Ads 468x60px

.

මම කැමති නැහැ මගේ දරුවන්ගේ අයිතිය තවත් තාත්තා කෙනෙකුට බාරදෙන්න - මේරියන්ස් නලින්

මමයි ඒ දරුවන්ගේ තාත්තා. 
ඒ බැඳීම මා ළඟ තිබෙනවා... 

ජීවිතේ තිබෙන තුරු ඒක එහෙම්ම තමයි...

හැමදාමත් අලුත් අත්දැකීමක් ඔස්සේ ඉදිරියට එන්න උත්සාහ ගන්න සංගීත ශිල්පියෙක් තමයි නලින් පෙරේරා. මේ දවස්වලත් නලින් එහෙම වැඩකට වෙහෙස මහන්සි වෙනවා. ඒ වගේ වෙලාවක තමයි අපි නලින්ව කතාබහකට එකතු කරගන්නේ.

ලොකු වැඩකට ලෑස්තිවෙනවා කියලා දැනගන්න ලැබුණා...?


ඔව්... ජුනි මාසෙ 01 වෙනිදා මේරියන්ස්ලා තවත් අලුත් ප්‍රසංගයක් පටන් ගන්නවා. අපේ සංගීත කණ්ඩායමට අවුරුදු 25ක් නිමිති කොටගෙන තමයි මේ වෙනස කරන්නේ. මේ ප්‍රසංගයේ නම “Marians Acoustica” කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී තමයි රාත්‍රී 7.00ට මේ කොන්සට් එක පටන්ගන්නේ.

පියයුරු පිළිකාවලින් පෙළෙන කාන්තාවන්ගේ බය නැති කරන්නයි මම එහෙම කිව්වේ - ඇන්ජලිනා

මම මේ කාරණය රහසක් හැටියට තබා ගත්තෙ නැහැ... 

මුළු ලෝකෙටම කිව්වා.
ඇන්ජලිනාට පැසසුම් ගලයි...

සුපිරි නිළි ඇන්ජලිනා ජොලීට පසුගිය සතියේ ඇමෙරිකානු වෛද්‍ය වෘත්තිකයන් රැසකගේ ප්‍රශංසාව හිමි වුණා. 

ඒ පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය සැත්කමකට මුහුණ දී සුවය ලබා ඒ බව ලොවට හෙළිදරව් කිරීම නිසයි. ඇන්ජලිනාට පියයුරු පිළිකාවෙන් ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව වෛද්‍යවරු පැවසූ විට ඇයට සිහිපත් වුණේ තම මව ද එවැනිම පිළිකාවකින් මියගිය අයුරුයි.

වෛද්‍යවරු ඇන්ජලිනාට දන්වා තිබුණේ ඇයගේ පියයුරු පිළිකාවෙන් ජීවිතයට ඇතිවී තිබෙන අවදානම 87% ක් තරම් වන බවයි.

”පහුගිය පෙබරවාරි මාසයේ ඉඳල මට ප්‍රතිකාර කෙරුණා. ඉන් පස්සේ ශල්‍ය කර්මයක් සිදු කෙරුණා. මම මේ කාරණය රහසක් හැටියට තබා ගත්තෙ නැහැ. මුළු ලෝකෙටම කිව්වා.

ඒ ආදරය මට ශක්‌තියක්‌ වුණා - අලු බඳුන ටෙලියේ සුගන්ධිකා (ආශා) කතා කරයි.

මගේ ජීවිතේ මෙතෙක්‌ හැමදේම හොඳින් සිදුවුණා...
විවාහයත් ඒ ආකාරයෙන් නිසි කාලයේදී සිදුවෙයි...

සුගන්ධිකා පවුලක බර කරට ගන්න තරමේ වයසක නෙමෙයි නේද ඉන්නේ?
 
නෑ සුගන්ධිකා එදිනෙදා ජීවිතේ වගකීම් දරන්න පුළුවන් වයසකයි ඉන්නේ. සාමාන්‍ය ජීවිතේදීත් අපිට ඔය වයසට යම් යම් වගකීම් බාරවෙනවනේ. මෙතනදී තාත්තගෙ වියෝවත් අම්මගේ අසනීප තත්ත්වයත් නිසා පවුලේ වැඩිමලා හැටියට සුගන්ධිකාට පවුල් බර ඉසිලීම අනිවාර්ය වීමයි වෙන්නේ.

ආදරයත් ඒ අතරට එක්‌වුණු ප්‍රධාන ප්‍රශ්නයක්‌ නේද?

මම හිතන්නේ ඒ ආදරය සුගන්ධිකාට ශක්‌තියක්‌. එයාගේ ජීවිතේ මතුවන හැම ප්‍රශ්නයකින්ම බේරෙන්න පුළුවන් මට්‌ටමකයි ඒ ආදරය පවතින්නේ.

සැබෑ ජීවිතේදී ආශාට මෙවැනි ප්‍රශ්න කන්දරාවකට මුහුණ දෙන්න සිදුවුණොත්?

තවත් ඇසිටරොයිඩයක් පොළොව දෙසට.

පෘථිවියත් හඳත් අතර දුර මෙන් 15 ගුණයක දුරකින්...

තවත් යෝද ඇස්ටරොයිඩයක් හෙවත් ග්‍රහකයක් පෘථිවිය දෙසට ඇදී එමින් තිබෙන බව නාසා ආයතනය කියයි.

‘කිව්ඊ 2‘ යනුවෙන් නම්කැර ඇති මෙම ග්‍රහකය සැතපුම් 1.7 ක විශ්කම්භයකින් යුතු බවත් එය පෘථිවිය හා ගැටුණහොත් මහත් විනාශයක් විය හැකි බවත් විද්‍යාඥයන්ගේ අදහසයි. 

පින්තුරයක කතාව.(වීඩියෝ)

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ගිනිතබා ගත් අයුරු...

බෝවත්තේ ඉන්ද්‍රසාර නමැති භික්ෂුවක් මහනුවර දළදා මාලිගය ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තියා ගත්තේය. විරෝධතාවන් උදෙසා  දිවි නසා ගැනීම බුදු දහමේ උගන්වා නැත. එම නිසා මෙම ක්‍රියාව බුදු දහමට පටහැනි ක්‍රියා පිළිවෙතකි. මෑත කාලයේදී තලිබාන් පන්නයේ වත් පිළිවෙත් බුදු දහමට එකතු කිරීමට අන්තවාදී පුද්ගලයන් තැත් කරති. 

දේශපාලනික සහ වෙනත් ආර්ථික වාසි සඳහා මෙන්ම තමන් තුල පවත්නා සමාජ වයිරය පිට කිරීමටද මොවුහු අන්තවාදය යොදා ගනිති. බුදුන්ගේ දහම විකෘති කරමින් මොවුන් සිදු කරමින් සිටින්නේ සමාජ වියසනයකි.   

ලංකාවේ පාතාලය ඉතාලියේ කප්පම් ගනිති.

දැනට ලංකාවෙන් ඉතාලියට පලා ගොස් සිටින පාතාලයේ මැරයන් විසින් ඉතාලියේ ජිවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් කප්පම් ගැනීම, කාන්තාවන් පැහැර ගැනීම වැනි ක්‍රියා සිදු කරන බව ඉතාලි ශ්‍රී ලාංකිකයෝ පවසති. 

බොහෝ දේශපාලකයන්ගේ සහ උසස් පොලිස් නිලධාරීන්ගේ සහයෙන් නීතියෙන් ගැලවී පලා ගොස් සිටින මේ පාතාල මැරයන් දරුණු පිළිලයක් වෙමින් සිටිති. මෙම පාතාල මැරයන් මිලානෝ හි ශ්‍රි ලාංකික ආපන ශාලාවකදී ස්විස්ටර්ලන්තයේ සිට ඉතාලියේ  සංචාරයකට පැමිණි ශ්‍රි ලාංකික  තරුණියකට බලහත්කාරකම් කිරීමට ද නොබෝදා උත්සහ දරා තිබුණි.