Ads 468x60px

.

ඉන්දියාවේ මුම්බායි : ආකෘතික නිරූපිකාවන්ට යට ඇදුම් පමණක් අන්දවා තැබිම තහනම්

යට ඇදුම් මගින් ජනතාවගේ මනස විකෘති වනවා...

මුම්බායි රජය කඩ පීලී වල එළියට ප‍්‍රදර්ශණය වන්නට දක්වා ඇති ආකෘතික නිරූපිකාවන්ට යට ඇදුම් පමණක් අන්දවා තැබිම තහනම් කිරීමට තීරණය කොට ඇත. වර්ධනය වෙමින් පවතින් ලිංගික අතවර රැල්ල මැඩපැවැත්වීම මෙහි අරමුණ ලෙස දක්වා ඇත.

ඉන්දියාවේ දැනට දුෂණ අපරාධ සිදුවන නගර අතරින් මුම්බායට දෙවන තැන ලැබි ඇත. ඉන්දියාවේ පොහොසත්ම නාගරික සංවිධානය බි‍්‍රහාන් මුම්බායි නාගරික සංස්ථාව මෙයට සම්බන්ධව කටයුතු කරන අතර පක්ෂ බොහෝ ගණනක මන්ති‍්‍රවරුන් 227ක් ශිව සේනා පක්ෂයේ කාන්තා මන්ති‍්‍රවරියක් ඉදිරිපත් කළ මෙම යෝජනාවට එකමතිකව එකගතාවය පලකොට ඇත.

ඉන්දරතන හිමිගේ ආදාහන පූජෝත්සවයේදී ජනතාව ඇමැති ජෝන්ට ‘හූ’ කිව්වේ ඇයි.?

ඇමැතිවරයා සිය කතාව අතරමග නවතා දමයි...

බලංගොඩ, බෝඅත්තේ ඉන්දරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ දී ගිහි කතාවක් පැවැත් වීමට සූදානම් වූ ස්වදේශ කටයුතු ඇමැති ‍ ජෝන් සෙනෙවිරත්න මහතාට බාධා කරමින් රැස් වී සිටි විශාල පිරිසක් ‘හූ’ කියන්නට පටන් ගත්හ. 

ඒ හේතුවෙන් ඇමැතිවරයාට සිය කතාව අතරමග නතර කරන්නට සිදුවිය. ඇමැතිවරයාට ප්‍රථම ආචාර්‍ය ඕමල්පේ සෝභිත, මහාචාර්‍ය කෝංගස් තැන්නේ ආනන්ද යන හිමිවරුන් ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අනුශාසනා කතා පැවැත්වූහ. 

අනතුරුව සබරගමුව පළාත් සභාවේ පළාත් මාර්ග ඇමැති අතුල කුමාර රාහුබද්ධ,අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ද කතා පැවැත්වූහ.

පසුව අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා රැස්ව සිටි පිරිස අමතන්නට සූදානම් වූ අවස්ථාවේ ජනතාව ‘හූ’කියන්නට වූහ. ඒ නිසා ඇමැතිවරයා සිය කතාව අතරමග නවතා දැමුවේය. 


මේ 'හූ' හඬ මධ්‍යයේ තමන්ගේ කතාව කරගෙන යෑමට ඇමැතිවරයා උත්සාහ දැරුවද එය අසාර්ථක වූ අතර, ඇමැතිවරයාගේ එම උත්සාහය නිසා ජනතාවගේ විරෝධය තවත් වැඩි විය.

උමං මාර්ගයක් තුළ ප්‍රසිද්ධියේ සිප ගත් තරුණ යුවලකට විරෝධය පෑවට උද්ඝෝෂණයක්.

සදාචාර ධර්ම වලට හානි නොවන ලෙස හැසිරෙන්නයි නියෝග...

තුර්කියේ තරුණ පිරිසක් පසුගියදා වෙනස්ම ආකාරයක උද්ඝෝෂණයක නිරත වී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

ඔවුන් මෙම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ එරට උමං මාර්ගයක් තුළ ප්‍රසිද්ධියේ සිප ගත් තරුණ යුවලකට උමං මාර්ග නිලධාරීන් විසින් විරෝධය පෑමට එරෙහිවයි.

මෙම යුවළ සිපගන්නා අයුරු ආරක්ෂක කැමරා පද්ධති වලින් දැකීමෙන් අනතුරුව , ' සදාචාර ධර්ම වලට හානිනොවන ' ලෙස හැසිරෙන්නයි නියෝගකරමින් උමං මාර්ග නිලධාරීන් විසින් ප්‍රසිද්ධියේ ආදරය කිරීම කිරිමට එරෙහිව නිකුත් කල නිවේදනයක් ද පළ කර තිබුණි.