Ads 468x60px

.

ඉන්දියාවේ කැලෑවකදී කාන්තාවක් සැමියා ඉදිරිපිට 8 දෙනෙක් දුෂණය කරලා...

කාන්තාවට උණබට වලිනුත් පහර දීලා...

සිද්ධිය වුනේ සිකුරාදා රාත‍්‍රී 9 ට.

ස්විස් ජාතික සංචාරක කාන්තාවක් ඇයගේ සැමියා ඉදිරිපිට 8 දෙනෙකු විසින් සමූහ දුෂණයට ලක් කර ඇතැයි ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ වලින් වාර්තා වෙනවා.

මේ සිද්ධිය සම්බන්ධව 15 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තා කර
නවා. සිකුරාදා රාත‍්‍රී 9 ට පමණ ඬේෂියා පලාතේ කැලෑබද ප‍්‍රදේශයකදී මේ සිද්ධිය සිදුවී තිබෙනවා.

39 වියැති මේ කාන්තාවට උණබට හා වෙනත් දේවලින් පහර දී ඔවුන් සතු මුදල්, ලැප්ටොප්, කැමරා, දුරකථන ආදියද පැහැරගෙන තිබෙනවා. 

ඇය ඉක්මනින් රෝහල්ගත කරනු ලැබුණි. පොලිස් අධ්‍යක්ෂක නන්දන් කුමාර් ඩුබේ කියා සිටියේ සැක කරුවන් හඳුනාගෙන ඇති බවය. නමුත් ජාතික කාන්තා මණ්ඩලයේ සභාපතිනි මම්තා ෂර්මා කියන්නේ රජය මේ පිලිබඳව ක‍්‍රියාත්මත වීම මන්දගාමී බවයි.

නදීෂා හේමමාලිගේ දකුණු ඇහැට මොකද වුනේ.

ජනප්‍රිය නිළියක් වන නදීෂා හේමමාලි සැත් කමකට භාජනයවී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

කලක සිට දකුණු ඇසේ පැවතී ආබාධයක් හේතු කොටගෙන, නදීෂා හේමමාලි පසුගිය දිනයකදී අක්ෂි ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.

මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදුවී ඇති අතර ශෛල්‍යකර්මයට පෙර සහ පසු නදීෂා තම ඇපල් ජංගම දුරකතනයෙන් ගත් ජයාරූප අප වෙත ලැබී
තිබෙනවා.

රට නඟන - නිල් රැල්ල අතරේ චන්දිමගේ 'ලිප්ස්ටික් කතාවට' ගීතාගේ මුහුණ රතුවුනු හේතුව

නෝනලා වගයක් ගීතා නෝනා වගේ ලිප්ස්ටික් ගාගෙන තමයි ආවේ...

කියපු කතාව වැරැදියි -ගීතා
මට ඕන දේ මම කියනවා -චන්දිම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජන බලගැන්වීම සඳහා ක්‍රියාත්මක වන 'රට නඟන - නිල් රැල්ල'ට සම්බන්ධ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමේදී ලිප්ස්ටික් ප්‍රශ්නයක් මුල් කරගෙන නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා හා බෙන්තර - ඇල්පිටිය ශ්‍රී ල.නි.පක්ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබෙනවා.

මේ රැස්වීමේදී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා "හබරාදුවට ගෙන් ගෙට යෑමට එජාපයේ නෝනලා වගයක් පසුගිය කාලයේ ආවා. ඒ නෝනලා කවුරුත් හඳුනන්නේ නැහැ. ගීතා නෝනා වගේ ලිප්ස්ටික් ගාගෙන තමයි ආවේ" කියා සිය කතාවේදී පවසා තිබෙනවා.

නියෝජ්‍ය කතානායකවරයාගේ ලිප්ස්ටික් කතාවත් සමඟ ගීතා කුමාරසිංහ මහත්මියගේ මුහුණ රතුවී
තිබෙනවා. ඒ සමඟම රැස්වීමේ සිටි පළාත් පාලන නියෝජිතයන් කිහිප දෙනකු මේ කතාවට සිනාසී තිබෙනවා. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සිය කතාව අවසන් කොට අසුන වෙත යද්දි ගීතා කුමාරසිංහ මහත්මිය පවසා ඇත්තේ