Ads 468x60px

.

මත්තල වරාය නිසා ලෝචනා අවුලෙන්

යොවුන් නිළියක් වන ලෝචනා ඉමාෂි එක්තරා පුවත් පතක පැන විසදීමේ ඉසව්වකට එක්වී අපහසුතාවයට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අප වෙත වාර්තා වෙනවා.

එම පැන විසදීමේදී අදාල මාධ්‍යෙ ව්දියා ඇයට ලබාදී ඇත්තේද අපූරු පැනයකි. එය මෙසේය. මත්තල ගුවන් තොටුපලින් තම වෘතීයන් සදහා ගිය ධීවරයන් 15 පසුගියදා ඇති වූ කාලගුණික විපර්‍යාස නිසා මියගොස් ඇත. මේ පිළිබදව ඔබ චෝදනා කරන්නේ කාටද ? යනුවෙනි.


රේණුකා බාලසූරියගෙන් තවත් වාර්ථාවක්...

රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ "සිරිපැරකුම්" ප‍්‍රදර්ශණය ආරම්භ වීමට ප‍්‍රථමයේදී සිටම කතා බහට ලක්වූයේ පිටපත් ප‍්‍රමාණයේ අර්බූදය සමගය. 

එහිදී සියල්ල අභිබවා සෝමරත්න ගේ "සිරිපැරකුම්" පසුගිය 31වන දා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා 51ක තිරගතවීම ආරම්භවූයේ වාර්ථාවක් ද සමගිණි .ඒ ප‍්‍රදර්ශණය ආරම්භ වී දින හතරක වැඩිම ආදායම් ඉපැයූ ලංකාවේ ප‍්‍රථම සිනමා නිර්මාණය ලෙසය .

දැන් "සිරිපැරකුම්"  සිංහල සිනමාවේ ඵෞතිහාසික  දෙවන වාර්ථාව තැබීමට ද සමත් වී ඇත. ඒ පසුගිය ඉරුදින එනම් 16වන දින "සිරිපැරකුම්" නැරඹීමට ලංකාව පුරා ඇති සිනමා ශාලාවල් වලට එක් රැස්වු පේ‍්‍රක්‍ෂක ජනතා සංඛ්‍යාව 53,962කි. 

ගුරු මව දණගැස්වූ මන්ත‍්‍රීට අස්වෙන්නැයි දන්වයි… සමාව ගන්නත් කියයි.

ගුරුතුමිය දණ ගැස්‌සවූ මන්ත්‍රී ඉල්ලා අස්‌විය  යුතුයි : ජනපති කියයි...
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි..

නවගත්තේගම ඉසුරු විදුහලේ ගුරුවරියක දණගැස්‌සවූ වයඹ පළාත් සභා මන්ත්‍රීවරයා ඉල්ලා අස්‌විය යුතු යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (17 දා) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ හමුවකදී පැවසුවා.

වයඹ හා මධ්‍යම පළාත් සභා මැති ඇමැතිවරු, පළාත් සභා දෙකේ රජයේ මැති ඇමැතිවරු හා ප්‍රධාන පෙළේ ඇමැතිවරු සමඟ පැවැති එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය දැඩි දොෂදර්ශනයට ලක්‌කරමින් මේ බව
පැවසුවා.

මෙම සිද්ධියට මුහුණපෑ ගුරුවරියට දුරකථනයෙන් කතා කර ඇති ජනාධිපතිවරයා ඇයට සාධාරණයක්‌ ඉටුකරන බවට ද ප්‍රකාශ කර තිබෙනවා.