Ads 468x60px

.

සුපර්ග්ලූ වලින් කල විශ්මිත මොළයේ සැත්කම...

බිළිදා ගොඩගන්න සුපර්ග්ලු..

‘‘සුපර්ග්ලූ‘‘ යොදාගෙන පිපිරුණු රුධිර නාළයක් වසා දමා සති තුනක් වයසැති බිළිදියකගේ දිවි බේරා දුන් ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් ගැන ඇමරිකාවේ කැන්සාස් විශ්වවිද්‍යාලීය රෝහලෙන් වාර්තා වේ.

කුඩා ඇෂ්ලින් ජූලියන් රෝහලට ඇතුළත් කරන විට සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනකය. ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට සොයාගත හැකි වූයේ ඇෂ්ලින්ගේ මොළයේ කුඩා රුධිර නාළයක ඇති පිපිරීමකි.


සාමාන්‍ය අවස්ථාවකදී නම් වෛද්‍යවරුන් කරනුයේ හිස් කබල පලා විවෘත කර නාළය වසා දැමීමේ සැත්කම කිරීමයි.නමුත් ඇෂ්ලින් තවමත් සති 3 ක් පමණ වයසැති නිසා බරප ශල්‍යකර්මයකට ඇයට භාජනය කළ නොහැකි වීමෙන් වෛද්‍යවරුන් තිරණය කරන්නේ සැත්කමක් නොකර පිපිරීම වසා දැමිමටය.ඒ සදහා ඔවුන් යොදාගන්නේ සුපර් ග්ලූය.

ශ්‍රි ලංකාව තුල ප්‍රථම වරට බිහි වූ එක් දසුන් වීඩියෝ පටයේ රූප පෙලක්...(පින්තුර)

ශ්‍රි ලංකාව තුල ප්‍රථම වරට බිහි වූ එක් දසුන් වීඩියෝ පටයේ රූප පෙලක්. මෙහි ඇති විශේශත්වය නම් මුලු මියුසික් වීඩියෝවම එක ශොට් එකකින් කර තිබීමයි. ලගදීම ඒ නවම් අත්දැකීම විදගන්න ඔබත් සූදානම් වෙන්න.


මම මිනීමරුවෙක්.! එළියට ආපු දවසට කරනදේ බලාගනිල්ලා රහස් පොලිසියට වාස් තර්ජනය කරලා

ක්‍රිශාන්ත මහත්තයා අපි ෂියාම්ව ඉවරයක් කරනවා... 

මේ ගැන කාටවත් කියන්න එපා... 

හෙට උදේ වාස්ගේ ගෙදරට ඇවිත් වෑන් එක අරගෙන යන්න...

“මට තේරුණා උඹලා මේ වැඩේ කරනවා කියලා, ශානි උඹලට බැහැ මාව හැමදාම ඇතුලේ තියා ගන්න. මම මිනීමරුවෙක්, මම එළියට ආව දවසට බලාගනිල්ලා උඹලට කරන දේ” යැයි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මේ පරීක්‍ෂණය සිදු කරන රහස් පොලිස් නිලධාරීන්ට දැඩි උස් හන් තර්ජනය කළැයි රහස් පොලිසිය ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවකින් ප්‍රකාශ කර තිබෙනවා. 

මේ සිද්ධියට අදාළව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් චෝදනා පැහැදිලි කර දී අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී තමා හිඳ සිටි පුටුවෙන් නැගිට පුටුව පසෙකට තල්ලු කර දැඩි උස් ස්වරයෙන් විමර්ශන නිලධාරීන්ට ජීවිත අනතුරක තර්ජන එල්ල කර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ සඳහන් වෙනවා.

මාත‍ලේ උසස් පාසලක ගුරුවරියෝ සිසු දැරියන් ගණිකා වෘත්තියේ යොදවලා...

සිසුවියන් ගැබ් අරන්... ඒ අය ගුරුවරුද..?

ගුරුවරු කියන්නේ දෙවිවරු කියලයි සමාජයේ හැමෝම හිතන්නේ. ගුරුවරු තමයි සමාජය නිවැරදි පාරට යොමු කරන්න පරපුරක් හදන්නේ. ඒත් එහෙම ගුරු දෙවිවරු අතරත් ‍නරුම පිරිසුත් ඉන්න බව ඇත්තක්.

මේ එහෙම එක සිදුවීමක් මාතලේ නගරයේ එක්තරා උසස් පාසලක සිසු දැරියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ගුරු වෘත්තික කාන්තාවන් කීප දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වන බව රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති දේශමාන්‍ය ආචාර්ය ටී. ඩි. ජයතිස්ස මහතා අද (13) දා මාතලේ දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ කමිටුවට වාර්තා කළා.

ඒ විතරක් නෙවේ මෙම පාසලේ අදාල ගුරුවරියන් පස් දෙනාත් ගණිකා වෘත්තියේ යෙදිලා කියලයි ආරංචි. ඒ අතරේ සිසු දැරියන්ද ගණිකා වෘත්තියට ඇද දැමීමේ අවාසනාවන්ත තත්වයක් ඇති බවට සභාපති ජයතිස්ස මහතා චෝදනා කළා. අදාල පාසලේ සිසු දැරියන් කීප දෙනෙකු ගැබ් ගැනීමේ සිද්ධියක් පිළිබඳවත් වාර්තා වෙනවලු.