Ads 468x60px

.

හාම් පුතාගේ සිත හදුනන රොබෝවෙක්.

සිය ස්වාමියාගේ සිතැගි තේරුම් ගෙන කි‍්‍රයාත්මක විය හැකි රොබෝ ‘‘බොටලේරුවකු‘‘ නිපදවීමට ඇමරිකාවේ කොර්නෙල් විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් සමත්ව තිබෙනවා.

පිපාසයෙන් සිටී නම් බීමක් ගෙන දීමටද,කුසගිනිව සිටී නම් මයික්‍රොවේව් (ක්ෂුද්‍ර තරංග) උදුනට ආහාරයක් දමා රත් කර පිළිගැන්වීමටද මේ රොබෝ බොටලේරුවා සමත්ය. 


සිය ස්වාමියාගේ මුහුණේ සටහන් වන හැගීම් දෙස බලා ඔහු කුසගිනිව සිටීද, පිපාසයෙන් සිටීද, යන්න තීරණය කර අවශ්‍යතාව අනුව කි‍්‍රයාත්මක වීමට මේ රොබෝවාට හැකි බව සදහන්ය.

මගේ පසුපස එලවන මාධ්‍යවලට නියම තැන අංගොඩ පිස්සන් කොටුවයි - ඇමති මර්වින්

අටමස්ථාන වල අඩුපාඩු තියෙනවා...

මගේ පස්සේ එලවන මාධ්‍යවලට කියන්න තිබෙන්නේ එක දෙයයි. එයාලට නියම තැන අංගොඩ පිස්සන් කොටුවයි" ඇමති මර්වින් මාධ්‍ය වලට පෙරේදා (29) යළිත් වරක් ගෝරනාඩු කළේය. "මාධ්‍ය තිබෙන්නේ අතිගරු ජනාධිපතිතුමා මේ ආණ්ඩුව ගත්ත නිසයි. එහෙම නොවුනානම් මාධ්‍ය නැහැ. ඒක හොඳට මතක තබා ගන්න.

මම ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ රාජත්වය ආරක්ෂා කරන්නයි. ඒ රාජත්වය තිබෙන තුරු බෙලිඅත්තේ මිනිහෙක් විදිහට මම කොන්ද කෙළින් තියාගෙන කතා කරනවා. මේ රාජත්වය තව වසර 40 ක යනතුරු අවසන් වන්නේ නැහැ."ඇමති මර්වින් මිහින්තලේදී පෙරේදා (29 ) පැවැතී උත්සවයකදී මෙම ගෝරනාඩුව කරමින් පැවසිය.

මීට අමතරව ජොතිෂ්‍යවේදීන් අනාවැකි පහල කල 'දියසේන කුමාරයා' වෙන කවුරුත් නොව, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ම බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි.

අචලාට කෘතිම අතක් දෙන දේශපාලන පොරොන්දු සිහිනයක් වේ.

පඩිපෙලකින් ඇද වැටී අතක් බිඳී ගියේ ජනවාරි 17 වැනිදා...

තමන්ට කෘතිම අතක් ලබාදෙන බවට රටේ බලවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දුන් පොරොන්දු සිහිනයක් බවට පෙරලී ඇතැයි කොළඹ නීති විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන අචලා ප්‍රියදර්ශනී මෙනෙවිය කියයි. 

ඉකුත් ජනවාරි 17 වැනිදා මාතර පිහිටි සිය නිවසේදී අචලා ප්‍රියදර්ශනී පඩිපෙලකින් ඇද වැටී අතක් බිඳී ගියේය. ප්‍රතිකාර සඳහා ඇය මුලින්ම ඇතුලත් කරනු ලැබුවේ මාතර මහ රෝහලටය.

මෙහිදී වගකිවයුතු අංශවලින් සිදුවූ බලවත් නොසැලකිල්ල නිසා ඇගේ අත මිය ගියේය. මේ නිසා ඇගේ අත කොළඹ මහ රෝහලේදී ඉවත් කරන්නට සිදුවිය. 

ටියුනීසියාවේ කාන්තා උඩුකය නිරුවත් විරෝධයක්.

උද්ඝෝෂණය නැරඹීම සදහා විශාල ජනකායක්.

Femen යනු යුක්රේනයේ ආරම්භ කල කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ආන්දෝලනාත්මක උද්ඝෝෂණ මෙහෙයවන සංවිධානයක් වේ.

මෙම සංවිධානයේ කාන්තාවන් තුන් දෙනෙකු ටියුනීසියාවේ ටියුනිස් අගනුවර උඩුකය නිරුවත්ව උද්ඝෝෂණයක් මෙහෙය වීමත් සමග අත්අඩංගුවට පත්ව ඇත. මෙය ඔවුන්ගේ අරාබි ලෝකයේ පළමු ආන්දෝලනාත්මක කි‍්‍රයා කාරිත්වයක් ලෙස හැදින් වේගනගරයේ ප‍්‍රධාන අධිකරණය ඉදිරිපිට සිදුකල මෙම උද්ඝෝෂණය නැරඹීම සදහා විශාල ජනකායක් ඒකරාශී විය.