Ads 468x60px

.

රෝහිතට තාක්ෂණික අංශයේ කාර්ය භාරයක් තිබෙනවාද?

රෝහිත රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාගේ බාල පුතණුවන්ට මේ අවස්ථාවේදී තාක්ෂණික අංශයේ කාර්යභාරයක් තිබෙනවාද?

නිශ්චිත ලෙසම ඔව්. රෝහිත රාජපක්ෂ මහතා සුප්‍රිම් සැට් ආයතනයේ ප්‍රධාන තාක්ෂණ අධ්‍යක්ෂකවරයා ලෙස මූලික සැලසුම් ක්‍රියාවලිය තුළ වැදගත් මෙහෙයක් සිදුකළා.


මා දැක ඇති චන්ද්‍රිකා තාක්ෂණ ඉංජිනේරුවරු අතරින් ඔහු අති දක්ෂයෙක් ලෙස මා හඳුනාගන්නා අතර සුප්‍රිම් සැට් - 2 චන්ද්‍රිකාවේ තාක්ෂණික සැලසුම් නිමා කිරීමේදී ඔහු පූර්ණ කැපවීමෙන් ඉදිරි මාස කීපය තුළ නියැළෙනු ඇති බව මට විශ්වාසයි.

මෙහි පළවන්නේ සුප්‍රිම් සැට් ආයතනයේ සභාපති ආර්.එම්. මනිවන්නන් සමග චීනයේ මාධ්‍ය සමඟ පැවැත්වූයේ යැයි කියනු ලබන සාකච්ඡාවක් දිනමිණ පුවත්පත විසින් උපුටා දැක්වීමේදී පළ කරන ලද අදහසකි.

පෙට්ටියේ නිදන ෆින්ලන්ත බබාලා...

ෆින්ලන්තයේ සෑම දරුවෙකුම පාහේ තමන්ගේ ජීවිතයේ මුල්ම මාස කිහිපය ගතකරන්නේ පෙට්ට්යකය. 

ඒ පෙට්ටිය දුප්පත් පොහොසත් භේදයකින් තොරව රජයෙන් සැමට නොමිලේ ලැබෙන්නකි.

වසර 75 පුරා ෆින්ලන්තයේ ගර්භනී මව්වරුන්ට රජයෙන් තෑගි පාර්සලයක් ලැබේ. ඇඳක් ලෙස පාවිච්චි කළ හැකි මේ පෙට්ටියද ඊට අයත්ය.


 ළමා ඇඳුම්, ඇඳ රෙදි, මෙට්ටයක්, සෙල්ලම් බඩු ඇතුළු ළමා උපකරණ එම තෑගි අතර වෙයි. වැඩෙන විට එක ලොව තුළ ඇති දෙලොව දකිනු ඇති නමුදු පොඩ්ඩන් ජීවිත‍ය අරඹන්නේ, සමානයින් ලෙසය.

නාමල් නීති විභාගෙට ලිව්වේ මෙහෙමයි (Video)

වත්මන් ජනාධිපති පුත් සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට වසර කිහිපයකට පෙර මුහුණදුන් නීති විභාගවලදී ඔහු නීතිවිරෝධී අයුරින් විශේෂ වරප්‍රසාද යටතේ විභාගයට පිළිතුරු ලිවීමට සැලැස්සූ බවත් එය සනාත කිරීමට තමා සතුව ඇසින් දුටු සාක්ෂි තිබෙන බවත් සම වයසේ නීතිශිෂ්‍යයකු වූ තුෂාර ජයරත්න මහතා විසින් පවසනවා.

මේ බව සඳහන් කරමින් තමන් විසින් අදාළ අංශවලට දිගින් දිගටම පැමිණිලි කර තිබුණත්  ඊට අදාළ නිසි ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ ක්‍රියා නොකළ බවත්, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ තමාට දරුණු වද බන්ධනයන්ට මුහුණපෑමට සිදු වූ බවත්, ඒ හේතුවෙන්ම තමා අද වනවිට යම් රෝගීතත්වයකින් පවා පෙළෙන බවත් ඔහු පවසනවා .

අචලාගේ කෘත්‍රිම අතට ජනපති අරමුදලෙන් ලක්‍ෂ 47ක්

රෝහල් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් වම් අත කපා ඉවත් කළ නීති ශිෂ්‍යාවක වූ අචලා ප්‍රියදර්ශනීට (23) කෘත්‍රිම අතක් සවි කිරීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 47ක මුදලක් ඊයේ (4) ලබා දී ඇති බව අප වෙත වාර්තා වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ නීති ශිෂ්‍යාවක වන අචලා මෙවර විභාගයට පෙනී සිටින අතර එය ජුලි 08 සිට 25 වනදා දක්වා පැවැත්වෙන බවත් ඉන් පසුව තම කෘත්‍රිම අත සවිකිරීම සඳහා ජර්මනිය බලා පිටත්වන බවත් ඕ පැවසුවා.

විශේෂඥ වෛද්‍යවරුන් නිසා සමාජයේ අසරණ රෝගීන්ට සිදුවන ඛේදජනක ඉරණම...

විස්‌තර කියන්නට මේ වෛද්‍යවරිය අපට ඉඩ දුන්නේ නැහැ...

අපට නිහඬ වන ලෙස යළිත් ටිකක්‌ තදින් කීවා... 

අප නිහඬ වුණා...

අපරික්‍ෂාකාරී ලෙස රෝග විනිශ්චයකර ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් හොරණ කනන් විල අංක 250 බී නිවසේ පදිංචි එස්‌. ආර්. සේනානායක නැමති 63 හැවිරිදි අයකු අද ඉතා අසරණ හා අපහසු තාවන්ට පත්ව සිටිනවා. එම රෝගියා සම්බන්ධව ඔහුගේ බිරිඳ වන පියසීලි සේනානායක මහත්මියගෙන් අප මේ ගැන විමසුවෙමු.

මගේ ස්‌වාමිපුරුෂයා මුඛයේ තුවාලයක්‌ සහිතව රෝගාතුර වුණා. රෝගයේ අවදානම් තත්ත්වය හේතුකරගෙන හොරණ පෞද්ගලික වෛද්‍ය සේවයක විශේෂඥ වෛද්‍යවරියක්‌ වෙත යොමු කළා. 2012.12.07. අපේ පරම්පරාවේ කාටත් රක්‌තවාත රෝගය තියෙනවා. 

කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ කොල්ලන්ට බලපිය කියලයි - රත්නපුර මහෙස්‌ත්‍රාත්

තරුණයෝ තිදෙනෙක්‌ හෙදියගේ අඟපසඟ අතගාලා...

එකෙක් කලවය මිරිකලා...

රත්නපුර රෝහලේ රාත්‍රි සේවයට යමින් සිටි හෙද නිලධාරිනියකගේ කලව ප්‍රදේශය අතින් ස්‌පර්ශ කළ බව කියන පුද්ගලයකු ඇතුළු තිදෙනකු ජුනි 07 දා දක්‌වා බන්ධනාගාර ගතකර තිබෙනවා.

එසේ බන්ධනාගාර කරනු ලැබුවේ රත්නපුර සමන් පෙදෙස සහ බටුගෙදර පදිංචි තරුණයෙන් තිදෙනෙකි. ඇහැලියගොඩ පදිංචි රත්නපුර රෝහලේ සේවය කරන 34 හැවිරිදි විවාහක හෙදියක රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක වසන්ත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙදියගේ පැමිණිල්ලේ සඳහන් වන අන්දමට ඇය ඉකුත් 2 දා රාත්‍රි සේවයට යමින් සිටියදී සවස 7.10 ට පමණ රෝහල හන්දියේ සිට රෝහල දෙසට පා ගමනින් ගොස්‌
තිබෙනවා. ඒ අවස්‌ථාවේ අතරමග තරුණයන් කිහිප දෙනකු පාරේ සිට ඇති අතර, එක්‌ අයකු ඇයගේ කලවය මිරිකා තිබෙනවා.