Ads 468x60px

.

දෙරණ 360 වැඩසටහනෙ දිල්කාට මරණ තර්ජන ආවේ මෙහෙමයි.

ඔබතුමා විවාහවෙන්න අදහසක් නැද්ද...?

මගෙ නම් අදහසක් තියෙනවා. දිල්කාගේ අදහස කොහොමද...?

‘දෙරණ 360’ වැඩසටහන බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කාලීන දේශපාලන සංවාදාත්මක වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන දිල්කා සමන්මලී වැඩසටහන අතර ආරාධිතයන්ගෙන් ඔවුන්ට එල්ල වී ඇති චෝදනා ගැන සෘජුවම විමසනවා. 

පසුගියදා ‘දෙරණ 360’ට සහභාගි වූ ස්වාමීන් වහන්සේ නමකගෙන් උන්වහන්සේට එල්ල වී ඇති චෝදනා ගැන මේ අයුරින් විමසීම  නිසා දිල්කාට මරණ තර්ජන එල්ල වූ බවත් ඇය නීතියේ පිහිට පතන්නට ඉදිරිපත් වූ බවත් අපට ආරංචි වුණා. 

ඒ ගැන විමසන්න අප දිල්කාට කතා කළා. අදාළ සිදුවීම ගැන වගේම එදා මෙදා තුර ‘දෙරණ 360’ තුළ වූ සිදුවීම් ගැන තොරතුරු රැසක් ගැන අපි මෙහිදී දිල්කා සමග කතා කළා.

රසිකයෙක් නිසා පිංපොං රෝහලේ...

‘පිංපොං’ කිව්වහම කවුරුත් ඔහුව හඳුනනවා. උප්පැන්නයේ නම රජිත හිරාන් චාමිකර වුවත් ‘පිංපොං'ට ප්‍රේක්ෂකයින් ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මේ නිසාම බොහෝ නළු නිළියන්ට මෙන් පිංපොංටත් රසික ජනතාවගෙන් අඩුවක් නැහැ. පසුගිය දවසක රසිකයෙක් නිසා පිංපොංටත් රෝහලට යන්න සිදු වූ පුවතක් අපිට ආරංචි වුණා.

“වයස අවුරුදු හතළිහක පමණ රසිකයෙක් සතියකට වතාවක් අපේ ගෙදර එනවා. මම ගෙදර ඉන්න වෙලාව බලලා තමයි ඔහු එන්නේ. ඇවිත් ඔහුගේ පාඩුවේ කොරිඩෝවේ පුටුවකට වෙලා ඉඳගෙන ඉන්නවා. මම අහන දේට පිළිතුරු දෙනවා. වැඩිය කතාබහ කරන්නෙත් නැහැ. මේ රසිකයා උදේ ඉඳල හවස් වනතුරුම ඉඳගෙන ඉන්නවා. 


මටත් ඉතින් රසිකයෙක් හින්දා හිත රිදෙන්න මොකුත්ම කියන්න බැහැනේ. ඉතින් මේ රසිකයාට අපි කෑම බීමවලින් පවා සංග්‍රහ කරනවා. දවසක් ඔහු ආ වේලාවක මට හදිස්සියේ මළ ගෙදරකට යන්න සිද්ධ වුණා. මේ රසිකයත් බලෙන්ම වගේ මාත් එක්ක මේ මළ ගෙදරට ආවා.”

කරුණාදාස කොඩිතුවක්‌කු මහතාගේ පලතුරු වලින් පිරුණු අපූරු පොසොන් දන්සල

වසරක්‌ පාසා මම රුපියල් ලක්‍ෂ 30 -35 ක පමණ මුදලක්‌...

ඇපල්, මුද්දරප්පල්ලම්, අන්නාසි, ගස්‌ලබු, පැණිකොමඩු රඹුටන් සහ කෙසෙල්වලින් පිරුණු අපූරු පොසොන් දන්සලක්‌ පිළිබඳව පසුගිය පොසොන් දවසේ අප වාර්තා වුනා.

මෙම අපූරු දන්සල පවත්වාගෙන ගියේ කිරිබත්ගොඩ මාකොළ පාරේ තැඹිලිගස්‌මුල්ල හන්දියට නුදුරින්ය. මෙම දන්සලේ අයිතිකරු වූයේ ප්‍රසිද්ධ රෙදිපිළි ව්‍යාපාරිකයකු වූ කරුණාදාස කොඩිතුවක්‌කු මහතාය. මෙම දන්සලේ පලතුරු විශාල වශයෙන් ගබඩාකර තිබූ අතර එම භූමියේම බත් දන්සලක්‌ සහ අයිස්‌ක්‍රීම් දන්සලක්‌ ද පිහිටා තිබුනා.

අක්‌කර 1 1/2 ක භූමියක පවත්වාගෙන ගිය මෙම අපූරු දන්සල් සංකීර්ණය මෙසේ පවත්වා ගෙන යනු ලබන්නේ 13 වරට බව කරුණාදාස කොඩිතුවක්‌කු මහතා අප කළ විමසීමකදී පැවසුවා.

පොසොන් දවසේ උදේ සිට පසුදින පාන්දර එක වනතුරු පැවැත්වෙන මෙම දන්සලට ඇදී එන පිරිස්‌ අතර ගම්පහ, නිට්‌ටඹුව, දිවුලපිටිය ඇතුළු ඒ අවට පදිංචිකරුවෝ ද වුනා.