Ads 468x60px

.

මෙන්න කලා ලෝකයේ අලුතින්ම ඉතිහාසයට එක්වෙන රෝමියෝ ජුලියට්...

රෝමියෝ අධ්‍යක්‍ෂක වරයෙක් ගෙදර යවලා

රෝමියෝගේ යක්‍ෂයා හිස් මුදුනටම...

රෝමියෝ ජුලියට්ල ගෙන් පිරුණු අපේ කලා ලෝකයේ අලුතින්ම ඉතිහාසයට එක්වෙන රෝමියෝ ජුලියට් ගයාන් සහ චතුරිකාලු. එහෙම කියන්නේ අපි නෙවෙයි "හිරු තනිවෙලා" ටෙලිනාට්‍යයේ උදවිය. දෙයක් කියන්නේ හේතු ඇතිවනේ. 

කට්ටිය කියන්නේ දෙන්නට මේ නම් පට බැඳිලා තියෙන්නේ කැමරාව ඉදිරියේ වගේම පිටදීත් හරි අපූරුවට ප්‍රේම ජවනිකා රඟපාන නිසාලු. 

කට කැඩිච්ච අය එහෙම කිව්වට කවුද දන්නෙ රූගත කිරීම් වලට පෙර පුහුණුවීම් කරනවද කියලා. ඒක කමක්නෑ කියමුකෝ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යලිත් නවක වදය.

ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට පෑන් ඇතුල් කරනවා...

එක ළමයෙක්ව බලහත්කාරයෙන් මුඛ සංසර්ගයේ යොදවාගෙන...

තව ළමයෙක් නිරුවත් කරවලා ඇඟට මුත්‍රා කරලා...

පසුගිය මාර්තු 17 වන ඉරිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අක්බර් නේවාසිකාගාර යේ නැවතී සිටි පළමු වසර ඉංජිනේරු සිසුන් කණ්ඩායමකට ජේෂ්ඨ සිසුන් විසින් අමානුෂික අයුරින් නවක වදය ලබා දී ඇති බව හෙළිවෙනවා. 

නවක සිසුන් බලහත්කාරයෙන් දීර්ඝ වෙලාවක් අඩ නිරුවත් කොට ව්‍යායාම කරවා ඉන්පසුව ඔවුනට පිළුණු වූ බත් වැලි සහ පරවූ මල් සමග අනුභව කිරීමට සලස්වා තිබේ. මේ නිසා සමහර සිසුන් රෝගාතුර වී වෛද්‍ය ප්‍රතිකාර පවා ගෙන තිබෙනවා. 

මීගමුව රෝහලේ දූෂක ඝාතකයා බේරා ගැනීමේ තැතක්...

විස්තර කියද්දී මයුරානි මිස් කිව්වා මේ නම් සුදර්ශනයාම තමයි කියලා... 

2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා තරුණියක ඝාතනයට ලක්විය. ඇය මොනරාගල පදිංචි  කටුනායක ඇගලුම් කම්හලක සේවය කළ දුප්පත් පවුලක 23 හැවිරිදි චමිලා නම් වු තරුණියකි. 

මරණ පරීක්ෂණයේදී මේ තරුණිය උඩුමහලින් තල්ලු කිරීමට පෙර දුෂණයට ලක්ව සිටි බවද හෙළි විය. මේ  ඝාතනය සම්බන්දයෙන් සැකකරු වුයේ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ මීගමුව රෝහලේ සේවය කල  සුදර්ශන බාලගේ නමැති සීමාවාසික වෛද්‍යවරයාය.  

චමිලා ඝාතනයට ලක්ව වසර 5 ක් ගතවී ඇතත් තවමත් යුක්තිය ප්‍රමාදය. මේ වන විට සැකකරුට සහය පිණිස මිගමුව රෝහලේ , රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මෙන්ම වෛද්‍ය සභාවේ වෛද්‍යවරු කිහිප දෙනෙකු තිරය පසුපස සිට ක්‍රියා කරන බව හෙළි වී තිබේ. 

එසේම මෙම නඩුවේදී මිගමුව පොලිසියේ ක්‍රියා කලාපයද සැකයට තුඩු දේ. පොලිසිය විසින් වසර 5 ක් ඉක්මවා ගොස් තිබියදිත් අවැසි නඩු භාණ්ඩ සියල්ල ඉදිරිපත් නොකිරීම මත මෙම නඩුව යළිත්  2013 අප්‍රේල් 29 සහ 30 වනදා දක්වා කල් ගොස් තිබේ.

මෙම ඝාතනයේ  ප්‍රධාන සාක්ෂිකාරිය වන බියට්‍රිස් මහත්මියගේ ප්‍රකාශය


මම, ලේකම් මොහොට්ටිගේ බ්‍රියට්ට්‍රිස්. කෙටියෙන් කියනවා නම් එල්. එම්. බියට්‍රිස්. මම වැඩකලේ මීගමුව තලාදුව ප්‍රදේශයේ පිහිටි විල් ෂයින් කියන පවිත්‍රතා කම්කරුවන් සපයන ආයතනය යටතේ මීගමුව මහා රෝහලෙයි. මම විල් ෂයින් ආයතනය හරහා මීගමුව රෝහලට වැඩට ගියේ 2002 වසරේ.