Ads 468x60px

.

ලොකුම බොරුව සහ කාලගුණය : මියගිය ගණන දැන් 43 යි...

අම්බලන්ගොඩ අහුංගල්ල අතර සිරුරු 14ක්‌ ගොඩගසයි...

26ක්‌ තවම අතුරුදන්... තුවාල ලැබූ ගණන 32යි...


මැයි 08 අළුයම 3ට පමණ හමා ගිය දැඩි සුළඟට සහ මහා වර්ෂාවට අසු වූ ධීවරයින්ගෙන් විසිහත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ. එය රටේ ජනතාවගේ ඉමහත් සංවේගයට කාරණාවක් වී ඇත. මැයි 07 වැනිදා රටේ විවිධ පළාත්වලින් ධීවරයින් සුපුරුදු පරිදි මුහුදු ගියේ මාලු අස්වැන්නකුත් රැගෙන නිරුපද්‍රිතව යළි අඹු දරුවන් දකින්නට එන බලාපොරොත්තුවෙනි.

එදින ඔවුන් මුහුදට බොට්ටුව තල්ලු කරද්දි පසුදින අළුයම මහා සුළං සමග දැඩි වර්ෂාවක් කඩා වැටෙන බව නිසැකව දැන සිටියා නම් මාලු අල්ලන්ට ඔවුන් යන්නේ නැත. ඒ වෙනුවට අඹු දරුවනුත් සමග තියෙන දෙයක් කා බී කුප්පි ලාම්පුව හෝ විදුලි බල්බය නිවා දමා නින්දට වැටෙනු ඇත. ඔවුන් මුහුදු ගියේ අඹු දරුවන් රකින්නටය. 

පෙම්වතා සමඟ පෙම්සුව විඳිද්දී පෙම්වතිය පැහැරගෙන දුෂණය කරලා...

පෙම්වතා බය කරලා...

සෙවණගල, සූරියවැව, ඌරුසිටාවැව් තාවුල්ලේ සිටි අවුරුදු 17 මාස 08ක්‌ වයසැති තරුණියක්‌ පැහැරගෙන ගොස්‌ අතවර කළ සැකකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකු සෙවණගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණිය ඇගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරකු සමඟ වැව්තාවුල්ලේ රැඳී කතාබහ කරමින් සිටින විට එම ස්‌ථානයට පැමිණි සැකකරුවන් තරුණයන් දෙදෙනා බියකර

ඇනවුම් කරන දෙයට නොව රැදී සිටිනා කාලයට මුදල් අය කරනා තේපැන් ශාලාවක්

පියාඹන වේටර්ලා ලන්ඩන් එති...

ඇනවුම් කරන දෙයට නොව රැදී සිටිනා කාලයට මුදල් අය කරනා තේපැන් ශාලාවක් ජර්මනියේ විස්බාඩන් නගරයේ ඇත.

තේපැන්හලට ගොඩවන අයෙකුට කෝපි,බිස්කට් ආදී තමන්ට කැමති ඕනෑම දෙයක් ලබා ගත හැකිය. ඒවාට මුදල් අය නොකෙරේ. නමුත් ලබාගත් ආහාර භුක්ති විදීමට පුටුවක වාඩි වන වේලාවේ සිට පිටව යන වේලාව දක්වා වන කාලයට මුදල් අය කැරේ.

අවශ්‍ය නම් පිටතින් ආහාර රැගෙන ඒමටද අවස්ථාව පාරිභෝගිකයන්ට ලබා දී ඇත.ආහාර ගැනීමෙන් නොනැවතී ස්ක්‍රැබල් වැනි ක්‍රීඩාවන්හි යෙදීමට,අන්තර්ජාලයේ සැරීමට හැකිය.පිටව යන විට රැදී සිටි වේලාව අනුව මුදල් ගෙවිය යුතුය.