Ads 468x60px

.

කාන්තාවක් වාස්ගේ ඇඟට කඩා පනින අතරේ වාස්ගේ පුතා අතුරුදහන් !

උතුරු කොළඹ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා යළි ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කිරීමෙන් පසු, ඔහුව බන්ධනාගාර බස් රථය වෙත ගෙන යද්දී බාහිරින් පැමිණි කාන්තාවක් දැඩි ආවේගයෙන් යුතු ඔහුට චෝදනා එල්ල කිරීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්කාරී තත්වයක් ඇති වුණා.

තම පුතා මරා දැමීම සම්බන්ධයෙන් එම කාන්තා වාස් ගුණවර්ධන මහතාට චෝදනා කළා.

සංද්‍යා ප්‍රියදර්ශනී වන ඇය මාධ්‍ය වෙත අදහස් කරමින් පවසා සිටියේ, තම පුතා වන සිරිධර්ම මාවතේ පදිංචි වී සිටි සදුන් ලසිත කුමාර විතානගේ 2009 වසරේදී යම් කිසි ඉඩම් ආරවුලක් මත අත් අඩංගුවට ගෙන සතියක් පොලිස් අත් අඩංගුවගේ තබා ගැනීමෙන් අනතුරුව පොලිස් භාරයේ සිටියදී මරා දමා තිබු බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුයේ, 2009 වසරේදී මේ සම්බන්ධව නඩුවක් ගොනු කලද මේ වන තෙක් නඩුව අවසාන වී නොමැති බවයි.

මෙම අවස්ථාවේදී ඇයගේ කථාවට බාධා කරමින් එහි පැමිණි කණ්ඩායමක් ඇය සමග බහින්බස් වීමක් ඇති කරගන්නා ලද අතර අනතුරුව පොලිස් භටයන් මැදිහත්වී පිරිස විසිරුවා හරිනු ලැබුවා.

මේ අතර ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන ද සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු බවත් ඔහු සොයාගැනීමට නොහැකිවී ඇතැයිද රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දන්වා සිටියේය.

මුස්ලිම් කතුන් මූණ වහන මෝස්තරය තහනම් කරන්න නීති ගෙන ආ යුතුයි - ඥානසාර හිමි

මුස්ලිම් රටක් වුණු මැලේසියාවත් මේ ඇඳුම තහනම් කළා...

ඇයි අපේ රටට බැරි ඒක කරන්න..

ප්‍රසිද්ධ ස්ථානවල මුස්ලිම් කාන්තාවන් මුහුණ වසාගෙන සිටින ඇඳුම් මෝස්තරය වන නිකාබය තහනම් කරන්න රජය නීතියක් ගෙන ආ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසනවා. උන්වහන්සේ එසේ පැවැසුවේ බෞද්ධ මන්දිරයේ ඊයේ (8දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. 

එහිදී අදහස් දැක්වූ ඒ හිමියෝ මෙසේද පැවසුවා.

ලංකාව අරාබිය නොවෙයි. අපිට රට ගැන සාධාරණ සැකයක්, බියක් තියෙනවා. මේ ඇඳුමට හැංගිලා අද පාතාලයන් රජ කිරීමට හොඳම උදාහරණයක් තමයි මාමාස්මි. අපිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා.


ඒක මානව අයිතිවාසිකමක්. අනික අපරාධවලට මේ ඇඳුම හොඳ උගුලක්. මේක නවත්වන්න ඕනෑ. නැත්නම් ඉදිරියේදී මේක වාර්ගික ප්‍රශ්නයක් දක්වා දිග්ගැස්සෙනවා.

චොකලට්‌ යෑයි සිතා මී පාසානම් කැට කා කඹුරුපිටියේ දරුවන් දෙදෙනකු මිය ගිය හැටි...

මීට පෙරත් මේ දරුවන් දෙදෙනා ළිඳකට වැටිලා බේරිලා...

චොකලට්‌ යෑයි සිතා වැරදීමකින් මීයන් මැරීමට උපයෝගී කර ගන්නා මී පාසානම් කැට වර්ගයක්‌ කෑමෙන් මිය ගිය එකම පවුලේ දරුවන් දෙදෙනකු පිළිබඳ කඹුරුපිටිය ආඳපාන රෝහලෙන් අප වෙත වාර්තා වෙනවා.

මම රෙදි සෝදා ගෙන ඇවිත් බලන විට මිය ගිය දරුවන් දෙදෙනා කාමර දෙකක ඇඳන්වල නිදාගෙන වගේ වැටී සිටියා. මම දරුවන්ට කතා කළාට ඔවුන් කතා කළේ නැහැ. පසුව මම කෑගැසුවා යයි මිය ගිය දරු දෙදෙනාගේ මව වන මාකදුර රන්සෑගොඩ උතුර පදිංචි නන්දිකා හේවාගේ නාලිකා අසන්ති (30) නමැත්තිය පැවසූවා.

මෙසේ මිය ගියේ ඇල්දෙනියගේ අනුහස්‌ (03) හා රන්සෑගොඩ ආදර්ශ විදුහලේ ඉගෙනුම ලැබූ ඇල්දෙනියගේ ඔෂද (06) නමැති දරුවන් දෙදෙනායි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.