Ads 468x60px

.

ශ්‍රී ලංකාව අඳුරු සෙවනැලි අතරින්...

ශ්‍රී ලංකාව අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් බවට අප විසින් කල හැඳින්වීමට සමහරු නොසතුට දැක්වුහ. 

නමුත් මේ වන විට එම වනචාරී දේශය පිලිබඳ අපගේ අර්ථකථනය සත්‍ය වමින් පවතින බව ලංකාවේ මේ වන විට සිදුවෙමින් පවතින තත්වය විශ්ලේෂණය කරන්නෙකුට පැහැදිලි වනු ඇත. 

ලංකාව යනු අසමත් රජයක් පමණක් නොවේ අසමත් ජාතියකි. මෙහිදී  අසමත් ජාතිය ලෙස හඳුන්වන්නේ සිංහල , දෙමල මුස්ලිම් යන ජාතීන්ගෙන් සමන්විතවූ ශ්‍රී ලංකික ජාතියයි. 

මේ අසමත්භාවයට වග කිව යුත්තේ දේශපාලකයන් පමණක් නොවේ, මේ රටේ ඉදිරි ගමන්කරුවන් වූ , පුජ්‍ය පක්ෂය, කලාකරුවෝ, මාධ්‍යවේදීන් යනාදී සියලුම  සංයුතියන්ගෙන් සමන්විත වූ ප්‍රජාවද මේ සඳහා වග කිව යුතුය. 

මේ අසමත්භාවයට මුලික හේතුව ලෙස සඳහන් කල හැක්කේ ශ්‍රී ලාංකිකයා තුල ඇති  සංස්කෘතිමය අශිෂ්ඨභාවය සහ උසස් සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් ගොඩනැගීමේ ලා ඇති අසමත් භාවයයි. 

වර්තමාන ලෝකයට අනුරූපී වන ලෙසට උසස් සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් ගොඩනැගූ ජාතින් විද්‍යාව, තාක්ෂණය , කලාව , අධ්‍යාත්මික වර්ධනය පෙරදැරිකරගෙන ඉදිරියට ගමන් කිරිමත් ශ්‍රී ලංකිකයා තව දුරටත් පහතට වැටිමේත් රහස එයයි. 

හැම තිස්සෙම කටර් එකක් වගේ කියවන බුවිනි ගැන ඇත්ත කතාවක්...

අයියෝ.. කවුද අනේ මං ගැන ඔය විස්තර කිව්වේ...

තාමත් අවුරුදු 19 ක් වෙන බුවිනි චාපා කලා ක්ෂේත්‍රයට අලුතෙන් පායපු තරුවක් නිසා අපි අද එයා ගැනත් හොයලා බැලුවා.

අපිට ආරංචි වුණ විදිහටනම් බුවිනි කියන්නේ ගිනි බෝම්බයක්. ඒ තරමට කේන්ති ගන්නේ ඇයි කියලා බුවිනිගෙන් ඇහුවාම මූණ හරවලා ලස්සනට හිනා වුණා මිසක් අපිට ඒකට උත්තරයක්නම් බුවිනිගෙන් ගන්න ලැබුණේ නෑ.

හැම තිස්සෙම කටර් එකක් වගේ කියවන බුවිනි හැමතිස්සෙම අම්මට උදව් කරන්න කියලා කුස්සියට ගියාට කවමදාකවත් උදව් නම් කරලා නෑලු. උදව්වට කියලා ගිහින් කොතනක හරි වාඩිවෙලා ඉඳගෙන අම්මා උයලා ඉවර වෙනකම්ම කියව කියව ඉන්න බුවිනිගෙන් අම්මාගේ වැඩවලට පාඩු වෙන එක මිසක් කිසිම උදව්වක් නෑ කියලයි අපිට තතු දත් අයනම් කිව්වේ.