Ads 468x60px

.

වල්ගම හන්දියේ මෝටර් රථයක බල්ලන් එක්ක අඩ නිරුවතින් රැයක් ගතකල කෙල්ල කවුද

මාතර, ගාලු පාරේ වල්ගම හන්දියේ wp KC 2050 දරණ සුඛෝපභෝගී මෝටර් රථයක බල්ලන් එකොළහක් පමණ නංවාගත් කතක් වීදුරුව වසාගෙන ඊයේ (25) හවස සිට අද (26) උදේ 8.30 පමණ වෙනතුරු සිටි බව පැවසෙනවා. ඊයේ සවස එම ස්ථානයට පැමිණ නැවතූ රථයේ සිටි බල්ලන්ගේ සහ කාන්තාවගේ හැසිරීම සැක සහිත වූ බැවින් අවට වාසීන් එම රථයේ රෝදවල හුළං යවා ඒ පිළිබඳව පොලිසියට දැනුම් දුන් බව මාතර පොලිසියේ ඉහල නිලධාරියකු පැවසුවා.

කෙසේවුවද කාන්තාව රථයෙන් බිමට බැස නැත. රථයේ ආසන සියල්ල බල්ලන් විසින් සපා ඉරා දමා තිබූ අතර ඉඳහිට මෙම කාන්තාව රියදුරු අසුන පැත්තේ වීදුරුව පහත් කලද ඒ සමග රථය තුළින් ඉවසිය නොහැකි දුඟඳක් වහනය වී
තිබෙනවා.

ඇය හැඳ සිටියේ ඉතා කෙටි රෙදිකඩක් වැනි වස්ත්‍රයක් බැවින් ඇගේ දෙපා සම්පූර්ණයෙන් නිරාවරණය වී තිබි ඇති අතර ඇගේ නිරුවත් දෙපා දැකබලා ගැනීමට ප්‍රදේශයේ තරුණයින් පොරකා තිබෙනවා.

මෙරටදී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සොහොයුරා කතා කරයි...

මගේ සොයුරාගේ පෙම්වතිය අතවරයකට ලක්‌කර මාස 18ක්‌...

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, හෝටලයක ලැගුම් ගෙන සිටි  බි‍්‍රතාන්‍ය ජාතික කුරාන් යෙන් නමැති 27 හැවිරිදි අයෙකු ඝාතනය කිරීම සහ ඔහුගේ බිරිඳ වන වික්‌ටෝරියා නමැති 24 හැවිරිදි කාන්තාවට බරපතළ තුවාල සහිතව ලිංගික අතවර සිදු කල පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

එසේ ඝාතනයට ලක්වූ කුරාන් යෙන් නැමති බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ සොහොයුරු වන නසීර් ෂායික්‌ මහතා මේ සම්බන්දයෙන් කර ඇති අදහස්‌ දැක්‌වීමක්‌ ඇතුළත් නිවේදනයක්‌ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

අවුරුදු 32 ක්‌ වූ තම සොහොයුරු බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂායික්‌ ශ්‍රී ලංකාවේදී ඝාතනය වී ඔහුගේ පෙම්වතිය අතවරයකට ලක්‌කර මාස 18ක්‌ ගතවී ඇතත් දීර්ඝ කාලයක්‌ මුළුල්ලේ කෙරුණු පරීක්‍ෂණ හැරෙන්නට චෝදනා ගොනු කිරීමක්‌ සිදුව නැතැයි ඔහු පවසනවා.

එම නිවේදනයේ මෙසේද දැක්‌වෙනවා. 

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා ඝාතනය කිරීමට නියෝග දුන්නන් තවමත් නිරුපද්‍රිතව

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 1978–1988 අතර කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කල විශිෂ්ඨ බුද්ධිමතෙකි. එතුමා ඝාතනය කිරීම සඳහා නියෝග දුන් කිහිප දෙනෙකු අද ශාස්ත්‍රඥයන් ලෙස බැටළු සම් පොරවාගෙන සමාජය ඉදිරියේ පෙනී සිටින බව මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඥාතීන් පෙන්වා දෙති.

1988 - 1989 භීෂණ සමයේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග එක්ව ක්‍රියා කල මොවුන් ඝාතන කටයුතු වලදී ඝාතකයන්ගේ උපදේශකයන් ලෙස ක්‍රියා කොට තිබෙන බවට දැන් හෙළිවෙමින් පවතී.  මොවුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ බුද්ධි මණ්ඩලය ලෙස ක්‍රියා කොට ඇති අතර ස්ටැන්ලි විජේසුන්දර වැනි විශ්ව විද්‍යාල මහාචාර්යවරු ඝාතනය කිරීම සඳහා උපදෙස් දී ඇත.