Ads 468x60px

.

මං හිතන විදියට මේතමයි විවාහයකට සුදුසුම වයස

ප්‍රවීණ නිළි දමිතා අබේරත්න විවාහයට සැරසෙමින් කියයි...

දමිතා අබේරත්න යනු අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ප්‍රතිභාපූර්ණ නිළියකි. බාල වියේම රංගනයට ප්‍රවිෂ්ට වූ දමිතා දශක තුනක් පුරා පුංචි තිරයේත් රිදී තිරයේත් විවිධාකාර භූමිකා රැසක් මැවුවාය. 

මේ අතර පසුගිය දාක දමිතා ගැන උණුසුම් පුවතක් අපට අසන්නට ලැබිණි. ඒ ඇය විවාහවීමට යන බවට වූ ආරංචියයි. නුදුරු දිනයක පතිකුලයට යෑමට සැරසෙන දමිතාට අප ඇමතුවේ මෙම සියලුම තොරතුරු ගැන වැඩි විස්තර ඇගෙන්ම දැන ගැනීමටය.

දමිතා ළඟදීම මනමාලියක් වෙන්න යන බව ආරංචියි

සොෆ්ට්ලොජික් කළමණාකරු කැළණි ගගට පැන්නාද ?

කොහිලවත්ත ගලංගාතිලක ප‍්‍රදේශයේදී කැළණි ගග ආසන්නයේ සුඛෝපබෝගී මෝටර් රථයක් නවතා තබා ඇති අතර එහි සිටි පුද්ගලයා අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙසේ අතුරුදහන්වී ඇත්තේ ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයක් වන සොෆ්ට්ලොජික් ආයතනයේ කළමණාකරුවෙකු වන ශෙහාන් නානායක්කාර නැමැති 40 හැවිරිදි අයෙකි. මොහු කැළණි ගගට පැන්නේද එසේත් නැත්නම් කැළණි ගගට වැටුණේද යන්න පිළිබදව සැකයක් පවතින බවත් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් පොලීසිය පවසයි.

ඔළුව ලොකු බබාට සාර්ථක සැත්කමක්..

ඉන්දියාවේ තී‍්‍රපුර ප‍්‍රාන්තයේ ජිරානියා ගම්මානයේ දිළිඳු පවුලක උපන් 18 මසක් වයසැති රූනා බෙගම් බිළිඳිය මොළයේ දියර එකතු වීම හෙවත් ‘හයිඩ්‍රොසෙපලස්’ රොගී තත්ත්වයෙන් පීඩා විඳි අතර, පෙරේදා (14) නවදිල්ලි නුවර පෞද්ගලික රෝහලක වෛද්‍යවරු ඉදිරිපත් වී ඇය  සැත්කමකට භාජන කළහ. සැත්කම සාර්ථක වූ බව ඊට සම්බන්ධ වූ ස්නායු වෛද්‍යවරු ප‍්‍රකාශ කළහ. බිළිඳිය තී‍්‍රපුර ප‍්‍රාන්තයේ සිට නවදිල්ලියට රැගෙන යනු ලැබුවේ විශේෂ ගුවන් යානයකිනි.