Ads 468x60px

.

තමන්ගෙ වැඩේට වඩා වැඩි දේවල් කරන්න ගියොත් ප්‍රශ්න - ශලනි තාරකා

රටේ වැඩිපුර බිහිවන්නේ හර සුන් නිර්මාණ යැයි රංගන ශිල්පිනී ශලනී තාරකා සති අන්ත පුවත් පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා. 

ජනප්‍රිය රියලටි වැඩසටහනක් ඔස්සේ ජනප්‍රියවී කළා ක්ෂේත්‍රයට පිවිසි ඇය හරසුන් නිර්මාන සම්බන්ධයෙන් දක්වන අදහස් පහත පළවෙනවා.

වර්තමාන ටෙලි නාට්‍ය ගැන තරුණ රංගන ශිල්පිනියක්‌ විදිහට ඔබ මොකද හිතන්නෙ?

වර්තමානයේ බිහිවන සමහර ටෙලි නාට්‍ය කරන්නන් වාලේ කරන ටෙලි නාට්‍ය· සමහර ටෙලි නාට්‍ය මුදල් ඉපයීම මත පමණක්‌ ම කරන ටෙලි නාට්‍ය...... ඒ අතර පදනමක්‌ ප්‍රමිතියක්‌ ඇතුව කරන හොඳ ටෙලි නාට්‍ය තියෙනවා.

'මනාලි' ගීතය කොපියක් බවට ඔප්පු කලොත් ලක්ෂ 100ක් දෙනවා - ඉරාජ්

තමාගේ ගීත වඩාත් ජනප්‍රිය බංගලාදේශයේ...

යොවුන් ගායක ඉරාජ් වීරරත්න කෝටියක (ලක්ෂ 100ක) ඔට්ටුවක් ඇල්ලීමේ සිද්ධියක් අප වෙත වාර්තා වෙනවා.

ඔහු මේ ඔට්ටුව අල්ලා ඇත්තේ සිය නවතම ගීතය වන 'මනාලි' කොපියක් බවට ඔප්පු කළ හොත් ලක්ෂ 100ක් දී සියලු ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා වලින් ඉවත්කර ගන්නා බව පවසනවා.

ඇතැමුන් මෙය දමිළ චිත්‍රපටයක ගීතයක් බවටත්, තවත් සමහරු එය ජපන් චිත්‍රපට ගීතයක් බවටත් ප්‍රචාරයක් සිදුකරමින් සිටින බවද ඔහු සදහන් කරනවා.

පොලිසියේ 12කට හා සිසුන් 24කට තුවාල කල සබරගමුව කැම්පස් එකේ මාරාන්තික උපවාසය

කලබල කළ සිසුන් සැමගේ පංති තහනම් කරන්න - ඇමැති එස්‌.බී

ඇමැති එස්‌.බී. සබරගමු සරසවිය වධකාගාරයක්‌ කරගෙන - ජවිපෙ
 
සිසුන් මර්දනය කෙරුවේ හිට්‌ලර්වාදී ක්‍රමයකට - රුවන් විජයවර්ධන

පොලිසියට ගල් ගැසූ 9දෙනාට අද විභාගය ලියන්න අවසර... 

පංති තහනමට ලක්‌වූ 5දෙනාට විභාගය තහනම්. 

සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනම් කර සිසු නායකයන් හතර දෙනකු වන තමන්ට මාස 08 බැගින් පන්ති තහනම් කිරීමට එරෙහිව එම ශිෂ්‍යයන් සිව්දෙනා විසින් මීට දින හතරකට පෙර උපවාසයක්‌ ආරම්භ කර තිබුනා. 

එම උපවාසය මාරාන්තික උපවාසයක්‌ දක්‌වා කරන බවට සිසුන් සිව් දෙනා පෙරේදා (1 දා) ප්‍රකාශ කිරීමත් සමඟ ඊට සහය පළකරමින් විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදහසක්‌ පමණ කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය හරස්‌ කරමින් පඹහින්න මංසන්ධියේ උද්ඝෝෂණයක්‌ ආරම්භ කළා. ඒ හේතුවෙන් (01 වැනිදා) පෙරවරුවේ එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතරවී තිබුනා.

අනතුරුව විරෝධතාවයේ නිරතවූ පිරිස්‌ විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ලකිරීමත් සමඟ සිසුන් හා පොලිසිය අතර ගැටුමක්‌ ඇතිවිණි. එහිදී සිසුන් විසින් එල්ල කරන ලද ගල්මුල් ප්‍රහාරවලට ලක්‌වීමෙන්

මළ ගෙදර ගිය ඔරුව පෙරළී පියා-පුතු දියණි මරුට

මිහිටියේ ඛේදවාචකයෙන් මීගමුවට කඳුළු ගලයි...

රත්නපුර, මල්වල, ඇල්ලවත්ත, මිහිටිය ප්‍රදේශයේ දී කළුගඟේ දී ඊයේ (2 දා) ඔරුවක්‌ පෙරළී යැමෙන් මීගමුව අක්‌කර පනහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එකම පවුලේ පියා, දියණිය හා පුතා එම ගං දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි අපට වාර්තා වෙනවා.

මෙම ඔරුවේ ගමන්ගත් කුඩා දරුවකු ඇතුළු අට දෙනකු දියේ ගිලීමට යැමේදී එම ප්‍රදේශවාසී තරුණයන් පිරිසක්‌ විසින් මහත් පරිශ්‍රමයක්‌ දරා බේරාගෙන
තිබෙනවා.

මෙලෙස මියගොස්‌ ඇත්තේ මීගමුව දෙහිමල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පියාවන විල්බට්‌ ලක්‍ෂ්මන් (48), පුතා වන චරිත් (19) හා දියණිය වන රේණුකා (14) යන තිදෙනා බවට හඳුනාගෙන
තිබෙනවා.

මියගිය පියා, දියණිය හා පුතු තවත් පිරිසක්‌ සමඟ මීගමුව සිට රත්නපුර මල්වල ප්‍රදේශයට පෙරේදා (01 වැනිදා) සවස පැමිණ ඇත්තේ ඥාතියකුගේ අවමඟුල් උත්සවයකට සහභාගිවීම සඳහාය. 

ඉන්දරතන හිමියන් බේරන්නට ගොස් පිළිස්සුණු ඩයස් කියන කතාව.

සමහරු කීවා තාත්තා තමයි හාමුදුරුවන්ට ගිනි තිබ්බෙ කියලා...

තාත්තා ගියේ හාමුදුරුවෝ බේරගන්න...

පසුගිය වෙසක් පුන් ‍පොහෝ දිනය ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයින් මහත් කම්පනයට පත්වූ දිනයක් විය. 

ඉතිහාසයේ පළමු වතාවට මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී සංඝයා වහන්සේ නමක් තම සිරුරට ගිනි තබාගෙන අපවත්වීමේ ඛිෙදවාචකය ලොව පුරා ප්‍රචලිතවීමට ගතවූයේ ඉතා ස්වල්ප වේලාවකි. ගව ඝාතනය නතර කිරීම හා තවත් ඉල්ලීම් කීපයක් මුල් කරගෙන මෙසේ සියදිවි හානිකර ගත්තේ බෝවත්තේ ඉන්දරතන හිමියන්ය. 

උන්වහන්සේ වෙසක්  පුර පසළොස්වක දින දළදා මාලිගාව අභියසට පැමිණ සිය සිරුරට පෙට්‍රල් හලා ගෙන උන්වහන්සේ අත තිබූ ලයිටරයකින් දල්වාගෙන සිරුරට ගිනි තබාගත්හ.

සමහරුන්ට මෙය ජීවිත පූජාවක් වූ වීර ක්‍රියාවකි. තවත් සමහරුන්ට මෙය සියදිවි නසාගත් නීච ක්‍රියාවකි. තවත් සමහරෙක් මෙම හිමිනමගේ ජීවිතය බේරාගැනීමට කටයුතු නොකර එම සිදුවීම වීඩියෝ ගතකළ මාධ්‍යවේදියාට දොස් පවරති.

මෙම ශෝකජනක සිදුවීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ විශාල පිරිසක් රැස්ව සිටියහ. ඒ පුන් ‍පොහෝදින දළදා හිමි වැඳපුදා ගැනීමටය. එම පිරිස වෙනුවෙන් මල්, දන්සල්, සිසිල් පැන් දන්සල් හා කිරි දන්සල් ද එම ස්ථානයේ පැවැත්වෙමින් තිබිණි. 

ගූගල් රහස ඇමෙරිකා මහ පොලිසියට..

ඇමරිකා පෙඩරල් පොලිසිය අවශ්‍ය වේලාවකදී ගූගල් සෙවුම් යන්ත්‍රයේ පෞද්ගලික තොරතුරු ලබාදීමට ගූගල් සමාගමට ඉදිරියේදී සිදුවනු ඇත.

ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව අන්තර්ජාලයේ හෝ බැංකුවල හෝ වෙනත් ආයතනයක හෝ තිබෙන පෞද්ගලික ගිණුම් වල තොරතුරු ලබා ගැනීමේ අයිතිය ඇමරිකා ව්‍යවස්ථාවේ සංශෝධනයකින් පසු ඇමරිකා පර්යේෂණ බියුරෝව වෙත ලැබුණි.නමුත් ඇතැම් සමාගම් හා ආයතන මේ කි‍්‍රයාවලියට විරෝධතාව පළ කළේ මෙයින්තම පරිශීලකයන් හා පාරිභෝගිකයන් තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළුඳු වනවා යැයි කියමිනි.