Ads 468x60px

.

ඉන්දරතන හිමි ජීවිතය පූජා කළේ හරකෙකුටද?

සිය දිවි නසා ගැනීම සතර මහා අකුසලයක් - එල්ලාවල මේධානන්ද හිමි

ඉන්දරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති. මුළු ලොවම කරුණාවෙන් තෙත් කළ සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක්දා භික්ෂුවක් සිරි දළදා මාලිගාව ඉදිරිපිට ගිනිතබාගෙන කළේ සසුනටත් රටටත් හානියක්. 

මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන රැඩිකල්වාදී අදහස ඇති තරුණ භික්ෂු පරපුරට මේ සිද්ධියෙන් ලැබුණේ ඉතාම නරක පූර්වාදර්ශයක්. 

ඒ නිසා මෙවැනි උගුල්වලට හසු නොවන ලෙස මා ඉතා කාරුණිකව තරුණ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බෝධි සත්වයන් වහන්සේ ජීවිතය පූජා කළේ සතුන්ගේ ආහාරය පිණිසයි. 

එය පාරමිතාවක්. මේ හිමියන්ගේ ගිනි තබාගැනීම ජිවිත පූජාවක් ලෙස සලකන්න බෑ. මෙතනදී වී ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක් නොවේ. තමන්ගේ දිවිය හානිකර ගැනීම නිසා මෙය අත්ථඝාතක අකුසල කර්මයක් ලෙස හැඳින්විය හැකියි. යමෙකු මෙය ජීවිත පූජාකිරීමක් ලෙස හඳුන්වනවා. 

ජීවිතය ජයගන්න රටගිය රේණුකා මරා එල්ලුවාද එල්ලී මැරුණාද...!

ඇය එල්ලිලා මැරුණාද මරලා එල්ලුවාද...මරණය ගැන සැක සහිතයි..

දේහයවත් ගෙනවිත් දෙන්නැයි සැමියා ඉල්ලයි...

අගහිඟකම් මැදින් තම දරුවන් තිදෙනාත් සැමියාත් සමග පුංචි පැල්පොතක ජීවත් වූ ඇය දරුවන් වෙනුවෙන් මැවූ සිහින මාළිගාව ඉදිකරන්නට ඉසුරු සොයා ගිය ගමනක අවසන තම දරුවන් තිදෙනාත් සැමියාත් තනිකර නොයන ගමන් ගිය මවකගේ අනුවේදනීය කතාවක්‌ සව්සිරි උයන මිරිස්‌වත්ත බෙන්තොට ප්‍රදේශයෙන් ඉකුත්දා අපට අසන්නට ලැබිණි.

සැමියා කුලී වැඩ කරමින් හොයන මුදලින් තම කැදැල්ල කෙදිනකටත් ගොඩනැඟිය නොහැකි යෑයි ඇය කොතෙකුත් හිතන්නට ඇත. ඉකුත් 12 වැනි දින සවුදි අරාබියේ ගෘහ සේවය සඳහා රේණුකා මල්කාන්ති නමැති විසිහත් හැවිරිදි තිදරු මව පිටත්ව යන්නේ දහසකුත් සිහින ඉටුකර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනය. 


එහෙත් එම නිවසේ දින හතක්‌ වැනි කෙටි කාලයක්‌ සේවය කරමින් සිටියදී ඇය ජීවිතයෙන් සමුගෙන ඇත. ඇයගේ ජීවිතයේ අවසන් හුස්‌ම පොද වාතලයට මුසුවූයේ කෙසේදැයි අපි නොදනිමු. එහෙත් ඇයගේ මරණය ප්‍රශ්න රැසක්‌ ඉතිරිකර ඇති බව පමණක්‌ සටහන් තබමු.