Ads 468x60px

.

බ්‍රසීලයේ UFO එකක් ලෙස බොහෝ දෙනා රැවටී තිබුණු ඩ්‍රෝන යානාව...

බ්‍රසීලයේ Sao Paulo නුවර විරෝධතා වල නිරතවූ දහස් ගණනක් ජනයාට පසුගියදා දැකගත හැකිවූයේ වලාකුළු අතරින් සිග්-සැග් ක්‍රමයට අහසේ සැරිසරන දීප්තිමත් එළියක් සහිත හඳුනා නොගත් පියාසර වස්තුවකි. පසුදිනම එය යූටියුබ් වෙත එක්වූයේ UFO එකක් ලෙසයි.

නමුත් එම නගරයේ පිහිටා ඇති Folha TV මඟින් විකාශය කළ වීඩියෝවකින් දැක්වුනේ කැමරාවක් සවිකළ දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන ඩ්‍රෝන යානාවකින් ගත් වීඩියෝ දර්ශනයි. ඒ අනුව UFO එකක් ලෙස බොහෝ දෙනා රැවටී තිබුනේ එම ඩ්‍රෝන යානාවටයි.

එහි පින්තුර සහ වීඩියෝ පහතින් 

නෙහාරා පෙරපාසල් ගුරු පාඨමාලාවක් හදාරන්නේ නිළිකම අත්හරින්නද...?

සීයට අනන්තයක් මේනක මට හොඳටම ගැළපෙනවා - නෙහාරා

රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ මෙවර හැර සිවු වසරක් ජනපි‍්‍රයම නිළිය සම්මානය දිනාගත් නෙහාරා පීරිස්, ජනප්‍රිය ළු මේනක රාජපක්ෂ සමග විවාහ වීමෙන් පසුව නිළි කමින් ඈත් වීමට සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වෙනවා.

නෙහාරා නිළිකමින් ඈත්වී පෙර පාසලක් ආරම්භ කිරීමට යන බවත් පැවසෙනවා. කෙසේවුවද ඇය නිවේදන කටයුතු අත්නොහැර සිදු කිරීමටද තිරණය කර ඇති බවත්, මේදිනවල පෙරපාසල් ගුරු පාඨමාලාවක් හදාරණ බවත් වාර්තා වෙනවා.

අලුත්ගම ගනේගම අනාරක්‍ෂිත දුම්රිය වෑන් රථ ගැටුමේ ඇත්ත කතාව...

අලූත්ගම, ගනේගම අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගය හරහා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්‌ (25 වැනිදා) රාත්‍රි දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ හයදෙනෙක්‌ මියගොස්‌ තවත් පස්‌දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා. එහි මියගිය පිරිස තොරණ්‌ බැලීම සඳහා වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි අලුත්ගම පොලිසියට පෙරේදා (25 වැනිදා) රාත්‍රි තොරතුරු ලැබී තිබුනා. 

එහිදී මියගිය පිරිස දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මියගිය පිරිස අතර වයස අවුරුදු හතළිහක පමණ කාන්තාවන් දෙදෙනකු, ගැහැණු දරුවන් තිදෙනෙක්‌ සිටින බව අලුත්ගම රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.අනතුරට පත් මෙම පිරිස ඥාතීන් බවටද හඳුනාගෙන තිබෙනවා