Ads 468x60px

.

ටයිම් සඟරාවේ කවරයට ගිය තරුණියගේ කතාව...

දොළහ ලබද්දීම ණය ගනුදෙනුවකට කරකාර බන්දා දීලා...

සිය විවාහ දිවියේ කටුක වේදනාවන් තවදුරටත් දරාගත නොහී නිවසින් පලාගිය වරදට සිය ස්වාමියා ඇතුළු නෑදෑ පිරිස විසින් ඉතා අමානුෂික ලෙස තම දෙකන් හා නාසය කපා දැමීමේ වේදනාකාරී අත්දැකීමට මුහුණ දුන් අයිෂා මොහොමඩ් සායි’ තරුණිය කාන්තා හිංසනයට එරෙහිව නැගී සිටින කාට වුවද ආගන්තුක නොවන බවට සැකයක් නැත. 

අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර ටයිම් සඟරාවේ කවරයට ඇගේ දුක්ඛිත අත්දැකීමට ලක් වූ රුව එක් වීමත් සමග ඇයට ලෝක ප්‍රජාවගේ අවධානය නිතැතින් හිමි වූවා පමණක් නොව හිංසනයට ලක්වන සමස්ත ඇෆ්ගනිස්ථානු කාන්තා ප්‍රජාවගේම නියෝජනයක් බවටද පත් වූවාය.  

එම වේදනාකාරී අත්දැකීමට ලක් වීමෙන් තෙවසරකට පසුව එකී දහනව හැවිරිදි  තරුණිය අද නව ජීවිතයක් පමණක් නොව තමාට අහිමි වූ නාසය වෙනුවට අලුත් නාසයක්ද නූතන විද්‍යාවේ බල මහිමයෙන් හිමිකර ගැනීමට වාසනාව ලබා ඇත.

මත්තල ගුවනේදී ගුවන් යානයකට යළි අනතුරක්...

එම යානය ගමන් කලේ නම් වීදුරුව ඉවරයි...

මාලේ නුවර සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත ගොස්, යලි කටුනායක බලා එමින් සිටි 'ශ්‍රී ලංකන්' ගුවන් සේවයට අයත් UL114 ගුවන් යානය මත්තල ගුවනේ දී ඊයේ (25) අනතුරකට ලක් ව තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ, එම යානය යළි ගුවන් ගතකිරීමෙන් පසු කුරුල්ලන් රංචුවක් යානයේ නියමු කුටියට ඉදිරියෙන් ඇති වීදුරුවේ (Windscreen) හැපී තිබීමයි. ඒ හේතුවෙන් එම වීදුරුවේ ඉරිතැලී ගොස්  තිබී ඇති නමුත්, එය පිපිරීමකට ලක්ව නොමැති බව වාර්තා වෙනවා.

මෙම අනතුරින් පසුව යානය විනාඩි 10 ක් ඇතුළත කටුනායක ගුවන් තොටුපළට රැගෙන ඒමට ජ්‍යෙෂ්ඨ නියමුවෙකු වූ එම යානයේ නියමුවා සමත්ව ඇති අතර,  තවත් විනාඩි 20 ක කාලයක් අඩි 3000 ක ඉහළ අහසේ එම යානය ගමන් කලේ නම් එම වීදුරුව කැඩීයාමට ඉඩතිබූ බව පැවසෙනවා.