Ads 468x60px

.

අන්තර්ජාලය, අන්තර් ජංජාලයක් වූ හැටි...

ආයුෂ්මාන් කුර්නා පණ පිටින් මරා දමයි...

අන්තර්ජාලය, ජංජාලයක් ඇති කරන්නේ අදක ඊයෙක නොවෙයි. මිනිසා හෘදයාබාධ යකට ක්ෂණිකව ගොදුරු කිරීමට තරම් බියජනක පුවත් මේ මායා ජාලය ගෙන එයි. 

මෝඩයාගේ මාසය බොලිවුඩය නොබෝදා කම්පනයට පත් කළේ එවන් වූ හද ගැස්ම වේගවත් කරන පුවතකිනි. හිම ක්‍රීඩාවේ යෙදී සිටියදී ආයුෂ්මාන් කුර්නා මිය ගියා.

පවුලේ සාමාජිකයන් හා හිත මිතුරන් සමඟ ස්විස්ටර්ලන්තයේ නිවාඩු සමය ගත කරද්දී සීමට්වල ඔහු හිම ක්‍රීඩාවේ යෙදී තිබෙනවා. ආයුෂ්මාන්ට හිම පුවරුව පාලනය කළ නොහැකි වී ඉතා වේගයෙන් ගසක වැදීමෙන් ක්ෂණිකවම මිය ගොසින්. වහාම ළඟම ඇති රෝහල කරා ගෙන ගියත් ඒ වන විට ඔහු මිය ගොස් අවසානයි.

ආයුෂ්මාන් හිස් ආවරණයක් පැලඳ සිටියත් අනතුරට ගොදුරු වෙලා. ක්‍රීඩා කරන අවස්ථාවේ ඔහු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානයකර තිබුණු බවට සාක්ෂි ලැබී නැහැ.’ මේ පුවත සමාජ වෙබ් අඩවි ගණනාවකම ප්‍රධාන පුවත බවට පත් වී තිබුණි.

ට්විටර් ප්‍රවෘත්තියෙන් ධවල මන්දිරය කැලඹෙයි..

පිපිරීම් දෙකකින් ජනපති ඔබාමා තුවාල ලැබූ බව පළ කරලා...

ඇසෝසිඒටඩ් ‍‍ප්‍රෙස් ට්විටර් ජාලයේ ධවල මන්දිරයේ සිදුවු පිපිරීම් දෙකකින් ජනාධිපති ඔබාමා තුවාල ලබා ඇතැයි පළ වු ප්‍රවෘත්තියක් නිසා මහත් කලබැගෑනියක් ඇතිවි තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සමඟම එය ව්‍යාජ ප්‍රවෘත්තියක් බවට සඳහන් කරමින් ප්‍රවෘත්ති මාධ්‍ය සමාව
අයැද තිබෙනවා. සිරියන් ජනාධිපති බෂා අල් - අසාද් ට පක්ෂ පාතිත්වය දක්වන අන්තර්ජාල ක්‍රියාකාරින් කණ්ඩායමක් ප්‍රවෘත්තිය පළ කිරීමේ වගකිම බාරගෙන තිබෙනවා.

අම්බලන්තොට තැඹිලි පැළයක තැඹිලි ගෙඩි...

තැඹිලි පැළ තවානක තැඹිලි පැළයක තැඹිලි ගෙඩි හටගෙන තිබෙනවා. කුඩා ලෙස මල් සැදී තැඹිලි ගෙඩි රැසක් මේ පැළයේ හටගෙන තිබෙන අයුරු කැමරාවට හසුවූයේ අම්බලන්තොට බැරගම බෝගහ හන්දිය පී.එම්. ඩේවිට් මහතාගේ ගෙවත්තෙනි.

හත් හැවිරිදි දරුවා විකෘති කාමාතුරයෙක් ගෙල ටයිපටියෙන් සිරකර සාහසික ලෙස මරා දමලා...

වයස 7 යි තවම 2 වසරේ...

ටයි පටිය බෙල්ලේ ඔතලා මගේ පුතා මරා දමලා තිබුණා - දරුවාගේ මව හඬමින් කියයි
 
කෑගල්ල වලගම්බා විදුහලේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හත් හැවිරිදි ශිෂ්‍යයකු පැහැරගෙන ගොස්‌ ඇති නාඳුනන පුද්ගලයකු කෑගල්ල උඩකරඬුපොන නිල්මල්ගොඩවත්ත ප්‍රදේශයේදී එම ශිෂ්‍යයාගේ ගෙල ටයිපටියෙන් සිරකර සාහසික අන්දමින් ඝාතනය කර තිබෙනවා.


පෙරේදා (23 වැනිදා) දහවල් සිදුවී ඇති මෙම ඝාතනයෙන් කෑගල්ල ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිනවා. මෙසේ ඝාතනයට ලක්‌වූ පුෂ්පකුමාර විඡේකෝන් ශිෂ්‍යයාගේ සිරුර පොලිසිය මගින් පෙරේදා රාත්‍රී සොයාගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබියදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ කෑගල්ල පොලිසිය ශිෂ්‍යයා ඝාතනයට ලක්‌ව තිබූ පාළු නිවස ආසන්නයේ පදිංචිකරුවකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදාවෙන් විශ්‍රාම ගොස්‌ සිටින මෙම සැකකරු විකෘති ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා. මොහු සිය බිරිඳ සහ දරුවන්ගෙන් වෙන්වී හුදකලා ජීවිතයක්‌ ගත කරන පුද්ගලයකු බව පොලිසිය පවසනවා.