Ads 468x60px

.

පිය පුතු දෙපළක් එක්ව අහිංසක මවකගේ සහ දරු දෙදෙනකුගේ ඝාතනයේ ඇත්ත කතාව...

පෙම් පළහිලව්වක් මත පෙම්වතා ඇතුළු මිතුරන් කිහිපදෙනෙකු සමග එක්ව දියණියක්  තම මවුපියන් ඝාතනය කිරීමක් මඩකළපුවෙන්ද, අසම්මත ලිංගික සම්බන්ධයක් මත අඹු සැමි යුවළක් ඝාතනය කිරීමක් පුල්මුඩෙන්ද, පෙම් පළහිලව්වක් මත වෛද්‍ය ශිෂ්‍යයෙකු මොරටුව විශ්ව විද්‍යාල සිසුවියක වූ තම පෙම්වතියට විෂ ශරීරගතකර ඝාතනය කිරීමක්ද ඇතුළු ඇඟ කිලි‍පොලා යන අපරාධ රැසක් පසුගිය සති කිහිපය තුළ අප ඔබ වෙත ගෙන ආවා.

මෙම කෲර මිනිස් ඝාතන ගොන්නට අලුතින්ම එක්වන්නේ ත්‍රිත්ව ඝාතනයකි. මෙම වසරේ දැනට සිදුවී ඇති ම්‍ලේච්ඡතම මෙන්ම බිහිසුණුම සමූහ මිනිස් ඝාතනය මෙය යයි පැවසුවද වරදක් නැත. හිස් කඳින් වෙන් වන්නට කපා ඒ සමූහ ඝාතනයන්  කර තිබුණේ සිත් පිත් නැති මෘගයන් ලෙසිනි. 

ශ්‍රියානි පුෂ්පලතා නම්වූ  තිස්නව වියැති මවත්, ඇගේ නව හැවිරිදි පසිදු සම්පත් නම් පුතාත්, හත් හැවිරිදි සත්සරා දිල්හාණි නම් වූ දියණියත් එසේ  මරා දමා තිබුණේ නිවසේ නිදි යහන මතදීමය.

කරන්දෙණිය, නාමිණීගොඩ, අක්කර 24 ප්‍රදේශයේ සිදුවූ මේ බිහිසුණු සමූහ මිනිස් ඝාතනය ‍පොලිසියට වාර්තා වන්නේ ඉකුත් 28 වෙනිදාය. නමුත් ඒ වනවිටත් ඔවුන් මරා දින කිහිපයක්

රත්‍රං කිලෝ 100ක්‌ ලක්‍ෂ 5000කට අරන් දෙන්නම් කියූ හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩක බිරියට වැඩ වරදී...

පැන්ෂන් ගිය ඒඑස්‌පී කෙනෙකුත් ඉඳලා...
 

රජයට මුදල් නැති නිසා මහා භාණ්‌ඩාගාරයට අයත් රුපියල් ලක්‍ෂ 5000 ක්‌ වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 100 ක්‌ විකිණීමට නියමිතව ඇති බවත්, අවශ්‍ය කෙනකුට එම රත්‍රං තොගය ලබාදිය හැකි බවත් කියමින් මහා මූල්‍ය වංචාවක්‌ කිරීමට උත්සාහ කළ 11 දෙනකුගේ කල්ලියක්‌ පොලිසියට කොටුවී තිබෙනවා. මේ කල්ලිය කොටුවී ඇත්තේ පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය මගින් කරන ලද වැටලීමකින් පසුවය.

එම සංවිධානාත්මක කණ්‌ඩායම මෙහෙයවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු ඉතා ජනප්‍රිය මෙන්ම දක්‍ෂ උප නායකයකුගේ බිරියක්‌ සහ විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරිවරයකු (එස්‌. එස්‌. පී.) විසිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ බිරිඳ, විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරිවරයා සහ තවත් කාන්තාවක ඇතුළු 11 දෙනකු සිටින බව පොලිසිය පවස
නවා.