Ads 468x60px

.

ලංකාවෙන් පැන ගිය සුජීවා ඩුබායි වල මොකද කරන්නේ...

කැලුම්, සුජීවාගෙන් දික්කසාද වෙන්න නඩුවකුත් දාලාලු...

සුදුවන බව පවසා ඖෂධයක් ලබාදී වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින ජනපි‍්‍රය ගායිකාවක වන කේ.සුජීවා මේ වන විට ඩුබායිහි වෙසෙන බව අප වෙත වාර්තා වෙනවා. 

ඇය ලංකාවෙන් පැන යාමෙන් පසුව ඇගේ නිවස එම ඖෂධ ලබාගත් පිරිස විසින් වටලා තිබුනා. පසුව ඇගේ සැමියා වන කැලුම් විසින් ඔවුන්ට තමා අදාල ගනුදෙනු වලට කිසිදු සම්බන්ධයක් නැති බව පවසා ඉන් ගැලවී තිබූ බවද පැවසෙනවා.

එම පුවත මෙතනින් 
සුජීවාගේ සුදුවෙන පෙති තුනක් රුපියල් 105,000 ක් ලු

කෙසේ වුවද මේවන විට කැලුම්, සුජීවාගෙන් දික්කසාද වීමට නඩුවක් පවරා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වාර්තා වෙනවා. සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට සුදුවීමට එන්නතක් ලබා දුන්නේ සුජීවා බව මීට පෙර මාධ්‍ය හෙළිකර තිබුනා

එම පුවත මෙතනින්
නදීෂාට විශේෂ ඖෂධ එන්නත දුන්නේ කේ. සුජීවා ද?
සුදුවීමට ගත්තු ඉන්ජෙක්ෂන් එක නිසා නදීෂා මහත් වෙලාලු

සුජීවාට රූපලාවන්‍යාගාරයක් තිබූ අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලු දෙකක් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලැබුවා. සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එම රූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලැබූ ප‍්‍රතිකාර වේ. 

හලාවත මහ රෝහලේ පරිපාලනය දුර්වලයි...

හලාවත මහා රෝහලේ පරිපාලනය දුර්වල බවත් රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය වන වෛද්‍ය දිනුෂා ජයසිංහ මහත්මිය රෝහල් කටයුතු නිසි  පරිදි අධීක්ෂණය නොකරන බව හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති ජීවන් ජූඩ් මහතා අවධාරණය කරයි. 

රෝගීන්ගේ ආහාර වලින් වංචා කිරීම පිලිබඳවද  වෛද්‍ය දිනුෂා ජයසිංහ මහත්මියට මිට ඉහතදී චෝදනා තිබුනද  අදාළ බලධාරීන් ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් පවත්වා නැත. 

තම මරණය පින්තූරයට ගත් ඡායාරූප ශිල්පියා

තම මරණය ඡායාරූප ගතකළ ඡායාරූප ශිල්පියෙකු පිළිබද සංවේදී අවස්ථාවක් වාර්තා වන්නේ මිසර දේශයෙනි. 

ඊජීප්තු ඡායාරූප ශිල්පියෙකු වන ඔහු අහමඞ් සමීර් අසෙම් (26) නැමැත්තෙකි. අහමඞ් ඊජීප්තුවේ පුවත්පත් සමාගමක නිදහස් ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කරනවා.

කයිරෝ නගරයෙහි බලයෙන් පහකරන ලද ජනාධිපති මොහොමඞ් මෝසී රදවා ගෙන සිටිතියි විශ්වාස කරන ජනරජ මුරකාය පිටත ගොඩනැගිල්ලක ඉහළ සිට ඔහු ඡායාරූප ගත කරමින් සිටියදී මෙම වෙඩි පහරට ලක්ව තිබෙනවා. ගරිල්ලා සෙබලෙකු ඔහු ඉලක්ක කර ගනිමින් වෙඩි තබන දසුනක් ඔහුගේ කැමරාවෙහි සටහන් වී ඇති බව සදහන්ය.