Ads 468x60px

.

ආශා හා රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ විධායක නිෂ්පාදකයා අතර ඇති හාදකම මොකද්ද.?

රවිගේ ටෙලි උළෙලේ ජනප්‍රිය නිළි කෙළිය...

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානය ආශා එදිරිසිංහට ලබාදීම නිසා කේෂත්‍රෙය් දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ ස්වාධීන රූපවාහිනීයේ පමණක් විකාශය වන ටෙලියක භූමිකාවක් රැගූ ආශාට මෙම සම්මනය හිමිවීමය. කෙසේවුවද රයිගම් ටෙලීස් නම වසරක ටෙලි සම්මාන ඉතිහාසයේ ඔවුන් තේරූ ජනප්‍රියම නිළිය සම්මානය සම්බන්ධයෙන් වැඩි වාර ගණනක් චෝදනා එල්ලවී
තිබෙනවා.  

විදුලි බිලට එරෙහිව සටන් පාඨ ප්‍රදර්ශනය කිරීම මැද අනර්කලීට ලණුවක්...

ඇත්ත තමා අයියා, මට ඕක තේරුණේ නෑනේ

පසුගියදා විදුලි බිලට එරෙහිව සාර්ථකව පන්දම්ද රැගෙන සභාවට ගිය එජාප මන්ත්‍රීවරු විදුලි බිලට එරෙහිව හඬ නගන්නට වුණා. 

ආණ්ඩු පක්ෂයෙන්ද විරෝධතා පාඨ පුවරු ආදිය සකස් කරගෙන පැමිණි සිටි නමුත් එතරම් ක්‍රියාශීලීව නොසිටියේ විදුලි බිල යනු ජනතාවට ඉතා සංවේදී කාරණයක් බව දැන සිටි නිසාය. එමෙන්ම ඔවුන් තමන්ගේ සටන් පාඨ ප්‍රදර්ශනය කිරීමටද මැලි වූයේය. 

මේ අතරේ සභාවට ප්‍රමාද වී දකුණු පළාත් සභා මන්ත්‍රිනී  අනර්කලී ආකර්ෂාද පැමිණියාය. ඇයට මේ සිදුවන දේ ගැන අවබෝධයක් තිබුණේ නැත. ඇය පැමිණි විගසම සටන් පාඨ පුවරුවක් රැගෙන කෑ ගසන්නට පටන් ගත්තේ සිය සෙසු සගයින් නිශ්ශබ්දව සිටියදීය.

අනේ ඇමැතිතුමා මටත් හිර කූඩුවට එන්න ආසයි - ඇමැතිනී පවිත්‍රා කියලා

ඔබතුමියට හිරේ යන්න තව කල් තියෙනවා... 

ඒ නිසා හදිස්සි වෙන්න එපා...- වාසු කියලා

රත්නපුර කිරිඇල්ල නගරයේ අලුතින් ඉදිකරන ලද ‍පොලිස් ස්ථාන ගොඩනැගිල්ල ඉකුත් සතියේදී විවෘත කරනු ලැබිය. මේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු රැසක්ද එක්ව සිටියහ.

කිරිඇල්ල ‍පොලිස් ස්ථානාධිපතිවරයා නව ‍පොලිස් ගොඩනැගිල්‍ලේ විවිධ අංශ නැරඹීම සඳහා මැති ඇමැතිවරුන් කැඳවාගෙන යන අතරේදී එහි සිරමැදිරිය වෙතද ගියේය.

“දැන් හිර කූඩුවත් කවුරු හරි විවෘත කරන්න ඕනෙ නේද?” කවුදෝ කීවේය. “මට හිර කූඩුව හොඳට හුරු හින්දා මම මුලින්ම යන්නම්. 


ස්ථානාධිපතිතුමා කූඩුවේ දොර වහන්න” යැයි කියූ පිරිස අතරේ සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර සිරමැදිරිය තුළට රිංගුවේය.

පාසලේ සීනුව නාද කිරීමේ යකඩ කූර සිසුවෙකුගේ හිස තුළට කිඳා බැහැලා...(පින්තුර)

ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට..

සීගිරිය දිගම් පතහ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඉශාර මධුසංක ශිෂ්‍යාගේ හිසෙහි ඇනී තිබූ යකඩ කූරත් සමග රෝහල් ගතකර තිබෙනවා.

පාසලේ අවසාන කාල පරිචේදය අවසන් වීමට අවශ්‍ය නාදය නිකුත් කිරීම සඳහා සිසුවෙකු යකඩ කූරකින් තවත් යකඩයකට තට්ටු කර ඇත. සීනුවක් හෝ වෙනත් දියුනු ක්‍රමයක් භාවිතා නොකරන එම පාසලේ කාල පරිච්චේද දැන්වීම සඳහා නාද නිකුත් කරන්නේ එම ආකාරයටය.

කෙසේ නමුත් සිසුවා අතේ තිබූ යකඩ කූර ගිලිහී ගොස් වෙනත් සිසුවෙකුගේ හිසෙහි වැදී ඇත. එය අගල් දෙකක් පමණ හිස තුළට කිඳා බැස
තිබෙනවා.

ගොසිප් ලංකා ශ‍්‍රී ලංකාව තුල වාරණය කල හේතුව.

ශ‍්‍රී  ලංකාවේ ජනප‍්‍රියතම  පුවත් වෙබ් අඩවිය වන 'ගොසිප් ලංකා නිවිස්' (gossiplankanews.com) වෙබ් අඩවිය තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මේ වන විට ඇණ හිට තිබෙන පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිඛිත දැනුම් දීමකට අනුව ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය පුවත් වෙබ් අඩවියක් වූ ‘ගොසිප් ලංකා නිව්ස්’ වෙබ් අඩවිය ලංකාව තුළ අවහිර කළ බව විදුලි නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පවසනවා.

එම වෙබ් අඩවියට පිවිසීම විදුලි සංදේශ නියාමන කොමිසම විසින් බාධා ඇති කර ඇත්දැයි කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

වව්නියාවේ මව දියණියන් තුන් දෙනා ළිඳට දැමූ හේතුව.(Video)

වව්නියාව තාන්ඩිකුලම් ප‍්‍රදේශයේ මවක් විසින් තම දියණියන් තුන් දෙනා ළිඳකට දමා තමන්ද සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම මව විසින් මුලින්ම දැරියන් තුන් දෙනා ළිඳට දමා තිබිණ.  ඔවුන් තිදෙනාගේම ජීවිත එහිදී අහිමි වූ අතර, ඒ නොදරුවන් වයස අවුරුදු පහමාරක, දෙකහමාරක සහ වයස අවුරුදු එකහමාරක දැරියන් තුන් දෙනෙකි.