Ads 468x60px

.

මළ මිනිසාට පණ එයි මිනීපෙට්‌ටියෙන් රෝහලට

සිම්බාබ්වේ රාජ්‍යයෙන් අරුම පුදුම පුවතක්‌ පසුගියදා වාර්තා විය. ඒ මිනීපෙට්‌ටියේ තැන්පත් කර තිබූ මළ මිනියකට පණ ඒමයි. 34 හැවිරිදි බ්‍රයිටන් ඩාමා සැන්තේ ප්‍රවාහන සමාගමක සේවය කළ අතර ඔහු හදිසියේ අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වූ සිය මිතුරාට අවසන් ගෞරව දැක්‌වීම සඳහා එම ආයතනයේ සේවය කරන ලොම් ගාතා ද පැමිණියේය. සිය මිතුරාගේ දේහයට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණි ඔහුට අරුම පුදුම දෙයක්‌ දක්‌නට ලැබිණි. 

ඒ මළ මිනියේ කකුල් සෙලවෙන බවයි. මෙය සියලු දෙනා වික්‌ෂිප්ත කරන දසුනක්‌ විය. වහාම ගිලන් රථයකට කතා කළ ඔවුහු මේ පණ ඇති සිරුර රෝහලට යෑවීමට කටයුතු කළහ.

පෙම් හබය නිසා සියදිවි නසා ගත් ජියා ඛාන්.

සුරූපී හින්දි නිළියක්‌ සිය දිවි නසා ගැනීම ගැන හිතන්නටවත් බැරිය. සුරංගනාවියන් වැනි ඔවුන්ටත් ජීවිතය එපා වන්නේද? 

එහෙත් අද ලෝකයේ සිදු වන්නේ නොසිතූ දේවල්මය. නොපැතූ දේවල්මය. 25 හැවිරිදි බොලිවුඩ් නිළි ජියා ඛාන් සිය නිවසේ එල්ලී සිය දිවි නසාගෙන ඇත. 

2007 වසරේ දී අමිතාබ් භච්චන් සමග නිශාබ් නම් හින්දි චිත්‍රපටයේ රඟපෑ මේ නිළිය ඉකුත් සඳුදා රාත්‍රී 11 ත් 11.30 ත් අතර මුම්බායි හි සිය නිවසේදී ගෙල වැලලා ගෙන ඇත. 

මේ පුවත දැනගත් අමිතාබ් භච්චන් සිය ට්‌විටර් වෙබ් පිටුවේ සඳහන් කර ඇත්තේ "මොනවා ජියා ඛාන්, ඇත්තට මොකක්‌ද වෙලා තියෙන්නේ... විශ්වාස කරන්නත් බැහැ" යනුවෙනි. 

ජැක්සන්ගේ දියණිය සියදිවි හානිකර ගැනීමට උත්සාහ කරලා...

ඇයගේ මැණික් කටුවල කැපුම් තුවාල...

හිටපු පොප් ගායක මයිකල් ජැක්සන් ගේ දියණිය පැරිස් ජැක්සන් සියදිවි හානිකර ගැනීමට උත්සාහගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ මැය මෙලෙස සියදිවි නසාගැනීමට උත්සාහ කිරිමෙන් පසුව  රෝහල් ගතකර ඇති බවයි.