Ads 468x60px

.

නෙහාරගෙයි මේනකගෙයි ලව් එක මාධ්‍යට වසන් කල හේතුව මෙන්න...

වෙලාවකට නෙහාරාගේ ආදරය මට කරදරයක්...මේනක

මේනක වෙනත් නිළියන් එක්ක රඟපාද්දී මට ලොකුම ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා...නෙහාරා

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් පුවත් මවන්නේ බොහෝ කලක සිටය. වරින්වර ඔවුන් දෙපොළ ගැන විවිධ කටකතා ක්ෂේත්‍රය පුරා පැවතිණ. ඒවාට මේනක, නෙහාරා පිළිතුරු බඳින්නට ද පසුබට නොවූහ.

මේනක - නෙහාරා විවාහයට සූදානම් වනවා...මේ ඔවුන් පිළිබඳ දැන ගන්නට ලැබුණු අලුත්ම පුවතය. එහි සත්‍ය අසත්‍යතාවය ගැන අපි ඔවුන් ගෙන් සෘජුවම විමසුවෙමු. මේනක ඒ සඳහා පළමුව අදහස් දැක්වීමට ඉදිරිපත්
වුනා.

සිංහල මවුවරු අට ලක්‌ෂ අනුතුන්දහක්‌ වඳ සැත්කම කරගෙන - ගලබොඩඅත්තේ ඥනසාර හිමි...

රටේ උරුමක්‌කාරයෝ කරුමක්‌කාරයෝ වෙලා...

ඇතැම් කාන්තාවන් මිනි පෙට්‌ටියෙන් එවනවා... 

තරුණ කාන්තාවන් වඳ කර එවනවා...

අද අපේ රටේ අපේ ජාතිය වඳ කිරීමේ ව්‍යාපෘතියක්‌ තිබෙනවා. එය වන්ධ්‍යාකරන ව්‍යාපෘතිය ලෙස හඳුන්වනවා. 1973 අවුරුද්දේ පුංචි පවුල රත්තරන් කියන සංකල්පය ගෙන ආවා. 

මේ ගැන පාලකයෝ සොයා බැලුවේ නැහැ. එදා ගෙනා අන පනත් අදටත් ක්‍රියාත්මක වෙනවා. අවුරුදු විසි හය සම්පූර්ණ නම් ඕනෑම කාන්තාවකට එල්. ආර්. ටී. සැත්කම කර ගන්න පුළුවන්. 2012 ට එහා පැත්තේ දස අවුරුදු කාලය තුළ සිංහල මවුවරු අට ලක්‌ෂ අනුතුන්දහක්‌ වඳ සැත්කම කරගෙන තිබෙනවා. මේවා කරන්නේ ගානක්‌ ගෙවලා ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකාව හරහා. එය ජාතියට කරන හරිම අපරාධයක්‌.

කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ පසුගිය 28 දා පැවැති බොදුබල සේනා දහම් කථිකාව. අමතා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමියෝ එසේ
පැවසුවා.

කැකිරාව, පලාගල පලුගස්‌වැව, තිරප්පනේ ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලය සහ කැකිරාව කේ. ටුවෙන්ටි සංවිධානය විසින් මෙම බොදු බල සේනා දහම් කථිකාවත සංවිධානය කර
තිබුණා.

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමියන් මෙසේද
පැවසුවා.

අද මේ රටේ ජමෙයිතුල්ලා උලමාවරු ෂරියා නීතිය ගෙනැල්ලා මේ රටේ අරාබියේ කොටසක්‌ කරන්න හදනවා. ඒවගේම අපේ රටට මත්කුඩු ගෙන්වන එකොළොස්‌ දෙනෙක්‌ ඉන්නවා.බොහොම දෙනෙක්‌ මුස්‌ලිම්වරු ඒ කුඩු ගෙන්නන එවුන් ඔවුන්ගේ ජාතියට කුඩු බොන්න දෙන්නේ නැහැ.