Ads 468x60px

.

ඇත්තම කියනවා නම් නිහාල් ගම්හේවා ජනපි‍්‍රය කළේ මමයි. ඔහු මට ණයගැතියි - රෝයි පීරිස්

මගේ ‘මා දෑසේ වේදනා’ ශිහාන් මිහිරංගට විකුණලා...

ජාතික තරුණ සේවා සභාව හරහා රටට දායාද කෙරුණු සංගීතය, ගී පද රචනය සහ ගායනය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම කුසලතා සතු වූ ශිල්පීන් අතර රෝයි පීරිස් ද සිටී. රෝයි මේ දිනවල පසුවන්නේ තරමක ආවේගශීලී සිතුවිලි ඇතුවයි.

ඒ ඔහු ගායනා කළ නිහාල් ගම්හේවා විසින් තනු නිර්මාණය කර පද රචනය කළ “මා දෑසෙ වේදනා” සහ “රත්තරං ප්‍රාර්ථනා” ගීත නිහාල් විසින් දුරකථන සඳහා රිංගින්ටෝන් යොදන ව්‍යාපාරිකයෙකු හට විකිණීම හේතුවෙන් එම ගී ශිහාන් මිහිරංග සහ තීක්ෂණ අනුරාධ යන ගායකයින්ගේ හඬින් ගයා විකෘති කිරීම හේතුවෙනි. 


ඒ පිළිබඳව සංගීත ක්ෂේත්‍රයේ නොයෙකුත් මතිමතාන්තර මතු වී ඇති හෙයින් කෙළින්ම සිය අදහස් උදහස් විවෘතව හෙළිදරව් කරන්නට රෝයිට අපි අවසර දෙමු.

ජීවිතයට සමීප කෙනෙක් තාම නෑ -ශලනි තාරකා

තව අවුරුදු 2 ක් 3 ක් විතර ඉන්නයි හිතාගෙන ඉන්නේ...

මම මෙගා ටෙලි බාරගන්නේ නෑ...

ශලනි තාරකා දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. නර්තන ශිල්පිනියකි. පුංචි තිරය හරහා පසුගිය කාලයේ ඇය ප්‍රේක්ෂක හදවත් වලට වඩාත් ළං වූවාය. මේ දිනවල ඇය කාර්ය බහුලව සිටින්නේ සිනමා රංගනයට ශලිනි වැඩි දායකත්වයක් ලබාදෙන නිසාය. අද අප ශලිනි තාරකා කැඳවා ගත්තේ ඇයගේ නවතම තොරතුරු පිළිබඳ විමසා බලන්නටය.

මේ දවස්වල මොන වගේ වැඩත් එක්කද ඔබේ කාලය ගතවෙන්නේ?

මම රංගනයෙන් දායක වුණු ‘ස්පන්දන’, ‘මායාවි’ කියන චිත්‍රපට දෙකේ රූපගත කිරීම් අවසන් වුණේ මීට දින කීපයකට පෙරයි. ඊට අමතරව “සඳ පිණිදියක”, “හේඩි”, “තරු අහසට ආදරෙයි”, “හිරුට මුවාවී”, “දියමත ලියමි” ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට දායක වෙනවා. ඒ නිසා මේ දිනවල තරමක් කාර්ය බහුලයි.

පිළිකා රෝහලේ තාක්‍ෂණ ශිල්පිනිය නිවස තුළදීම පිහියෙන් ඇන ඝාතනය කිරීමේ අභිරහස මෙන්න...

සැමියා ඇයගෙන් වෙන් වෙලාලු ඉන්නේ...

ඝාතනය කිරීමට පෙර දූෂණයට ලක්‌වීදැයි සැක.

ඝාතකයා නාන කාමරයට වැදී නාලත් ගිහින්...

මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය රසායනාගාරයේ තාක්‍ෂණ ශිල්පිනියක ඊයේ (22 වැනිදා) අලුයම ඇගේ දෙමහල් නිවස තුළදීම පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා. ඇය ඝාතනය කළ සැකකරු ඇගේ පුතුට ද පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම නිසා ඔහු මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.

ඝාතනයට ලක්‌වී ඇති තාක්‍ෂණික ශිල්පිනිය 52 හැවිරිදි දෙදරු මවක වූ අතර ඇය බොරලැස්‌ගමුව කටුවාවල ඇහැලපේ තම නිවසේ තම බාල පුතු සමඟ වාසය කර තිබෙනවා.

මෙම ඝාතනයට සැකපිට එම නිවසේ උඩු මහලේ තැනීම් කටයුතුවල නිරත වූ පෙදරේරුවකු බොරලැස්‌ගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන
තිබෙනවා. මෙම ඝාතනය සඳහා යොදාගනු ලැබූ පිහිය ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඝාතනයට ලක්‌ වූ තිලකා නමැත්තියගේ සැමියා