Ads 468x60px

.

රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුරට නුසුදුස්සෙක් පත් වීම ගැටලුවක්...

ඉහල සුදුසුකම්ලාභී විශේෂඥ කායික වෛද්‍යවරුන් නොතකා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ කායික වෛද්‍ය මහාචාර්ය තනතුරට වෛද්‍ය සිසිර සිරිබද්දන පත් කිරීම නුසුදුසු ක්‍රියාවක්  බව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු පිරිසක් පෙන්වා දෙති. 

කාලයක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්දව වැඩ කල වෛද්‍ය සිසිර සිරිබද්දන ජවිපෙ බෙදීමෙන් පසු විමල් වීරවංසට සහය පල කරන ලදී. මේ නිසා කෘතගුණ සැලකීමක් ලෙසට රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුර ලබාගැනීම සඳහා වෛද්‍ය සිසිර සිරිබද්දනට විමල් වීරවංස අමාත්‍යවරයා උපකාර කරන ලද බවට බව එම මහාචාර්යවරු වැඩිදුරටත් පෙන්වා දෙති. 

කාඩිෆ් කොටි ලාංකික ක්‍රිකට්‌ ලෝලීන්ට ම්ලේච්ජ අයුරින් පහර දුන් හැටි මෙන්න...

උඹලා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මිනිස්සුද...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉකුත් 20 වැනිදා වේල්සයේ කාඩිෆ් නුවර සොෆායා ගාර්ඩ්න්ස්‌ ක්‍රිකට්‌ පිටියේ පැවැති ක්‍රිකට්‌ තරගය නැරඹීමට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට පොලු වලින් පහරදීම, මිරිස්‌ කුඩුවලින් මුහුණු වලට ගැසීම ආදී ම්ලේච්ජ ක්‍රියාවන්හි යෙදෙමින් කොටි හිතවාදී දෙමළ පිරිස්‌ ප්‍රකෝපකාරී ලෙස හැසිරුනා. දවස පුරාම මෙම කොටි හිතවාදීන් උද්ඝෝෂණයේ යෙදී සිටි අතර ඒ අසලින් ගමන් ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුහු පරිභව කරමින් පහර දුන්නා.

පොල්ලකින් පහරදීම නිසා එක්‌ අයකුගේ අතකද තවත් අයකුගේ කකුලකද අස්‌ථි බිඳී තිබුනා. ශ්‍රී ලාංකික කාන්තාවක ඉදිරියට පැමිණි එල්. ටී. ටී. ඊ. හිතවාදී කාන්තාවක්‌ ශ්‍රී ලාංකික කාන්තාවගේ මුහුණට මිරිස්‌ කුඩුවලින් ගැසූ අතර මිරිස්‌ කුඩු ඇයගේ ඇස්‌වලට යාමෙන් මහත් වේදනාවකින් පෙලුනා.

පින්තුරයක කතාව...

හිසට වැදුණු වෙඩි පහරක් නිසා අසාධ්‍යව සිටි බව කියූ දුමින්ද සිල්වා කිසිම ඉහෙන් බහින රෝගයක් නොමැතිව යලි දේශපාලනයට පැමිණියේය.

ඔහුගේ ආගමනය ගැන වඩාත්ම සතුටු වුයේ කොළඹ වතු වල ජිවත් වන පීඩිත පන්තියේ ජනතාවය.බත් පැකට් එකට අරක්කු භාගයකට, කුඩු පැකට් එකකට යටත් කර ගත හැකි වූ මේ පිඩිත පන්තියේ ලුම්පන් කොටස් ඉදිරි මැතිවරණ වලදී පොලු මුගුරු රැගෙන තීරණාත්මක කාර්යභාරයක් කරනු ඇත. 

ශක්‌තිමත් සහ බුද්ධිමත් බවින් යුත් යුතු සිවිල් සමාජයක් නොමැති ශ්‍රී  ලංකාව වැනි නූගත් සංස්කෘතික වශයෙන් දිළිඳු සමාජයකට ස්ත්‍රී දුෂණයකට සහ මිනිමැරුමකට චෝදනා ලැබූ පුද්ගලයෙකු වීරයෙකු වන අන්දම දුමින්ද සිල්වා පෙන්වා දුන්නේය.