Ads 468x60px

.

මත්තල ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි..!

ජනපති මහින්ද ජපානයෙන් MRIA වෙත..
එයාර් ඇරබියා මත්තලට...

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ඊයේ (14) පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල අසල ගුවනේදී අකරතැබ්බකට මුහුණදී ඇති වාර්තා වෙනවා.

පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් ගුවන්යානයේ ඉදිරිපස ගැටී ඇති අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන්නියමු තෙවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා. කෙසේවුවද සිදුවීමට ගිය අනතුර වලක්වා ගැනීමට ගුවන් නියමුවා සමත්ව තිබෙනවා.

නිරන්තරයෙන් සතුන් ගැවසෙන අභය භූමි ප්‍රදේශයක පිහිටි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා බැස්සවිමේදී හා නැග්ගවිමේදී මෙවැනි අනතුරු වලට ඉලක්කවිමේ අවධානමක් පවතින බව 'ශ්‍රී ලන්කන්'ගුවන් සමාගමේ ප්‍රධානියකු අපවෙත පැවසුවා.

ලෝකයම බලපු මගේ ඇස් දෙකම පේන්නේ නෑ - ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ ආයුර්වේද කොමසාරිස්.

ප්‍රතිකාරවලට පිටරට යන්න වෙයි කියලා වෛද්‍යවරු කියනවා...

ඉකුත් 22 වැනිදා අලුයම 4.30 ට පමණ අල්විස්‌ මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිල නිවසට කඩා වැදුණු සෙබළෙකු සහ තවත් පුද්ගලයෙකු ඒ මහතාගේ මුහුණට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ල කර පළාගොස්‌ තිබුණු පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. එහිදී බරපතළ පිළිස්‌සුම් තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. එහිදී ඔහුගෙන් අප කල විමසුමකදී ඔහු මෙසේ පැවසුවා.

මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය චරිත් ෆොන්සේකා මහතා මට ප්‍රතිකාර කරනවා. මගේ ඇස් දෙකේ කාච දෙකම පිළිස්සිලා. කාච සම්බන්ධ වන ස්නායුත් විනාශ වෙලා. දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු පුවත්පත්වලට ලබා දී ඇති බොහෝ කරුණු වැරදියි. ප්‍රධාන සැකකරුගේ බිරියගේ මාරුවීම පිළිබඳව ඔහු කියනවා.

නමුත් ඔහුගේ බිරිය ගම්පහ ආයුර්වේද රෝහලට මාරු කර යවා තිබෙන්නේ මම ආයුර්වේද කොමසාරිස්වරයා වශයෙන් වැඩ බාරගැනීමට පෙරයි. මම එම මාරු වීම ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. එම මාරු වීම මට පෙර සිටි කොමසාරිස්වරයා කළ එකක්. ඒ උසස්වීමක් අනුවයි.

මාලනීගේ හිමි නැති පෙම නිරෝෂා හොරකම් කළාද..? (වීඩියෝ)

මුල් ගීතය හොඳට හෝ ඊට වඩා කාලකණ්ණි විදියට ගායනා කරන්න පුළුවන්...

පරණ ගීත කිය කියා ඒවා හැඳි ගගා ඉන්නෙ නැතිව අපි අලුත් දෙයක් කරන්න ඕනේ...

මීට වසර කිහිපයකට පෙර අප අතරින් වියෝවූ , ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මිය “හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොළඳ වෙලා” යන ගීතය මුල්වරට ගැයුවේ , මීට දශක කිහිපයකට ඉහතදීය. 

දශක ගණනාවක් පැරණි වුවද, ඇගේ හඩින් ඇසෙන ඒ ගීතය අපේ රටේ ගීත රසිකයන් අතර තවමත් ජනප්‍රිය බැව් අවිවාදිතය. එසේ වුවද, මෑතක සිට ඒ ගීතයම ගායන ශිල්පිනී නිරෝෂා  විරාජිනිගේ හඩින්ද නව ආරකින් අසන්නට ලැබෙනවා . 

මේ වන විට “යූ ටියුබ්” (You Tube) වබේ අඩවිය වෙතද මුදාහැර තිබෙන ඒ ගීතය සම්බන්ධයෙන් ගීත රසිකයන්ද විවිධ වූ මත පළ කරන්නට පටන් ගෙන තිබෙන බැවින්, මාලනී බුලත්සිංහල මහත්මියගේ පුත් කසුන් කල්හාර ජයවර්ධන මෙසේ සංවාදයට එක්කර ගත්තේ , “හිමි නැති පෙමකට” නිරෝෂාගේ හඩින් නැවත නිර්මාණය වීම ගැන ඔහුගේ මතය දැන ගනු සඳහායි.

මාලනී බුලත්සිංහල මහත්මිය විසින් ගායනා කරන ලද ගීතවල අයිතිය දැන් තිබෙන්නේ කාටද?