Ads 468x60px

.

නළුවෙකුට හිතින් ආදරය කර අමාරුවේ වැටුණු ගැහැනියක්

තවමත් වයස විසි ගණන් වල පහුවන මේ තරුණ කාන්තාව ඊට දෙවසරකට කලින් විවාහ ජීවිතයට ඇතුළත් වී තිබුණා. ඒ දෙමවුපියන් ගෙනා යෝජනාවකින්. 

ඇගේ සැමියා ඇයට වඩා වසර දොළහකින් පමණ වැඩිමහල්. ඔහු ටියුෂන් ගුරුවරයෙක්. මිල මුදල් වගේම මිල වැඩි සැප වාහනයකුත් ඔහු සතු වුණා. මේ කරුණුවලට අමතරව ඔහුට අලුතෙන්ම තැනූ අලංකාර නිවසක් තිබිමත් මේ විවාහය සිදු කිරීම සඳහා විශේෂිත සුදුසුකම් ලෙස තරුණියගේ දෙමාපියන් සැලකුවා. 

බාහිර සැප සම්පත් කෙසේ වෙතත් මේ විවාහය තුළින් එම තරුණිය කිසිදු මානසික සතුටක් නම් ලැබුවෙ නෑ. ඒකටත් හේතු තිබුණා. ඔහු මැදි වයසේ පසුවුණු කෙනෙක්. නමුත් ඇය තරුණ වියේ පසුවීම තුළ ඔවුන් අතර ආකල්පමය වෙනසක් පැවැතියා. තරුණ වයසේදී ඇය අපේක්ෂා කළ සුන්දර සිහින ලෝකය සැමියා වෙතින් ඇයට අත්දකින්නට ලැබුණෙ නෑ. 

ලංකාව යන්නේ සෝමාලියානු මොඩලයට

නීතිය යුක්තිය වල් වැදී තිබෙන ශ්‍රී ලංකාව දැන් යන්නේ සෝමාලියානු මොඩලයේ මැර බලය සහිත කොල්ලකාරී සමාජයකට බව දැරණියලග නුරිය වතු යායේ වතු අධිකාරී නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා ඝාතනය මගින් පෙන්නුම් කරයි.

මෙම වතු අධිකාරී වරයාව ම්ලේච්ඡ ලෙස කපා කොටා දමා තිබුණේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහත් ඔහුගේ බෑනා කෙනෙක්‌ වන අමිල වසන්ත විජේසිරිත්, උන්ගේ මැර හමුදාවත් විසින් බව කියෑවිනි. 

පොලිස්‌ වාර්තා අනුව දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ මිනී මැරුම් තුනක්‌ පිළිබද චෝදනා එල්ල වුවෙකි. දැවැන්ත කොල්ලකෑම් දෙකක සැකකරුවෙකි. මීට අමතරව හිටපු ප්‍රාදේශීය ලේකම් වරයෙකුගේ ගෙල කපා මරා දැමීමට උත්සාහ කළ අපරාධකාරයෙකි.

ආණ්ඩුවෙන් ගෙවල් හිඟමන් අයදින ලාංකික කලාකරුවා

ලංකාවේ ඕනෑම කලාකරුවෙකු දෙන මාධ්‍ය සාකච්ඡාවක් දෙස බලන්න. සාකච්ඡාව අවසානයේ කලාකරුවා ආණ්ඩුවෙන් පිනට ගෙයක් අයදියි.  

ශරීර සනීපය හොඳින් තියන කාලයේ මුදල් හම්බ කරන මොවුන් බොහෝ දෙනෙකු දෙයක් දොරක් ගැන හිතන්නේ විශ්‍රාම යන විටය. ඒ අතින් බලන කල වැසිකිලි අමදින කම්කරුවා මේ ලාංකික කලා කරුවන්ට වඩා අදීන බැවින් යුක්තය.