මම බෑ කියල ඇඬුවා. කකුල් දෙක අල්ලලා වැඳලා ඇඬුවා...
බැරිම තැන දරුවො දෙන්නා නිදා ගන්න තුරු ඉන්න කිව්වා...
මගේ ජීවිතේ ගිනි ගත්තේ තහනම් ආදරයකින්!..
"පිරිමියෙක් නැතිව ගැහැනියෙකුට ජීවත් වෙන්න බැරිකමක් නෑ. ඒත් දරු පැටව් දෙන්නෙක් එක්‌ක ඒ ගැහැනියම මේ ජීවිතයේ තනි වුණොත්... සමාජය හැම වෙලේම බලන්නෙ ඒ ගැහැනිය වරදට පොළඹවා ගන්න. දැන් මගේ වයස 28 යි.
මේ විසිඅට අවුරුද්දට මං ඒ වගේ අවුරුදු 60 ක අද්දැකීම් ලබලා තියෙනවා. හැබැයි එක වතාවක් හරි වරදට යොමු වුණොත් ඉතිං ගැලවිල්ලක් නෑ. සමාජයෙන් හැමදාම අපවාද තමයි." මම මේ කතාව මේ විදියට කියන්න හිතුවේ ඒකයි.