Ads 468x60px

.

ගුරුවරියන්ගේ පෙන්නීමේ ආශාව නිසා සිසුන්ගේ හැගීම් ඇවිස්සෙනවා ?

නිදහස් අධ්‍යාපනය ලංකාවේ පටන් ගත් දා පටන් මේ දක්වා සාරිය-ඔසරියෙන් සැරසී පාසල් ගිය ගුරුවරියන්ට සාරිය-ඔසරිය වෙනුවට වඩාත් ඔබින සංවර හා ප්‍රියමනාප නිල ඇඳුමක් නිර්මාණය කළ යුතු බව අධ්‍යාපනඥයන් යෝජනා කර ඇතැයි ජාතික අධ්‍යාපන කොමිසමේ ආරංචි මාර්ග පවසයි. 

දෙලක්ෂ තිස්දහසක් පමණ වන ගුරු සංචිතයෙන් දෙලක්ෂයක් පමණ පිරිස ගුරුවරියන් බවත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම වත්මන් ක්‍රියාශීලී ඉගැන්වීමේ ක්‍රියාවලියට බාධා කරන බවත් ඔවුන්ගේ අදහස වී යැයි ආරංචි මාර්ග පවසයි.

චීනය, ජපානය, උතුරු හා දකුණු කොරියාව, තායිලන්තය වැනි ආසියාවේ දියුණු රටවල් සියල්ලම ගුරුවරියන්ට නිර්මාණය කර ඇති රාජකාරි ඇඳුම් ඔවුන්ට ක්‍රියාශීලී ඉගැන්වීමකට උදවු කරන බවද දැනට ශ්‍රී ලාංකික ගුරුවරියන්ට සාරි හැට්ට වෙනුවෙන් විශාල මුදලක් වැයකිරීමට සිදුවී ඇති අතර ඇතැම් ගුරුවරියන් අනවශ්‍ය පරිදි විලාසිතානුකූලව සාරි හැට්ට ඇඳීමද පාසලට නොගැළපෙන බවද ඔවුන් පෙන්වා දී ඇත.

ආසියාවෙ Sexiම ගැහැනිය තේරීමේ තරඟයෙන් ලංකාව ඉබේම අවලංගු වී ගිය හේතුව...

ඉන්දියාවේ NDTV රූපවාහිනියේ සහ "ඊස්ටන් අයි" සඟරාවේ වැඩක්, යම් කිසි තරගයක්, එසේත් නැත්නම් දර්ශකයක් ගොඩනැංවීමේදී එය වඩාත් සාධාරණවීමට නම් ඒ සඳහා සලකා බැලෙන සෑම දෙයක්ම එකසේ සැලකිල්ලට ගත යුතුය. එසේ නොවුණ හොත් අපට ලැබෙන ප්‍රතිඵල සාධාරණ නොවේ. 

නමුත් ඉන්දියාවේ සුප්‍රකට රූපවාහිනී ආයතනයක් වන NDTV හා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ආසියානු පුවත් පතක් වන"ඊස්ටර්න් අයි" එකතුව මගින් සෑම වසරකම පවත්වනු ලබන 'අනුරාගීතම ආසියානු කාන්තාව‘ තේරීමේ තරගය හෙවත් දර්ශකය මෙසේ සාධාරණ ප්‍රතිඵලයක් නොලැබෙන්නක් බැව් පෙනේ. ඒ පිළිබඳ අනෙකුත් ඉන්දියානු හා ආසියානු මාධ්‍ය ආයතන ද චෝදනා නගන්නට පටන් ගෙන තිබේ.

ඔවුන් සිය
වෙබ් අඩවියෙහි අනුරාගීතම ආසියානු කාන්තාවන් පනස් දෙනකුගේ ලැයිස්තුවක් ඉදිරිපත් කොට තිබේ.නමුත් එහි අඩංගු වන්නේ ආසියානු රටවල් තුනකට අයත් කාන්තාවන් පමණි. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ හරක් වැඩ...

නැගෙනහිර ප්‍රදේශයේ හමා යන සුළි කුණාටුව හැඳින්වීම සඳහා    "මහසෙන්" යන නම දීම පිළිබඳව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ එස්‌. එච්. කාරියවසම් වෙත දැඩි විරෝධයක් මේ වන විට  එල්ල වෙමින් පවතී.

මින්නේරි දෙවියන් නමින් ජනතාව අතර ප්‍රසිද්ධ මහසෙන් රජුගේ නම ව්‍යසනකාරී හා පීඩාකාරී සුළි කුණාටුවක්‌ සඳහා යොදාගැනීම පිළිබඳ නුසුදුසු බව බොහෝ විද්වතුන් විසින් පෙන්වා දෙති. 

මේ සම්බන්දයෙන් අදහස් දක්වන මහාචාර්ය ඡේ. බී. දිසානායක මහා විනාශයක්‌ සිදුකරන සුළි කුණාටුවකට මහසෙන් නමැති අතීතයේත් වර්තමානයේත් ජනතාවගේ දෙවියකු ලෙස වන්දනාවට පාත්‍ර වූ උත්තම ගණයේ රජතුමකුගේ නම යෙදීම පිළිබඳව තමා තරයේ විරුද්ධ වන බව පවසයි.