Ads 468x60px

.

විනිසුරුවරයකුට පහර දුන් ජනපති කනිටු පුත් රෝහිත රාජපක්ෂ...

නොබෝදා පැවති රගර් තරගයක් අතරතුර විනිසුරු වරයකුට පහර දුන් ජනපති කනිටු පුත් රෝහිත රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණයක් කරන්නැයි රගර් සංගමයට ලිඛිතව දැනුම් දීමත් සමග රගර් විනිසුරුවරුන්ගේ ජීවිතවලට යම් අනතුරක් මතුවී ඇතැයි වාර්තා වේ. 

මැයි 5 වැනිදා ශ‍්‍රී ලංකා රගර් ෆුට්බෝල් සංගමයේ අනුමැතිය සහිතව කොළඹ හැව්ලොක් ක‍්‍රීඩා සමාජය සංවිධානය කර තිබූ ‘සත් සාමාජික රගර්’ තරගාවලියෙහි නාවික හමුදාව සහ පොලීසිය අතර තරගය අවසානයේදී මෙම පහරදීම සිදුවී ඇත.

නාවික හමුදාව පරාජයට පත්වීමත් සමග උත්සාහක (Try) සඳහා ලකුණු අනුමත නොකිරීම නිසා නාවුක පිලට ලබාගන්නට තිබූ ජයග‍්‍රහණය අහිමි වූ බව පවසමින් පරුෂ වචනයෙන් බැණ වැදී ඇති රෝහිත රාජපක්ෂ අදාළ තරග විනිසුරුවාට පහර දී ඇත. 

පින්තූරයක කතාව...

මේ සිටින්නේ රුපියල් කෝටි සියයකට වැඩි තැන්පතු වංචා කරන ලද සක්විති රණසිංහයි.

මොහුට වංචනික ක්‍රියා සිදු කිරීම සඳහා අත්වැලක් වශයෙන් ලංකාවේ ජාතික පුවත්පත් මෙන්ම රූපවාහිනි නලිකා ද දෙන ලද්දේ නොමඳ සහයෝගයකි. 

සක්විතිගේ වංචා හෙළිවීමෙන් ඔහු සැඟවී සිටි අයුරු සහ හිරේ විලංගුවේ වැටුණු හැටි මේ ජාතික පුවත්පත් සහ රූපවාහිනි නාලිකා උණුසුම් පුවත් ලෙසට යලි ඒවා ජනතාවටම බෙදා දුන්හ.