Ads 468x60px

.

සුරාජ් මාපාගේ චරිතය ඝාතනය කිරීමට නළු නිළියන් රැසකට යැවූ එස්.එම්.එස්. පණිවුඩය

නිර්නාමික දුරකථන ඇමතුම් හා කෙටි දුරකථන පණිවුඩ මගින් මරණීය තර්ජන එල්ල කිරීමත්, නොයෙකුත් චරිත ඝාතන සිදුකිරීමත් නිසා නීතියේ පිහිට පතන පුද්ගලයින් පිළිබඳ පුවත් නිබඳ වාර්තා වෙනවා. 

මෙවැනි අර්බුදයකට ලක්වීම හේතුවෙන් අපේ ජනප්‍රිය කලාකරුවකුටද පසුගියදා නීතියේ පිහිට පතන්නට සිදුවුනා. ටෙලිනාට්‍ය සහ සිනමා නළුවකු ලෙසත් නර්තන ශිල්පියෙකු ලෙසත් නමක් දිනා සිටින සුරාජ් මාපා පසුගියදා නීතිය හමුවට ගියේ කෙටි දුරකථන පණිවුඩ හේතුවෙන් තමාට වූ අසාධාරණයක් නිසාය. 

මෑත කාලයේදි සුරාජ් පිළිබඳ සඳහන් කෙටි දුරකථන පණිවුඩ කලා ලොවේ සිටින බොහෝ අයට ලැබි තිබුනා. මෙම නිර්නාමික කෙටි දුරකථන පණිවුඩ තුළ සුරාජ්ගේ චරිත ඝාතනය වන ආකාරයේ  කරුණු සඳහන් වූ අතර එම සාවද්‍ය තොරතුරු තුළින් සුරාජ්ගේ අතිශය පෞද්ගලික ජීවිතයට විශාල මඩ ප්‍රහාරයක් එල්ල කොට තිබුනා. 

මේ කරුණු පිළිබඳ සුරාජ් ‍පොලීසියට පැමිණිලි කළ අතර මිරිහාන  පොලීසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගත්තේය. මෙම සිදුවීම ගැන වැඩිදුර විමසීමට අප සුරාජ් ඇමතුවෙමු.

මිනිසාට අමරණීයත්වය සමග අධිමානුෂික බලය අතට දීම වදුරන් රැළකට දැළිපිහි දීම වැනි කරුණක්

මරණය පරදවා අමරණීයත්වයට ළගා වීම කළ හැකි කාර්යයක්...

මිනිස් වර්ගයා ක‍්‍රමයෙන් පරිණාමය වී ඔවුන් සිතන්නට මතන්නට පටන්ගත් විගස ඔවුන්ගේ අවධානය අමරණීයත්වය කෙරෙහි යොමු වුණා. නමුත් මේ දක්වා කිසිවෙකුට ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට නම් ඉඩ ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් රුසියානු කෝටිපතියකු 2045 වසර වන විට තම මොළය කෘත‍්‍රිම සිරුරකට බද්ධ කර අමරණීය වීමේ සැලසුමක් පිළිබදව පසුගියදා  ලොවට හෙළි කර සිටියා. දැනට තිස් එක් හැවිරිදි වියේ පසුවන දිමිත‍්‍රි ඉට්ස්කොච් පවසන්නේ තාක්ෂණය තුළින් ඔහුට කෘත‍්‍රිම සිරුරක් තුළ සදාකාලිකව ජීවත් විය හැකි වනු ඇති බවයි.

මාස ගණනාවක කාලයක් පුරා ලොවම අඳුරේ හෙළන දැවැන්ත සූර්ය කුණාටුවක්.

ප‍්‍රතිසංස්කරණයන් සදහා මාස 5ක පමණ කාලයක්...

දැවැන්ත භූ චුම්භක කුණාටුවක් විසින් විදුලිබල සම්පේ‍්‍රෂණ පද්ධතීන් අක‍්‍රිය කරවමින් මාස ගණනාවක කාලයක් පුරා ලොවම අඳුරේ හෙළන විනාශයක් සිදුකළ හැකි අවදානමක් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ.

2015 වසරේදී සූර්ය චක‍්‍රය සම්පූර්ණවීම සමග උපරිම තත්වයකට පැමිණෙන සූර්ය කුණාටු ධාරා පෘථිවියේ භූ චුම්භක ක්ෂේත‍්‍ර වලට බලපානු ලැබීම මගින් සිදුවන මේ විනාශය නොවැළැක්විය හැකිවන බව වායුගෝලීය සහ පාරිසරික සමීක්ෂණ ආයතනය (AER) හා ලොයිඞ්ස් රක්ෂණ සමාගම එක්ව සකස් කළ වාර්තාව පවසයි.

සුපර් ස්ටාර් අමිලාගේ දික්කසාදය බොරුවක්ලු !

'සැලෝන් කන්කා' සැලුන් එකක්

පසුගිය කාලයේදී තමා සිය සැමියා වන කන්කානම් ගමගේ සමන්ත ගෙන් දික්කසාද වීමට යන බවට පැතිර තිබූ කතාව බොරුවක් බව සිරස සුපර් ස්ටාර් හරහා ගායිකා වක් ලෙසට ජනප්‍රිය වූ අමිලා නිදීෂානි කියනවා.

කාර්යබහුල වුවත්, සිය සැමියා, හත්හැවිරිදි පුතු බිතුම් හා වසරකට ඉහතදී පවුලට එක්වූ ලිතුම් දුවත් සමග සතුටින් සිටින බවද ඇය පවස
නවා.