Ads 468x60px

.

එයා ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි – දමිතා , ඒකට දැන් ප්‍රමාද වැඩියි - සේමිණී...

එතකොට මේක සේමිණීගේ බොරු සැකයක්?

එක්තරා පෞද්ගලික ගුවන් විදුලි නාළිකා වක් ඔස්සේ ප්‍රචාරය වූ වැඩ සටහනකින් දමිතා අබේරත්න මට සහ මගේ පවුලේ උදවියට අපහාස වන ප්‍රකාශයක් කර තිබෙනවා. කෙනකු තව කෙනකුට ඇඟිල්ලක් දිගු කරන කොට ඒ කෙනා හිතන්න ඕනෑ තවත් ඇඟිලි හතරක් තමන් වෙත දිගු වී ඇති බව. 

ඇය මට විරුද්ධව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මම නීතිමය පියවර අරගෙන තිබෙනවා. එකම ක්ෂේත්‍රයේ එකම වෘත්තියේ නියැළෙන අය අතරේ මෙවැනි ආරාවුල්, අමනාපකම් සිදු විය යුතු නැහැයි කියන තැන මම ඉන්නේ.

නමුත් එය එසේ සිදුව තිබෙනවා. දැන් මෙය අධිකරණය හමුවේ පවතින ගැටලුවක් නිසා වැඩිදුර අදහස් ප්‍රකාශ කරන්න මම කැමැති නැහැ. නීති මාර්ගයෙන් මේ ගැටලුවට ඉදිරියේදී සාධාරණ විසඳුමක් ලැබෙයි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ කෙනෙකුගෙන් මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගන්න කියලා ඔබට ආරාධනයක් ලැබුණොත්?

චන්ද්‍රිකා - සනත් ඉලක්ක කර මඩ ප්‍රහාරයක් !

චිත්‍රපට නිෂ්පාදනය කර මුදල් ගසා කාලාලු....

ප්‍රංශයෙන් මීට වසර දහයකට පමණ පෙර ආනයනය කළ අද වන විට රුපියල් ලක්ෂ විසිදහසක් පමණ වටිනා චිත්‍රපට සැකසුම් සහ නිෂ්පාදන උපකරණ තොගයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන රජයේ ගබඩාවක ගොඩගසා තිබෙන බව ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත අද (04) විශේෂ හෙළිදරවුවක් යටතේ අනාවරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනිය හා එකල ඇයගේ මාධ්‍ය උපදේශකව සිටි ජනප්‍රිය නළු සනත් ගුණතිලක මහතා ඉලක්ක කර ගනිමින් මෙම පුවත් වාර්තාව පළකර ඇති අතර, එහි වැඩි දුරටත් මෙසේද දැක්වෙනවා .

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ''මචං ඥානසාර'' කියලා...

'මචං ඥානසාර' ලියු පැපරාසියා සි.අයි.ඩි.යට...

'පැපරාසියා' හි කර්තෘ 4 වන තට්ටුවට....

ජනප්‍රිය පුවත් සඟරාවක් වන 'පැපරාසියා' හි කර්තෘ සේපාල් අමරසිංහ මහතාට අද (04) පෙරවරු 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ 4 වන තට්ටුවට එන්නයි පොලිසිය විසින් දැනුම් දී තිබෙනවා.

අමරසිංහ මහතා මේ සම්බන්ධයෙන් කල විමසීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු පවසා ඇත්තේ, පසුගිය 'පැපරාසියා' සඟරා කලාපයක  බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ''මචං ඥානසාර'' යන ශීර්ෂය යටතේ  පලකල ලිපියක් සම්බන්ධයෙන්  ප්‍රශ්න කිරීමට අවශ්‍ය වී ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් පලක් නෑ : ෂරියා නීතිය රටට හොඳයි - තරුණ පිරිසක් කියයි...

ප්‍රජාතන්ත්‍රවාදයට යොමුවීම පාවාදීමක්ලු

ප්‍රජාතන්ත්‍රවාදයෙන් පාකිස්තානයට යහපතක් සිදුව නැති බව පාකිස්තාන තරුණ පරපුරෙන් අඩකට වැඩි ප්‍රමාණයක් විශ්වාස කරන අතර 40% කට ආසන්න ප්‍රමාණයක් ඉස්ලාමීය ෂරියා නීතිය රටට වඩා යෝග්‍ය බව කියා තිබෙනවා.ඊයේ ප්‍රකාශයට පත් සමික්ෂණ වාර්තාවකින් මේ බව අනාවරණය කර තිබෙනවා.

පාකිස්තානය මැයි 11 දා ඓතිහාසික මහ මැතිවරණයක් පවත්වනු ලබන මුත් බ්‍රිතාන්‍ය මණ්ඩලයෙන් නිකුත් එම වාර්තාවෙන් දැක්වෙන්නේ පවත්නා දේශපාලන ක්‍රමය පිළිබඳව වයස අවුරුදු 18-29 අතර ඡන්ද දායකයන් අතර ඇත්තේ දැඩි අසුබවාදී මතයක් බවයි.

'ඉදිරි පරපුර මැතිවරණයට යොමු වෙයි' යන හිසින් නිකුත් මේ සමීක්ෂණ වාර්තාවෙහි පාකිස්තානය වැරැදි දිශාවකට ගමන් කරන බව 96% ක් විශ්වාස කරන බවත් 3/1ක් ම ප්‍රජාතන්ත්‍රවාදයට වඩා හමුදා පාලනය ප්‍රිය කරන බවත් සඳහන්ව
තිබෙනවා.

විමල්ගේ මඩ වෙබ් අඩවියට නඩු දානවා – බොදු බල සේනා...

'සි නිවුස්' වෙබ් අඩවියට එරෙහිව බොදුබල සේනා නඩු මගට...

නිවාස ඇමති විමල් වීරවංශගේ අධික්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකට විරුද්ධව නඩු මගට බසින බවට බොදු බල සේනා සංවිධානය පවසනවා.

අනුරාධපුර නගරයේ පිහිටි මුස්ලිම් දහම් පාසලක් වැටලීමට බොදු බල සේනාව නැමැති සංවිධනයක් සැරසෙන බවට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි සදහන් ප‍්‍රවෘත්තියක් විමල්ගේ වෙබි අඩවියේ පලවී ඇති බවත් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනි සිටින බව හගවා තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් කි‍්‍රයාකරන මෙවැනි මඩ වෙබි අඩවි කි‍්‍රයා කරවන්නන්ට එරෙහිව නඩුමගට බැසීමට තමන් තීරණය කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ නායකයෙකු වන දිලන්ත විතානගේ
මහතා අපත් සමග දුරකතන සංවාදයකට එක් වෙමින් පැවසුවා.

මෙතෙක් කලක් බොදු බල සංවිධානයට අන්තර්ජාල පුවත් වෙබ් අඩවි තුල විශාල මතවාදී සහයෝගයක් දැක්වූ විමල් වීරවංශගේ වෙබ් අඩවිය සහ බොදු බල සංවිධානය අතර ඇතිවී තිබෙන මෙම ඝට්ටනය සිංහල ජාතිවාදි කදවුරෙ මුදුනා වීමෙ අවශ්‍යතාවය මත සිදුවන්නක් විය හැකි යැයි දේශපාලන විචාරකයෝ
පවසනවා.