Ads 468x60px

.

මට නරක මිනිහා කියන්න එපා. මම මේ දඹරැඟිල්ල දික්කරලයි කියන්නේ - මර්වින්

චන්ද්‍රිකා මගේ චරිතය ඝාතනය කර තියෙනවා... 

මම ඇයට මගේ කට අවුස්ස ගන්න එපා කියලා අනතුරු ඇඟවීමක් කර තියෙනවා.

මම දිවුලපිටිය ආසනයේ  ඕනෑ ම තැනක යන්න පුළුවන්. මම දිවුලපිටිය ජනතාවට ආදරෙයි. මම සෑම දවසක ම කරන්නේ පින්පොතේ ලියැවෙන වැඩ. අද දවසෙත් එසේම යි.

මම ඔළුව නමන්නේ මහා සංඝ රත්නයට සහ රාජපක්ෂලාට පමණයි. ජනාධිපතිතුමා රටේ ජාති, කුල, ආගම්, භේද නැතිකරලයි තියෙන්නේ. යම්කිසි පුද්ගලයෙක් හෝ පිරිසක් නැවත ජාති, කුල, ආගම් භේද අවුස්සා රටේ සාමය නැතිකරන්න උත්සාහ ගන්නවා නම් ඊට මම දැඩි ලෙස විරුද්ධ වෙනවා. මට නරක මිනිහා කියන්න එපා. මම මේ දඹරැඟිල්ල දික්කරලයි ඒ බව කියන්නේ.

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයේ ආසන හතරක පැවැති උත්සවවලට සහභාගී වෙමින් පැවැසීය.

මම කෙළින් වැඩකරන මිනිහෙක්, ඡන්ද වෙලාවට ඡන්ද ගන්න හැටි මම දන්නවා. මම දේශපාලනය කරන්නේ කැලණියේ හා ගම්පහ දිස්ත‍්‍රික්කයේ පමණයි යැයි ද ඔහු කීය.

යුද අපරාධ චෝදනා රැගත් තවත් ඡායාරූප!

හමුදාවට එරෙහිව ඉදිරිපත් කරන අභූත චෝදනා...

ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ල වන ඡායාරුපයක් සහ වීඩියෝ පටයක්  ජනමාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.මෙතෙක් හෙළි නොවූ සේ සැලකෙන මෙම ඡායාරූපය බීබීසී යට ලබා දී ඇත්තේ ලන්ඩනය මුලස්ථාන කොට ගත් ජගත් දමිළ මුළුව (GTF) විසිනි.

අත් අඩංගුවේ පසුවන දෙමළ යයි සැක කළ හැකි පිරිසකගේ දෑත් පසුපසට බැඳ තිබෙන අකාරය මෙම ඡායාරුපයෙන් පෙන්නුම් කැරේ. එම කණ්ඩායම අතර පිරිමි දරුවකුද සිටී. වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ අත්අඩංගුවේ වන පිරිසකට වෙඩි තබන ආකාරයයි.

හිසට වෙඩි වැදී මිය ගිය පිරිමි දරුවකු එහි දක්නට සිටී. වීඩියෝ පටයේ දැක්වෙන පරිදි ඡායාරූපයේ දැක්වෙන දරුවා යුද හමුදා අත් අඩංගුවේ බවට සැක කෙරෙන බව ජගත් දමිළ මුළුවේ ප්‍රකාශක සුරේන් සුරේන්දිරන් මහතා බිබිසි සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

මෙවැනි අසත්‍ය පුවත් ඡායාරූප වෙබ් අඩවිවල පළවීම ඇත්තටම අපේ ජීවිතයට කැළලක් - සුරේෂ්

මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි...

මේ දවස්වල කාගේත් කතා බහට ලක්වෙන ජනප්‍රිය තරුවක් තමයි සුරේෂ් ගමගේ. අන්තර්ජාලයේ පැතිරුණු අසත්‍ය පුවතක් නිසා මේ දවස්වල ඔහු නොහිතපු විදිහේ අකරතැබ්බයකට මුහුණ පාලා. ඒ නිසා සුරේෂ් මේ දවස්වල තරමක් කනස්සල්ලෙන් පසුවෙන බව අපිට දැනගන්නට ලැබුණා.

“මම එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ ‘ඇතුවත් බෑ නැතුවත් බෑ’ චිත්‍රපටයේ පසුගිය දවස්වල රඟපෑවා. එහි ප්‍රධාන චරිතයක් තමයි රඟපෑවේ.

ඒ චිත්‍රපටයේ විවාහ වෙන දර්ශනයක් තිබෙනවා. මේ දර්ශනයේ පින්තූර තමයි කවුරුන් හෝ වංචනික ඉතා ම පහත් පුද්ගලයෙක් අන්තර් ජාලයේ පතුරලා තිබෙන්නේ. ‘සුරේෂ් කසාද බඳියි’ කියලා.

අකලංක කියන්නෙ ඇත්තටම හොඳ පුද්ගලයෙක් - (පබා) උපේක්‍ෂා ස්වර්ණමාලි.

ඔහු මට හොඳ මිතුරෙක්... ඉන් එහා දෙයක් නෑ...

ජීවිතය අලුතෙන් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා...

 නමුත් මම ඒකට හදිසි වෙන්නේ නෑ...

බොහෝ දෙනකු ඇයව හඳුන්වන්නේ ‘පබා’ නමිනි. ඒ ඇය ‘පබා’ ටෙලි නාට්‍යයේ නිරූපණය කළ චරිතය නිසාය. ඇය උපේක්‍ෂා ස්වර්ණමාලි. උපේක්‍ෂා අපට සිටින දක්‍ෂතම රංගන ශිල්පිනියකි. නර්තන ශිල්පිනියකි.දැන් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.

උපේක්‍ෂා රංගනයෙන් දායක වූ “බෝම්බ සහ රෝස” චිත්‍රපටය මේ දිනවල ප්‍රේක්‍ෂක ප්‍රසාදය දිනා ඇත. අප අද උපේක්‍ෂා ස්වර්ණමාලි හමුවන්නේ ඇයගේ නවතම තොරතුරු පිළිබඳව කතාබහ කිරීමටය.

උපේක්‍ෂා මොන වගේ වැඩත් එක්කද ඔබ මේ දිනවල කාලය ගෙවන්නේ?