ විලක් මැද ඩැනියෙල් අවසන් ගමන් ගියේය.

බොහෝ දෙනෙකු පවසන්නේ මෙය මාෆියා කල්ලියක වැඩක් බවය. මිය යන විට ඔහු 42 වෙනි වියේ පසුවිය. ඩැනියෙල් රහසේ පටිගත කල තාරකාවන් අතර රිහනා , බියෝන්සේ ස්කාර්ලට් ජෝහැන්සන් ද , මෝස්‌තර නිර්මාණ ශිල්පී , ස්ටෙෆානෝ ඩොල්ස් හා ඩොමිනිකෝ ගැබනගේ පෙම් සුව විදින ජායාරුපද ඔහු විසින් පටිගත කෙරුණි. 

ඔහු ප්‍රසිද්ධියට පත්වුයේ මොල්ටවේදී බ්‍රදී පිටි වෙනත් කාන්තාවක සමග සමග සිටින ජායරුප ගෙන ඒවා ලොවට හෙළි කිරීමත් සමගයි. මෙම පින්තුර නිසා බ්‍රන්ඩිගේ පෙම්වතිය ඇන්ජලින ජොලි දැඩි කෝපයට හා සංවේගයට පත්විණ. ඔහුගේ මෙවැනි කාර්යන් නිසා බොහෝ පුද්ගලයින් ලජ්ජාවට පත්වුණා වගේම ඔවුන්ගේ පුද්ගලිකත්වයට දැඩිසේ හානිවිය. 

මෙම මරණයේ පරීක්ෂණ වල නිරත වූ නිලධාරීන් පවසන්නේ , ඔහු මාෆියා පව්ලක කෝපයට පත්වන යමක් කරන්නට ඇති බවත්, නැතහොත් ඔහු ගත් ජායාරුප ප්‍රසිද්ධ වනවාට අකමැති වූ කෙනෙකු මෙය කල වියහැකි බවත්ය. පසුගිය මාසයේදී, ඔහුගේ ජායාරුප ශාලාවේ සේවය කල සේවකයකු ද යතුරුපැදි අනතුරකින් මරණයට පත්වීමද, සැක සහිත තත්වයක් බව පරීක්ෂණ නිලධාරීන් පවසයි. 

ශෙරිල්ලට ඩුබායි සංචාරයේ දී පොට්ට චාන්ස් එකක්

ශෙරිල්ගේ මොට්ටුවට රෝහිතට හිත ගිහින්ලු...

ශෙරිල් පහුගිය 7 වෙනිදා ඩුබායි ගියානේ. එයා එයාගේ ඩුබායි සංචාරය ඉවර කරලා ගෙදර ඇවිත් තියෙන්නේ ඊයේ (12) උදේ. ඉතින් අපි ඒ ගැන විස්තර ටිකක් ගන්න ශෙරිල්ට කතා කරා.

ඒ වෙලාවේනම් ශෙරිල් හිටියේ කොත පුරෝලා බත් කන ගමන් කියලා තමයි එයා අපිට කිව්වේ. කොහොම හරි කමක් නෑ ඩුබායිවල සංගීත සංදර්ශනයක නර්ථන අංගවලට තමයි ශෙරිල් මේ විදිහට සහභාගී වූ‍ණේ.


මේ සංචාරයට ශෙරිල් ව‍ගේම අමිලා නදීශානි, චාමික සිරිමාන්න, ජය ශ්‍රී වගේ කලාකරුවන් පිරිසකුත් එකතු වෙලා තියෙනවා. අමිලා කට ඇරන් නිදාගත්තු හැටි වගේම අනිත් අය හොඳ හැටි ගොරවපු හැටිත් අපිට ආරංචි වුණා වගේම සංචාරය හරිම විනෝදජනකයි කියලයි ආරංචි වුණේ. 

ශෙරිල්ලට මේ සංචාරයේ දී පොට්ට චාන්ස් එකකුත් පෑදිලා තිබුණා. ඒ තමයි ගුවන්යානය පොළොවට ළඟාවෙන විදිහ වගේම ගුවන් යානය පදවන විදිහ ගුවන් නියමුවන්ගේම

රාජ්‍ය නොවන සංවිධානයක ඉල්ලීමට ගාමිණීපුර පවුල් 10ක්‌ බුදුදහම අත්හැරලා...

බුදු පිළිමත් අයින් කරලා...

හැටන් - ගාමිණිපුර ප්‍රදේශයේ පවුල් දහයක පමණ පිරිසක්‌ බුදුදහම අත්හැර වෙනත් ආගමකට හරවාගෙන තියෙනවා. මෙය කර තිබෙන්නේ එක්‌තරා රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් කොළඹ ප්‍රදේශයේදීය.මෙම පිරිස ගෙන්වා කරන ලද විමසීම් වලදී ඔවුන්ගෙන් මට දැනගන්න ලැබුණේ මෙම පිරිස ආගම් මාරු කර තියෙන්නේ ඉතාම සුළු දේවල් සඳහා බවයි. 

මේ අයගේ ගෙවල්වල තිබූ බුදු පිළිම පවා ඉවත් කර ඇති බවත් දැනගන්න ලැබුණා. හැටන් ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍ය මහාගම විමලනායක හිමියන් මේ බව පවසන ලද්දේ හැටන් තරුණ බෞද්ධ සංගමයේ තිස්‌ දෙවැනි (32) වාර්ෂික මහ සභා රැස්‌වීමේ අනුශාසනාව පවත්වමිනි.

හැටන් තරුණ බෞද්ධ සංගමයේ සභාපති බී. ඩබ්ලිව්. හැරිසන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වාර්ෂික මහ සභා රැස්‌වීම පැවැති අතර එහිදී තවදුරටත් කරුණු දැක්‌වූ පූජ්‍ය මහගම විමලනායක හිමියන් - බුදුදහම කියන්නේ නිදහසේ අදහන්න පුළුවන් ආගමක්‌. මේ වන විට බෞද්ධයන් විවිධ ක්‍රම ඔස්‌සේ වෙනත් ආගම් වලට හරවා ගැනීම් සිදුකරනවා. මේ පිළිබඳ අපි සැලකිලිමත් විය යුතුයි.

දිනක්‌ අප විහාරස්‌ථානයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිමය පාමුල ඡේසුතුමන්ගේ පිළිරුවක්‌ යම් අයකු විසින් තබා ගොස්‌ තිබුණා. මා එය රැගෙන ක්‍රිස්‌තු ආගම අදහන අයකුට කතා කර එය දීලා එම පිළිමය ගෙදර ගෙනගොස්‌ ආගමික වතාවත් සිදුකරන ලෙසට උපදෙස්‌ ලබාදුන්නා.