Ads 468x60px

.

හිමාලයානු මහා ඝෘෂිවර මිසින් - ගාල්ලේ කොහොඹ මන්ත්‍රාචාර්‍යයාට වැඩ වරදී...

රුපියල් ලක්ෂ පහකට වඩා එකතු කරලා...

ගින්නෙන් පැහෙන කිරි කල නෑම.., 

තියුණු කඩු හතක් මත නැග ප්‍රාතිහාර්‍ය පෑම..,

පොල් ගෙඩි 14ක් නළලෙන් බිඳීම..,

ආදි මහා ප්‍රාතිහාර්‍ය පාමින් දේව පූජාවක් පවත්වන්නට එන බව කියූ “හිමාලයානු මහා ඝෘෂිවරයෙක්” නොපැමිණීමෙන් කුපිත වූ දෙදහසක පමණ පිරිසක් නොසන්සුන්ව හැසිරෙන්නට වීම නිසා‍ ඉකුත් 01 වැනිදා රාත්‍රියේ ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයක් අසල මහත් කලබගෑනියක් ඇති වුනා. 

මෙම ඝෘෂිවරයා මහානුභාව සම්පන්න යන්ත්‍රයක් සහ ලක්ෂයක් වාරයක් ජීවන් කළ තෛලයක් බෙදා දෙන පවසා ජනතාවගෙන් රුපියල් ලක්ෂ පහකට වඩා එකතු කර ගෙන තිබීම නිසා ජනතාව කුපිත වුනා. ප්‍රාතිහාර්‍ය සංවිධානය කළ පිරිසට අතින්, පයින් පහර දෙන්නට සූදානම් වූ අවස්ථාවේ ගිරාඳුරුකෝට්ටේ පොලිසිය මැදිහත් වී ඔවුන් බේරා ගෙන තිබෙනවා.

එළුවන් 750යි කුකුළන් 300යි යාපනයේ කෝවිලක මහා බිලි පූජාවක්...

වැඩුණු එළුවන් රුපියල් ලක්‍ෂයක වෙන්දේසියේ...

යාපනය කන්කසන්තුරේ කවුනාවත්ත නම් කුඩා ග්‍රාමයක එළුවන් හා කුකුළන් දහසකට අධික සංඛ්‍යාවක් බිලි දී මහා පූජාවක් පවත්වා ඇතැයි වාර්තා වෙනවා. මේ මහා බිලි පූජාව පවත්වා ඇත්තේ මැයි 01 වැනිදා බවත්, මෙහිදී එළුවන් 750ක් හා කුකුළන් 300ක් බිලි දී ඇති බවත් පැවසෙනවා.

නරසිම්හ වයිරවර් නම් පුරාණ හින්දු කෝවිලේදී පැවැත්වූ මහා බිලි පූජාවට ඉතා හොඳින් වැඩුණු එළුවන් රැගෙන විත් ඇති අතර පාන්දර යාමයේ ආරම්භ වූ බිලි පූජාව එදින දිගු කාලයක් තිස්සේ පවත්වා ඇතැයිද සඳහන් වන අතර මීට පෙර වර්ෂවලදී ද නොකඩවා මේ සත්ත්ව බිලි පූජාව පවත්වා තිබෙන බව අප වෙත වාර්තා වෙනවා. 

පාර හරහා තිබූ වයරය ලොරියේ පැටලී ලයිට්‌ කණුව දුවගේ ඔළුවට ඇද වැටුණා...

විදුලි කණුව හිස මත වැටී සිසුවියක මියයැම...

වෙනදා දලු අරන් යන්න එන ලොරිය නොවෙයි ආවේ... 

මේකේ තට්‌ටුව උසයි. වයර් පහළින් ඇදලා තිබුණේ...

මම ත්‍රීවිල් එක අරගෙන ඉස්‌සරහට යනකොට මගේ දුවලා දෙන්නයි මගේ ඥතියකු වන ගුරුවරියකුයි ඉස්‌කෝලේ ඇරිලා ගෙදර එන අතරමග හමුවුණා. 

එතකොට වත්තේ දලු අරන් යන ලොරිය ආවා. ලොරියට ඉඩ දීලා මම දුවලා දිහා බැලුවා. එතකොට මම දැක්‌කා පාර හරහා පහතින් ඇදලා තිබුණු වයර් එකක ලොරිය පැටලිලා ඇදිලා යනවා. 

එතකොටම වයර් එක සමග ආව ලයිට්‌ කණුව මගේ දුවගේ ඔළුව උඩට වැටිලා එයා ලයිට්‌ කණුවට යට වුණා යෑයි විදුලි කණුවක්‌ හිස මතට කඩා වැටීමෙන් මියගිය පාසල් ශිෂ්‍යාවගේ මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් ඇගේ පියා වන ෂෙල්ටන් සංජිව රෝයල් එසේ පැවසුවා.

පාසල නිම වී නිවසට යමින් සිටි කුරුඳුවත්ත රාජකීය විදුහලේ 10 ශේ්‍රණියේ ඉගෙනුම ලබමින් සිටි දිව්‍යාංජලී විනෝදා නෙත්මිණි රෝයල් නමැති 14 හැවිරිදි ශිෂ්‍යාව මෙම අනතුරින් මියගොස්‌ තිබුනා.

මට දුවලා තුන් දෙනෙක්‌ ඉන්නවා. දෙන්නෙක්‌ ඉගෙන ගන්නේ කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේ. දිනපතාම මම ත්‍රිරෝද රථයෙන් ඒ දෙන්නා උදේට පාසලට දාලා හවසට එක්‌ක එනවා. ඒත් ගමේ ලෙඩෙක්‌ ගම්පොල රෝහලේ සිටි නිසා මම එයා බලන්න යන්න ඕන නිසා දුවලට කීවා අද බස්‌ එකෙන් ගෙදර එ
න්න කියලා. 

අදට දින නමයක් ගතවූ වරායේ ගින්න තවමත් අබිරහසක්...

සී.සී.ටී.වී. කැමරා පද්ධතියත් වෙනස් කරලා...

කොළඹ වරායේ ප‍්‍රධාන සැපයුම් ගබඩාව ලෙස හැඳින්වෙන එල්.සී.එල්. ගබඩාවේ ඇතිවූ ගින්නට අදට දින නමයකි. 

එහෙත් මේ වන විටත් මෙම සිද්ධිය පිළිබඳ වූ පරීක්ෂණ වල අවසන් නිගමනයකට පැමිණීමට පරීක්ෂණ කරන පොලිස්, රහස් පොලිස් හා රස පරීක්ෂ වලට නොහැකි වී තිබෙනවා. 

කොළඹ බස්නාහිර භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි එල්.ඞී. රණවීර යන මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් රජයේ වැඩබලන රස පරීක්ෂක ජී.ඞී. ගුණතිලක මහතා ඇතුළු එම නිලධාරි මහත්වරුත් ඉතා විමසිල්ලෙන් උනන්දුවෙන් මෙම පරීක්ෂණ කටයුතුවල නියැලෙති. 

මෙම සියලූ කණ්ඩායම්වල දැඩි අවධානය යොමුවී ඇත්තේ රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ දවාලමින් ගබඩාවේ ඇතිවූ ගින්න වරායේ සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් යටපත් කිරීමේ යම් අරමුණකින් කළ කඩාකප්පල්කාරි ක‍්‍රියාවක් ද යන්නය.

වරායට පැමිණෙන කන්ටේනර් නවතා තබන ස්ථාන මාරු කිරීමේදී අය කළ යුතු මුදල් නිසි අයුරින් අය නොකර සිදුකර ඇතැයි කියන රුපියල් මිලියන ගණනක අක‍්‍රමිකතාවක් සම්බන්ධව සැපයුම් ගබඩාවේ ප‍්‍රධාන නිලධාරියකු ඇතුළු තිදෙනකුගේ