Ads 468x60px

.

මොරටු වැසියෝ කුපිත වී හිමි නම ඝාතන සැකකාර උප නගරාධිපති සුජිත් පුෂ්ප කුමාර එලවා දමයි

පැය දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර රියේ හිරවෙලා...

මාසික රැස්වීමට සහාභාගී වීමට බන්ධනාගාරයේ සිට ආ මොරටුව උප පුරපති සුජිත් පුෂ්ප කුමාර මහතාට ඊයේ (25) සංඝයා වහන්සේ ලා ප‍්‍රමුඛ පිරිසක් විසින් මගඇහිරීම නිසා සහභාගිවීමට නොවුණි.

ඔහු පැය දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර රියේ හිරවී සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය. මහා සංඝරත්නය ඇතුළු මහජනයාගේ විරෝධය නිසා ඔහුට බන්ධනාගාර රියෙන් බැසීමට පවා නොහැකි වූ බවද අප වාර්තාකරු පැවසීය.



මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන් දාරාමයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධියේ පළමු සැකකරු වන්නේ මොරටුව උප නගරාධිපතිවරයාය.

අපුරු නිවුන් සහෝදරියෝ...

උපතේ සිට දෛවය  තමන්ට සරදම් කළත්  එයින් හඩා නොවැටී දෙපයින් නැගී සිටින මේ දෙදෙනා ඇබී සහ බ්‍රිටිනිය. භද්‍ර යෞවන යේ 23 හැවිරිදි හුරු බුහුටියෝය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රදේශයේ ජීවත්වන එක් සිරුරකින් සිටියද ඔවුන්ට හිස් දෙකකි. හදවත් දෙකකි. නිවුන් සොහොයුරියෝය.

ඔවුන්ට මිතුරන් සිටිති. නිවාඩුවකට ගමන් බිමන් යති. මෝටර් රථ පදවති. සෙල්ලම් කරති. සාමාන්‍ය මිනිසෙක් ජීවිතයේ කරන සියළුම දේ ඔවුන්ට කළ හැකියි.